ගෘහ සේවිකාවන් ලෙස ගල්ෆ් සහයෝගීතා කවුන්සිලයේ හා මැදපෙරදිග රටවලට යන ලාංකික ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව පසුගිය වසරේ 16 % කින් ඉහළ ගොස් තිබේ.
සෞදි අරාබිය, කුවේට් සහ කටාරය යන රටවලට මැදපෙරදිග ගෘහ සේවය සඳහා ලාංකිකයන් ගමන් කරන ප්‍රධාන ගමනාන්තයන් වේ. ඊට අමතරව ජපානය සහ දකුණූ කොරියාව වැනි ප්‍රසිද්ධ රටවලට ද ලාංකිකයන් ගෘහ සේවයට පිටත්ව යයි.
2018 දී ගෘහ සේවය සඳහා ශ්‍රී ලංකාවෙන් පිටව ගිය සංඛ්‍යාව 64,965 කි. 2017 දී ගෘහ සේවය සඳහා ශ්‍රී ලංකාවෙන් පිටව ගිය සංඛ්‍යාව 55,884 කි. ඒ අනුව 2017 ට සාපේක්ෂව ගෘහ සේවයට මැදපෙරදිග රටවලට ගිය ලාංකිකයන් සංඛ්‍යාව ඉහළ අගයක් ගනී.
ශ්‍රී ලාංකිකයන් බඳවා ගැනීමේ නියෝජිතයකු වන අබ්දුල් රහමාන් මහතා මෙසේ පැවසීය.
කාන්තාවන් වැඩ කරන පැය ගණන සීමා කර ඇති බවත් වෙනත් රටවලට වඩා වැඩි වැටුප් සහිත රැකියාවක් සොයා ගැනීමට හැකිවන බවත් ඔහු කීය.
වර්තමානයේ දී මැදපෙරදිග රටවල ශ්‍රී ලාංකිකයන් මිලියන 1.5 ක් සිටින බව ඇස්තමේන්තු කර තිබේ.
(28535)
COMMENTS
එහෙනම් බයවෙන්න දෙයක් නැහැ. තව ඩියුටි ෆ්‍රී කාර් වටයක් ගෙන්නගන්න පුළුවනි.
කතා කළොත් සංවර්ධනය ගැන කතා කරන්නේ.... නිදහසට කලින් ලංකාවේ මිනිස්සු වෙන රටවල ගෘහ සේවයට ගියේ නැහැ. ගියානම් ගියේ 1977න් පසුව. රනිල් විලි ලජ්ජා විය යුතුයි.