කොළඹ නව රෝහලේ නවතම සී ටී ස්කෑනරය රෝහලේ සභාපති ජයන්ත ධර්මදාස මහතාගේ ඇරියුමින් මහින්ද රාජපක්ෂ ජනපති අද විවෘත කළේය.
නවීන තාක්ෂණයෙන් සමන්විත මෙම ස්කෑනරය දකුණු ආසියාවේ රෝහලක ස්ථාපිත කළ මුල් අවස්ථාව මෙයයි.
ජපානයේ ටොෂිබා සමාගම මෙම යන්ත්‍රය නිෂ්පාදනය කැර ඇත.
සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන ඇමැති ඒ එච් එම් ෆවුසි යන මහත්වරුද පැමිණ සිටි අය අතර වුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ එක් තැනක හෝ මෙවැන්නක් ස්ථපිත කිරීම වැදගත් දෙයක්.ඒ පිළිබඳව මගේ ප්‍රණාමය නවලෝක රෝහල් සමාගමටම. (අ)
අපේ රටට ඉතාම වටිනවා,ජයවේවා ! (ත)
දේශබන්ධු දේශමාන්‍ය එච්.කේ. ධර්මදාස මැතිතුමනි, ඔබ විසින් සිදු කරන ජාතික මෙහෙවරට අපගේ උණුසුම් සුබපැතුම් පිරිනමමු. ශ්‍රී ලාංකික වන අප හට ඔබ ඉතා වටිනා පුද්ගලයෙකි. උදාර පුරුෂයෙකි. ජාතියට අභිමානයකි. අසරණ ජීවිත වෙනුවෙන් ඔබගේ මෙහෙවර ලබා දීමට අවශ්‍ය දීර්ඝායුෂ, ශක්තිය හා වාසනාව තව තවත් ලැබේවා!(ත)
සෝමදාස, 'නවලෝකේ' පුණ්‍යායතනයක් නොවේ මුදල් රැස් කෙරීමේ ව්‍යාපාරයකි. එබැවින් ඔබේ ඉල්ලීම ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමතිවරයාට යොමු කර රජයේ රෝහලකට මෙවන් නවීන 'සී ආර් ටී ස්කෑන්' යන්ත්‍රයක් ගන්න බලන්න එවිට ඔබට ලක්ෂ ගණන් පුද නොකර නොමිලේම පරීක්ෂණ කර ගන්න පුළුවන් වේවි. (අ)
ඉංජිනේරු සේවය දැනටමත් ජය අරගෙන ඉවරයි....මෙවන් විශ්මිත දේවල් සියල්ලම කරන්නේ ඉංජිනේරු විද්‍යාවට පින් සිද්ද වෙන්න..නමුත් ලංකාවේ මිනිස්සුන්ට ඒකෙ අගයක් නැටි එක තම අවුල...(අ)
ඕක හයි කලාට කීයෙන් කී දෙනාටද 'ගාන' ගෙවල පරීක්ෂණයක් කරගන්න පුළුවන්. ආණ්ඩුව පම්පෝරි ගහන්නේ නැතුව නාස්ති කරන මුදල් වලින් මේවා කීයක් නම් ආණ්ඩුවේ රෝහල් වල සවි කරන්න පුලුවන්ද. හයි කරොත් හිතවත්තුගේ 'බිස්නස්' අඩු වන නිසා එක කරන්නෙත් නැහැ. (අ)
ඔතන සිටින අයව මුලින්ම ස්කෑන් කර මොළය තිබෙන තැන සොයදෙමු. (අ)
ඉතාම වටිනා දෙයක්. ජනපතිතුමා ඇතුළු සියලු දෙනාටම ගොඩාක් පිං (දිල්)
අසරණ ලෙඩ්ඩුන්ට නොමිලේ සේවාව ලබා දෙන්න පුළුවන්නම් තමා හොද .(දිල්)
වෛද්‍ය සේවය පරදා ඉන්ජිනේරු සේවය ජය ගනීවිද? (අ)
මේකෙන් ස්කෑන් වෙන්නේ ලෙඩ රෝග වලට වඩා මිනිසුන්ගේ පොකට්ටුවයි (දී)
කොහොම කොහොම හරි කමක් නැහැ වැඩේ වෙනවානම් එච්චරයි (දී)
දේශමාන්‍ය එච්.කේ. ධර්මදාස මැතිතුමන් දිවංගත වූ බව මිණිරුවන් මහතාට දැනගන්න ලැබී නැති පාටයි. නවලෝක ව්‍යාපාර නිර්මාතෘ එතුමන් සිහිකර අපි නිරන්තරව පිං අනුමෝදනා කරන්නෙමු. උතුම් සත්පුරුෂ ගුණ දරුවන්ටද ඇති බව දන්නෙමු. ජයන්ත ධර්මදාස මහතා ඇතුළු නවලෝක රෝහලේ හැමට සුභ පතමු.(දිල්)
අනේ හොදයි (දී)
එතකොට අර හැරිහැටි නඩත්තු නොකල කැඩුනු ස්කෑනර් යන්ත්‍රයක් නිසා මියගිය දරුවාගේ සිද්දියට මොකද උනේ? ඒ දරුවාට සාදාරනයක් ඉටු උනාද? (අ)_
ඔබ දන්නවද මේකෙන් කෙරෙන සේවයට අය කරන මුදල? සුපිරි පන්තියේ සුපිරි ලෙඩ්ඩුන්ට මේක හොදයි ඒත් දුප්පත් ලෙඩ්ඩු දහස් ගානක් මලත් මේකෙන් ප්‍රතිකාර කරයිද? (නදී)
එක අපට හොඳ ආරංචියක් (දී)
කලින් මිය ගිය දරුවට සාධාරණය ඉස්ට කරන්න. (නදී)
දුප්පත් මනුස්සයින්ට මේවා හීන.(නදී)
අර ළමයා මැරුණ වෙලාවේ පෙර තිබුන ස්කෑනරය හරියට ක්‍රියා කලේ නැහැ කියලා අප කිව්වාම මෙයාලා විවිධ කතා කිව්වා. කොහොම හරි අලුත් එකක් ගෙනාව එක හොඳයි. (නදී)
එක බෝහොම වටිනවා (දී)
ඔය ස්කෑනරය අර අසරණ චූටි දූගේ නමින් නම් කරන්න.(නදී)
ඕක විකුනලා අර මැරුනු ළමයාට වන්දි ගෙවන්න. (අ)
ලෝකවාසී දනෝ සුවපත් වේවා (දී)
සි ටි සි ස්කෑන් කාමරයට සාමාන්‍යෙයන් යන්නේ විෂ බීජ නොයන්න නාසය අත් දිග ලෝගු දිගටම දාගෙන.(නදී)
අපි පක්ෂ භේධ නැතුව කතා කලොත් ඉහා වටිනා වැඩක් (දී)
මෙවැන්නක් රජයේ රෝහලක සවි කළා නම් වටිනවාද?(දිල්)
මෙයට අර නැතිවුණා දුවගේ නම දාන්න. (අ)
නව ලොවත් සමග සියල්ල වෙනස් වියයුතුයි (නි)
මෙවැනි නවීන තාක්ෂණික උපකරණ ස්ථාපිත කිරීම යහපත් දෙයක්. සාධාරණ ගාස්තු අය කිරීමට ද හිත් යොමුවේවා. (දී)
දියුණු රටවල්වල මේවට සහභාගී වෙන්නේ දොස්තරලයි ලෙඩුන් පමණි (අ).
මේවා ගේන්න කලින් අර නැතිවුනු ළමයාට වන්දි ගෙවලා හිටියාද? (අ)
සල්ලි ඇති අයට සතුටු වියහැකි දෙයකි,? (නදී)
මිනිහෙක් දවසක් හෝ ජිවත් වෙනවානම් ඒ දේ මාර පිනක් (දී)
මට මතකයි පොඩි ළමයෙක් මිය ගියා මෙවන් යන්ත්‍රයක් තුල (දී)
මෙය විවෘත කරලා තියෙන්නේ නවලෝක රෝහලේ. රජයේ රෝහලේ නෙමෙයි. දැන් ඉතින් සල්ලි හොයා ගන්නත් ඕනැනේ මේවට යන්න.(නධී)