
ලොවපුරා රොටරි සාමජිකයන් ගෝලීය වශයෙන් අධ්‍යයනයට එකට මුනගැසෙන සුවිශේෂී අවස්ථාවක් වන්නේ රොටරි ජාත්‍යන්තර සමුළුවයි.
මෙවර 2024 සමුළුව ලොව පුරා විසි පන්දහසකට අධික රොටරි සාමාජිකයන් සිංගප්පූරුවේ සුන්දර නගරයට ආකර්ෂණය කර ගනු ඇත. ලෝකය අත්විඳින අභියෝගවලට විසඳුම් සෙවීම සඳහා ගෝලීය නායකයන් එක්වන සංස්කෘතික විවිධත්වය සඳහා ජාත්‍යන්තර විෂය පථය සහ කැපවීම ලබා දී ඇති කුඩා එක්සත් ජාතීන්ගේ සංවිධානයක් ලෙස ඇතැමුන් මෙම උත්සවය විග‍්‍රහ කරයි.
ශ‍්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ප‍්‍රථම කාන්තා රොටරි ආණ්ඩුකාරවරිය, රොටරි පදනමේ වාර්ෂික සම්මේලනයේ දී පැවැත්වෙන පරිත්‍යාගශීලීන්ගේ සමුළුවේ කථිකයකු ලෙස තෝරාගෙන ඇත. ජාත්‍යන්තර රොටරි සංවිධානයේ සභාපති ගෝර්ඩන් මැකිනලි මෙම වසර තේමා කර ඇත්තේ ‘‘ලෝකයේ බලාපොරොත්තුවක් ඇති කරන්න’’ ලෙසයි.
සම්මානලාභී ව්‍යාපාරික වෘත්තිකයකු වන ගෞරි රාජන් මහත්මිය මහනුවර කුණ්ඩසාලේ හි පිහිටි සන් මැච් සමාගමේ අධ්‍යක්ෂවරිය වන අතර ඇය ආරක්‍ෂිත ඉටි ගිනිකූරු වෙළඳපලෙහි ප‍්‍රමුඛයා වන අතර අද විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයකි.
සමුළුව මැයි 25 සිට 29 දක්වා මරීනා බේ සෑන්ඞ්ස් එක්ස්පෝ සහ සම්මේලන මධ්‍යස්ථානයේ ජාතික ක‍්‍රීඩාංගනයේදී පොදු සැසිවාර පැවැත්වීමට නියමිතය.
මෙම වසරේ සංස්කරණයේ සුවිශේෂී ලෝක මට්ටමේ කථිකයන්, අද්විතීය සියුම් භෝජන අත්දැකීම් සහ සංස්කෘතික ආකර්ෂණ විශේෂාංග ඇතුළත්, ලෝකයේ අති නවීන මානුෂීය ගැටළු පිළිබඳ අවධානය යොමුවන සමූහ සාකච්ඡාවන් මෙහි න්‍යාය පත‍්‍රයේ සැලසුම් කර ඇත.
2025 දෙසැම්බර් මස 16
72
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
872
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
615
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ගෞරි රොටරි ජාත්‍යාන්තර සමුළුවට යයි