IMG-LOGO

2025 නොවැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා


උපාධිධාරී ව්‍යවසායකයින් 146කට මුල්‍යමය ප්‍රතිලාභ

(රොමේෂ් ධනුෂ්ක සිල්වා)

විශ්ව විද්‍යාල පද්ධතිය තුළ සිටින නව ව්‍යාපාරික අදහස් ඇති උපාධිධාරි ව්‍යවසායකයින්ට සිය ව්‍යාපාර ආරම්භ කිරීමට සහ පවත්වාගෙන යාමට අවශ්‍ය මුල්‍යමය ප්‍රතිලාභ ලබාදීමේ ජාතික වැඩසටහන අද (08) කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ  මූලිකත්වයෙන්  කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

සෞභාගයේ දැක්ම රාජ්‍ය ප්‍රතිපත්තියට අනුව රට තුළ ශක්තිමත් දේශීය ව්‍යවසායක පරපුරක් නිර්මාණය කිරීම අරමුණු කොට ගනිමින්, කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ස්ථාපනය කොට ඇති ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය මගින් මෙම ප්‍රතිලාභ ලබාදෙන ලදී.

රට තුළ නව ව්‍යවසායකයින් බිහි කිරීම, විවිධාංගීකරණය සහ ප්‍රමිතිය ඔප් නැංවීම තුළින් පවතින ව්‍යාපාර සවිබල ගැන්වීම යන අරමුණු සදහා විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදි.

ඒ අනුව උපාධිධාරි ව්‍යවසායකයන් 146 දෙනෙක් වෙත රු 150,000ක අවමයකට සහ රුපියල් 400,000ක උපරිමයකට යටත්ව මුල්‍ය ප්‍රතිපාදන ප්‍රදානය කෙරිණි. ඔවුන් දේශීය ව්‍යවසායකයින් ලෙස බලගැන්වීමේ ඇති වැදගත්කමත්, ඉදිරියේදී තවත් උපාධිධාරි ව්‍යවසායකයින් වැඩි ප්‍රමාණයකට සිය ආයතනයේ සහාය ලබාදීමට සුදානමින් සිටින බවත් ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල්, සභාපති අනුෂ්ක ගුණසිංහ මහතා අදහස් දක්වමින් පැවසිය.

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් චුලානන්ද පෙරේරා, කර්මාන්ත අමාත්‍යංශයේ අතිරේක ලේකම් චමින්ද පතිරාජ, අමාත්‍ය උපදේශක සුනිල් හෙට්ටිආරච්චි, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ නිලධාරීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 



අදහස් (4)

උපාධිධාරී ව්‍යවසායකයින් 146කට මුල්‍යමය ප්‍රතිලාභ

irondi Wednesday, 09 December 2020 07:07 PM

උපාධිධාරීන්ට ආධාර දෙන 8 ෆේල් ඇමැතිලා ඉන්නකන් රට හබක්....

:       1       16

jagath G Thursday, 10 December 2020 11:22 AM

මෙයාලා උපාධියත් බාල්දු කරනවානේ

:       0       0

Priyanath Friday, 11 December 2020 08:09 PM

මයික් පිංපියෝ මහත්තයගේ මූණ ඉදිමෙන්නෙ ඉම්පෝටඩ් විස්කිවල සැරටද කැටගොඩ මහත්තයගෙ සැරටද...?

:       1       3

Rata Perata Thursday, 17 December 2020 05:13 PM

උපාධිධාරින් ඉස්සරහා තියාගෙන කතාකරන අය දැක්කාම.. ඉගෙන ගත්ත මෝඩකම කියලා හිතුණා...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 141 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 223 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1080 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site