IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


බෙන්තර සහ ගෝල්ඩන් මයිල් වල සංචාරක හෝටල් 7 වැහිලා

(විනීතා එම්  ගමගේ)

සංචාරක  ව්‍යාපාරයේ සියයට 12  ක වර්ධනයක් තියෙන බව ආණ්ඩුවේ නායකයින් ප්‍රකාශ කළත් බෙන්තර සහ ගෝල්ඩන් මයිල් සංචාරක  පුරවරයේ ප‍්‍රධාන හෝටල් 14 න් හතක් මේ වන විට වසා දමා ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී පියල් නිශාන්ත මහතා පැවසීය.

ආණ්ඩුව සියයට 12 ක වර්ධනය කියන්නේ පැමිණි සංචාරකයින් ගණන අනුව යැයි කී නිශාන්ත මහතා එයින් වැඩි පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් බවත් සංචාරක වීසා මත පැමිණි නමුත් ඔවුන් සංචාරක වීසා මත පැමිණෙන්නේ කම්කරුවන් ලෙස වැඩ කරන්නට යැයි ද කීය.

රොටි කාලා ප්ලේන්ටි බොන සංචාරකයින් ගේන්නේ නැතැයි රනිල් මහතා කියු බවත්  යුරෝ ඩොලර් අතපත ගාන සංචාරකින් පමණක් ගෙන්වන බවත් කියමින් කර ඇත්තේ මෙවැනි කටයුතු යැයි කියා සිටියේය.

බෙන්තර හා ගෝල්ඩන් මයිල් සංචාරක කලාපවල හෝටල් කාමර 500 ක් මේ වනවිට වැසී තිබීමෙන් රුපියල් ඩොලර් බිලියන 2.7ක පාඩුවක් සිදුවී ඇතැයි ද හෙතෙම කියා සිටියේය.

පියල් නිශාන්ත මහතා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  පක්ෂ මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේ දීය.



අදහස් (11)

බෙන්තර සහ ගෝල්ඩන් මයිල් වල සංචාරක හෝටල් 7 වැහිලා

Ajith Monday, 08 October 2018 09:52 PM

සංචාරකයෝ යන්නනේ ඔවූන් කැමති තැන්වලට. බෙන්තර දැන් ඔවූන්ට අවශ්‍ය දේ නැතුව ඇති.

:       297       286

theshan Tuesday, 09 October 2018 03:11 AM

මොකද දැන් එන සංචාරකයන් තමන්ගේ කෑම බීම සහ ගමන් වියදම් පුළුවන් තරම අඩුවෙන් කරගන්න බලන්නේ. ඕකට වග කියන්න ඔනත ඔය සමහරක් හෝටල් සහ සංචාරකයන් බිලිගන්නා අය....... හොඳට මතක තියාගන්න අපි කොහේ හරි රටක ගිහින් අපිට අපහසුවක්, එහෙම නැත්නම් වංචාකාරී දෙයක් වුනොත් අපි කට වහගෙන එනවා.

:       2       45

himal Tuesday, 09 October 2018 04:56 AM

මේ කියන්නෙම මෝඩ කතාවක්. ලංකාවට එන සංචාරකයින්ගෙන් බහුතරය ඉන්දියානුවන් වීම ඇරඹුනේ වසර 5කට විතර පෙර සිට. මහජන නියෝජිතයෙකු ලෙස සංචාරක වීසා මත ඇවිල්ලා යමෙක් ‍රැකියා කරනවා කියලා දන්නවා නම් කරන්න ඕන අපිට ඒක කියන එක නෙවෙයි ඒ ගැන නීතිමය පියවර ගැනීමට අදාළ ආයතන දැනුවත් කරන එක. ඒකටයි ඔවුන්ට බලය දීලා තියෙන්නේ. අනෙක් අතට එයාගේ පැත්තේ යම් හෝටල් ගණනක් වැහිච්ච එක ඒ ප්‍රදේශයේ ප්‍රශ්නයක් මිසක් රටේ සංචාරක කර්මාන්තයේ ප්‍රශ්නයක් නෙවෙයි. හෝටලයක කාමර විකුණන එක නෙවෙයි සංචාරක කර්මාන්තය කියන්නේ. මේ පාඩුව කියලා ගණනය කරලා තියෙන්නේ හිතළුවක්. ලංකාවේ කිසිදු සංචාරක හෝටලයක වසර පුරාම සියලුම කාමර පිරී පවතින්නේ නෑ.

:       463       488

ajithTuesday, 09 October 2018 05:46 AM

එයාට බලය නැහැ . විපක්ෂේ ඉන්නේ

:       32       112

himalTuesday, 09 October 2018 08:01 AM

ආණ්ඩු පක්ෂෙද විපක්ෂෙද අදාළ නෑ මහජන නියෝජිතයෙකුගේ බලය කියන දේ ලැබෙන්න. එකම දෙය බලයේ එක් මූලාශ්‍රයක් විය හැකි අධිකාරිය කියන දේ විපක්ෂයේ ඉද්දි සීමිතයි. ඒත් සාමාන්‍ය සිවිල් පුරවැසියකුට එහා ගිය බලයක් විපක්ෂයේ වුවත් මන්ත්‍රී කෙනෙකුට හිමියි.

:       19       37

Ranjan Tuesday, 09 October 2018 10:26 AM

කවුරු මොනවා කීවත් ලංකාවට දැනට පැමිණෙන්නේ ඉතාම අඩු අදායමක් ලබන සංචාරකයන් වගේම ඔවුන් හෝටල් වල නවතින්නේ නැතිව පුද්ගලික නිවාස සහ කුඩා නවතන් වල සිට ඉතාම අඩුවෙන් කල බීල බස් එකකේ දුම්රියේ ගිහින් ආපසු යනවා. හෝටල් වල නැවතීම තව දුරටත් ලඟදිම් අඩු වෙනවා

:       11       85

ase Wednesday, 10 October 2018 07:10 AM

සංචාරකයින්ට ත්‍රී වීල් පදවන්න බලපත්‍ර තිබේද? ඔය දේ වලින් අපේ රට කෝලම් මඩුවල් වෙනවා නේද?

:       10       4

lakmal Tuesday, 09 October 2018 11:00 AM

ඇත්ත තත්වය නම් ලංකාවට පැමිණෙන බොහෝ සංචාරකයින් ආදායම් තත්වය පහල අයයි. හෝටල් හිමියන් හෝටල් ගාස්තු අඩු කලොත් ඔය කියන සංචාරකයින් හෝටල් වලට එයි.

:       1       71

nishantha Tuesday, 09 October 2018 03:33 PM

යන්න ත්‍රිකුණාමලය පැත්තට. ඔය සංචාරකයෝ නෑ කියන කතා අමූලික බොරු බව පෙනේවි. පරණ තැන් වලට වඩා අලුත් තැන් වලටයි කට්ටිය යන්නේ

:       12       169

ravi Wednesday, 10 October 2018 12:26 PM

බෙන්තර කුඩු මත්ද්‍රව්‍ය අඩුවෙනකොට, සංචාරකයොත් අඩුවෙනවා. පුදුමවෙන්න එපා ..!

:       16       0

sam Thursday, 11 October 2018 06:52 AM

ලංකාවට එන ලාංකික සම්භවයක් සහිත විදේශීය පුරවැසිභාවය ලැබුවනුත් ගණන් ගැනෙන්නේ සංචාරකයන් හැටියටයි. ඉස්සර එහෙම අය හිටියේ අඩුවෙන්. ඔවුනුත් ලංකාවට ආවේ කලාතුරකින් . දැන් ඒ තත්වය වෙනස් වෙලා. ඉස්සර කස්ටම් එකේ විදේශීය පාස්පෝට් පෝලිමේ බොහෝ වෙලාවට ලාංකිකයෝ කව්රුවත් දකින්න නැතිවා වාගේම කලාතුරකින් එන (ලාංකික) විදේශීය පුරවැසියන්ගේ කිසිවක්ම පරීක්ෂා කලේ නැහැ. නමුත් දැන් ඒ තත්වය වෙනස් වෙලා

:       1       20

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 29360 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18227 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 11618 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 719 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 214 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 864 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site