විදුලි ගාස්තු ඉහළ යෑම නිසා පාන්,බනිස් ඇතුළු බේකරි නිශ්පාදන වල මිල ඉදිරියේදී ඉහළ යෑමට නියමිත යැයි පැතිරෙන කටකතා වල කිසිදු සත්‍යතාවක් නැතැයි සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය කියයි.
සංගමයේ ප‍්‍රධානී එන්.කේ.ජයවර්ධන මහතා ප‍්‍රකාශ කර සිටින්නේ එවන් තීරණයක් මෙතෙක් තම සංගමය විසින් ගෙන නොමැති බවයි.බේකරි ආශ‍්‍රිත නිශ්පාදන වල මිල වැඩි කිරීමට සිදුවනු ඇත්තේ තිරිගු පිටි මිල ඉහළ ගියහොත් පමණක් යැයිද ඔහු පවසයි.
මිල ඉහළ යන්නේ නම් ඒ බව සිය සංගමය විසින් දැනුම්දෙනු ඇති බව ඔහු කියා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම කියන්න වුණාට කණගාටුයි.දැන් හැම දේම මිල වැඩි කරලා කරලා ඇති වෙලාද කොහෙද.මිල වැඩි කරනවා වෙනුවට ප්‍රමානේ කුඩාකිරිම,බර අඩු කිරීම තමා වැඩිපුරම කරන්නේ."ටිකිරි,බන්ටි,සශේ ,මිනි" කියලා හැමදේම කුඩා කරලා.මම ලගදි දැක්කා එක උපත් පාලන කොපුවක් පමණක් දාපු පැකට් එකක් තියනවා බන්ටි කියලා. (නි)
වැඩිම උනොත් පාන් ගෙඩිය, බනිස් ගෙඩිය පොඩ්ඩක් පුංචි වෙයි. ඕක ඉතින් ඔයතරම් ගනන් ගන්න දෙයක් නෙවෙයි.(නදී)
නීලා, ඒකට ඒ නම දැම්මට කමක් නැහැ. මොකද හුරතල් නමක්නේ ඒක. (නි)
කලින් පාන්වලට සැර වැදුනද ආ... මිශ්‍රණයට පිටිවලට අමතරව තව යමක් එක් කරල තිබුනද ?(ස)
පාන් පුළුස්සන්නේ ඉර එලියට අල්ලලද? (නි)
මිල ඉහල යන්නේ නැහැ හැබැයි බර අඩුවෙනවා. මොකෝ දැන් ටිකිරි මොලෙන් වෙලදාම් කරන්න වෙලයි තියෙන්නේ. ගාන වැඩි කළොත් වෙළදාම වැටෙනවා.මිනිස්සු බනිනවා.දෙගොල්ලොම ගොඩයන්න නම් බර අඩු කරන්න වෙනවා. (නි)
පාන් රාත්තල හුළගේ පාවෙනවා.ආප්පෙන් අහස පෙනෙනවා.ඉදි ආප්පෙට පිම්බොත් පුලුන් රොදක් සේ පාවෙලා යන්නේ. ඇහුවම කියන්නේ ගාන වැඩි කරන්නේ නැහැ කියලා.බර අඩු කරනවද කියලා කවුරුත් ඇහුවේ නැද්ද.ඇහුවත් නැහැ කියයි මොකෝ ඔවු කියන්නද. (නි)