ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුවේ (එම්.බී.එස්.එල්) ප්‍රධාන කොටස් අයිතිය විකිණීමට යතියි ද, එය ප්‍රබල ලෙස සේවකයන්ට ද බලපාතියි ද කියමින් බ්‍රහස්පතින්දා (21) කොම්පඤ්ඤ වීදිය එම්බීඑස්එල් බැංකුව අසලදී උද්ඝෝෂණයක් පැවැත්විණි.
බැංකු සේවකයෝ විශාල පිරිසක් ඊට සහභාගී වූහ.
එම බැංකුවේ දිවයින පුරා ශාඛා 62ක සේවක සේවිකාවන්ගේ සහභාගීත්වයෙන් ලබන සඳුදා (25) උදේ 9.30 පාගමනක් ආරම්භ කර අරලියගහ මැදුර දක්වා ගොන් ඒ ගැන ජනපතිට සංදේශයක් බාර දීමට ද නියමිත බව බැංකු සේවකයෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමාවෙන්න මේක බැංකුවක් නෙමෙයි ඉන්සුවරන්ස් එකක් නේද? (නදී);
එහෙනම් මේකට බැංකුව කියන්නේ ඇයි. (නි)
ඔව් ඔව් විකුනන්න එපා... වික්කොත් මෙතන බෙරිහන් දෙන, ඊනියා ජාතිවාදියන්ට අයිස් ගහන්ට, පාගා කන්ට, මිනිස්සුන්ගේ කාලේ කන්ට, නිකන් ඉදන් පින් පඩි ගන්ට, මැච් බලන්ට බැරිවෙනවා... (ස)
අර සේනා මේ සේනා දාල මේක පොඩ්ඩක් සෙට්ල් කරලා දැම්මනම් හරිනේ.... (ස)
ඔය විදිහට කෑ ගහන්න ගියොත් ගනුදෙනුකරුවන් බය වෙයි. කොටස් විකිණූ ආයතන කොච්චර තිබෙනවද? ඕක දැක්ක ගමන් මගේ සල්ලි තිබුනා නම් මම ගන්නවා (නි)
බලන කෙනාට දාල තියෙන ෆොටෝ එකේ බෝර්ඩ් එක දැක්කත් මේක ඉන්ෂුවරන්ස් එක කියලා පැහැදිලි වෙනවා.(නදී)
සේවකයන් හොඳට වැඩකලොත් කොටස් මිල ඉහල ගිහින් මේ අයටම තමා හොඳක් වෙන්නේ. (නදී)
මේක මර්චන්ට් බැංකුව නෙවෙයිනේ. ඉන්ෂුවරන්ස් එකනේ. මේකේ ඉන්නේ හොරු රැලක්. මර්ච්න්ට් බැංකුව මේක විකුණන එක නං හොඳ වැඩක්. බැංකුවේ කොටස් කරුවෝ මේකට ඉහලින්ම කැමතියි.(නදී)
මර්චන්ට් බැංකුව ඉන්න අය මේකට උඩින්ම කැමතියි. මොකද බැංකුව අවුරුදු 6ක් ලොස්. ලොස් එක වහගන්ඩ යන්නෙ, ප්‍රොෆිට් තියෙන ඉන්සුවරන්ස් එක විකුනලා. හොරු ටික සල්ලි බෙදාගෙන ප්‍රොෆිට් කරපු ඉන්සුවරන්ස් සෙවකයො ගෙදර යවලා. හෙන ගහනව මේ වගේ අපරාධ වලට. (නදී)
මේකත් වැටිලා රජයට පවරා ගනිද? (නදී)