IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ප්‍රයිම් ලෑන්ඩ් ව්‍යාපෘතියකට තවත් ඩො.මි. 65ක ආයෝජනයක්

භානුක අමරසිංහ


ප්‍රයිම් ලෑන්ඩ් රෙසිඩෙන්සීස් පීඑල්සී සමාගම මගින් ඉදිකරන The Colombo Border ව්‍යාපෘතිය තවදුරටත් පුළුල් කිරීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) අනුමැතිය හිමිව ඇතැයි පවසයි.

ඒ අනුව මෙම අනුමැතියත් සමගින් එම ව්‍යාපෘතිය වෙනුවෙන් තවත් එක්සත් ජනපද ඩොලර් මිලියන 65ක ආයෝජන පහසුකමක් හිමිව ඇතැයිද එම සමාගම සඳහන් කරයි.

ප්‍රයිම් ලෑන්ඩ් රෙසිඩෙන්සීස් පීඑල්සී සමාගම 2023 ඔක්තෝබර් මාසයේදී දියත් කළ මෙම The Colombo Border ව්‍යාපෘතියේ ඉදිකිරීම් 2024 වසරේ අප්‍රේල් මාසයේදී ආරම්භ කෙරිණි. කොළඹ - නුවර ප්‍රධාන පාරේ පෑලියගොඩ නගරයේ පිහිටි මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු Sanken Construction සමාගම මගින් සිදු කරයි.

මෙය ප්‍රයිම් ලෑන්ඩ් රෙසිඩෙන්සීස් පීඑල්සී සමාගමේ 43 වැනි ව්‍යාපෘතිය වෙයි. නිවාස එකක 484ක් සහිත එයA,B සහ Cලෙස කුලු‍ණු තුනකින් සමන්විත වන අතර, අක්කර 6.9ක භූමියක් පුරා එය ව්‍යාප්තව පවතී. එම භූමියෙන් සියයට 75 ක් විවෘත අවකාශයටත්, සියයට 25 ක් ගොඩනැගිලි ඉදිකිරිම් සඳහාත් වෙන් කර තිබීම මෙම ව්‍යාපෘතියේ විශේෂත්වය බවත් සමාගම පවසයි.



අදහස් (0)

ප්‍රයිම් ලෑන්ඩ් ව්‍යාපෘතියකට තවත් ඩො.මි. 65ක ආයෝජනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 10 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site