IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


කුඩා - මාධ්‍ය ව්‍යාපාර නංවන්න ප්‍රමාණවත් සහායක් නෑ

 


  • මහ බැංකුව විසින් නිකුත් කරන ලද චක්‍රලේඛ සමඟ එකඟවෙන්න බෑ
  • බැංකු ණය ලබාදීමේදී මේ චක්‍රෙල්ඛ පිළිබඳ කිසිදු සැලකිල්ලක් නෑ
  • ණය ප්‍රතිව්‍යුහගත කිරීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවටත් චෝදනා
  • දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 52 කට දායකත්වය සපයන්නේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය
  • ලක්ෂ 50 කට වැඩි රැකියා සංඛ්‍යාවකටද වග කියන්නේද ඔවුන්
  • පොලිය අඩු කිරීමකින් තොරව ලබාදී ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීම ඵලදායී නොවේ
  • දේපළ 1400 ක් පමණ අත්පත් කරගෙන

ප්‍රතිපත්තිමය වැරදි සහ ආර්ථික අර්බුදය හේතුවෙන් කඩාවැටුණු සිය ව්‍යාපාර නැවත නඟා සිටුවීමට ප්‍රමාණවත් සහායක් තවමත් ලැබී නැතැයි මෙරට ආර්ථිකයේ කොඳු නාරටිය බඳු කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෝ පසුගියදා නැවත වරක් අවධාරණය කළහ. මේ සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමු වියයුතු බවද ඔවුහු ප්‍රකාශ කළ.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ට මෙතෙක් කිසිදු සහනයක් ලබා දී නොමැති බැවින් පසුගිය සැප්තැම්බර් 24 සහ ජනවාරි 1 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද චක්‍රලේඛ සමග එකඟ නොවන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ එකමුතුව ප්‍රකාශ කළේය.

එහෙත් එම චක්‍රලේඛවලට අනුව ණය ලබාදීමේදී ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ දත්ත වාර්තාව මත පදනම්ව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ඉදිරිපත් කරන ණය අයැදුම්පත් ප්‍රතික්ෂේප කිරීම සිදු නොකළ යුතු අතර බැංකු ණය ලබාදීමේදී මේ පිළිබඳ කිසිදු සැලකිල්ලක් නොදක්වන බවත් ලබාදී ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ එකමුතුව පැවැසුවේය.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය මෙරට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 52 කට දායකත්වය සපයන අතර මෙරට ශ්‍රී ලාංකිකයන්ගේ ලක්ෂ 50 කට වැඩි රැකියා සංඛ්‍යාවකටද වග කියයි.

“ශ්‍රී ලංකාව 2022 වසරේදී බංකොළොත්භාවය නිවේදනය කිරීමත් සමග බංකොළොත් වීමට පෙර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ගෙන තිබූ ණයවලට සියයට 30 ත් 35 ත් අතර පොලියක් එකතු කළා. වැඩි කළ බැංකු පොලී ගෙවීමට නොහැකිවීම හේතුවෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය දැඩි පසුබෑමකට ලක්වෙලා. 2019 වසරේ සිට එකතු කළ එම විශාල පොලිය අඩු කිරීමකින් තොරව ලබාදී ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීම ඵලදායී පියවරක් නොවන බව අපේ විශ්වාසයයි”‍ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ එකමුතුව ප්‍රකාශ කළේය.
ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේදී කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ගෙවිය යුතු සියලු‍ම මුදල් සියයට 10 ක් වැනි පහළ පොලී ප්‍රතිශතයක් මත ගෙවා නිම කිරීමට අවස්ථාවක් සලසා දිය යුතු බවද කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ එකමුතුව පැවැසුවේය.

මෙරට බැංකු, සාමාන්‍ය ගිණුම් සඳහා සියයට 7 ක පොලී ප්‍රතිශතයක් ගෙවන විට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ලබාගත් ණය සියයට 15 ත් 16 ත් අතර ඉහළ පොලී ප්‍රතිශතයක් යටතේ ගෙවීමට සිදුවන බව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවලදී දැනගත් බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ එකමුතුව ප්‍රකාශ කළේය.

ඉහළ පොලී අනුපාත හේතුවෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ට අභියෝග කීපයකට මුහුණදීමට සිදුව ඇති බවත් මේ සඳහා ඵලදායී විසඳුමක් සොයාගත යුතු බවත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ එකමුතුව පැවැසුවේය.

බැංකු 2023 වසරේදී ගැසට් නිවේදන හරහා දේපළ 1400 ක් පමණ අත්පත් කරගෙන ඇති බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ එකමුතුව ප්‍රකාශ කළේය. එලෙස දේපළ අත්පත් කර ගැනීම රැකියා විශාල ප්‍රමාණයක් අහිමි වීමට, සියදිවි නසාගැනීමවලට සහ පවුල් ප්‍රශ්න ආදියට හේතු වී ඇතැයි කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ එකමුතුව පෙන්වා දුන්නේය.

ව්‍යවසායකයන්ගෙන් බහුතරයක් බැංකු ණය ලබා ගැනීම සඳහා තම එකම දේපළ (නිවස හෝ සේවා ස්ථානය) ඇපයට තබා ඇති අතර ව්‍යාපාරය දියුණු කිරීමට තවත් ණය ලබා ගැනීමට අවශ්‍ය වූ විට ඔවුන් ගැටලු‍වලට මුහුණදෙන බව එම එකමුතුව ප්‍රකාශ කළේය. මෙම ගැටලු‍ව විසඳීම සඳහා මෙතෙක් කිසිඳු පියවරක් ගෙන නොමැති බවත් රජය ඒ සඳහා පියවරක් ගත යුතු බවත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ එකමුතුව පැවැසුවේය.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ගෙවීමට නොහැකි වූ සේවක අර්ථ සාධක අරමුදල/සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල, ආදායම් බදු සහ වැට් බදු ගෙවීම් සඳහා වසර 5 ක කාලයකට දඩ මුදල් ගෙවීමේදීද ව්‍යවසායකයන්ට අර්බුදවලට මුහුණදීමට සිදුව ඇති බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ එකමුතුව ප්‍රකාශ කළේය. හිඟ මුදල් ගෙවීමට අපොහොසත් වන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ට සියයට සීයක දඩයක් ගෙවීමට සිදුවන බවද කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ එකමුතුව පැවැසුවේය. ඒ හේතුවෙන් දඩ මුදල් නොගෙවා හිඟ මුදල් පමණක් ගෙවීමට ක්‍රමයක් හඳුන්වා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවද එම එකමුතුව ප්‍රකාශ කළේය.

 



අදහස් (0)

කුඩා - මාධ්‍ය ව්‍යාපාර නංවන්න ප්‍රමාණවත් සහායක් නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1609 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1387 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 492 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site