නිමල කොඩිතුවක්කු
කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටු පොළේ පිටත්වීමේ/සංක්‍රමණ ප්‍රදේශයේ ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක ආහාර පාන ජාල වල අලෙවිසැල් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
කටුනායක, බණ්ඩාරනායක ගුවන්තොටුපොළේ පිටත් වීමේ/ සංක්‍රමණ ප්‍රදේශයේ 20-D, 29-D, 39-D සහ 42-D යන අවකාශ 4 හි ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක ආහාර පාන ජාලාවල අලෙවිසැල් වසර 03 ක කාල සීමාවක් සඳහා ක්‍රියාත්මක කිරීමට යෝග්‍ය මෙහෙයුම්කරුවන් තෝරා ගැනීම පිණිස ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමේ ප්‍රසම්පාදන ක්‍රම වේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇත. ඒ සඳහා ලංසුකරුවන් 06 දෙනෙක් ඉදිරිපත්ව සිටිති.
ඒ ඒ සමාගම් එළැඹි කොන්ත්‍රාත්වල ඇතුළත් කොන්දේසිවලට අනුව එච්.එම්.එස් හොස්ට් සර්විස් ඉන්දියා සමාගමට ඇමෙරිකානු ඩොලර් මිලියන 1.57 ක් සහ ඊට අදාළ බදු ඇතුළත්ව 20ඩී කොටස ලබාදී ඇති අතර බැරිස්ටා කෝපි ලංකා සමාගමට ඩොලර් මිලියන 0.60 ක් සහ ඊට අදාළ බදු ඇතුළත්ව 29ඩී කොටස පිරිනමා ඇත. එසේම ජුබිලියන්ට් ෆුඞ් වර්ක් ලංකා සමාගමට ඩොලර් මිලියන 1.99 ක් සහ ඊට අදාළ බදු ඇතුළත්ව 39ඩී කොටසත් ගැමා පීසාක්‍රාෆ්ට් ලංකා සමාගමට ඩොලර් මිලියන 3.06 ක් සහ ඊට අදාළ බදු ඇතුළත්ව 42ඩී කොටසත් කොන්ත්‍රාත් පදනම මත ලබාදී තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd