IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


ආර්ථිකය පිළිබඳව ධනාත්මක බලාපොරොත්තු

නව රජයක් තේරී පත්වීමත් සමග රටේ ආර්ථිකය පිළිබඳව ව්‍යාපාරික ප්‍රජාව තුළ සුබවාදී අදහස් මෙන්ම ධනාත්මක බලාපොරොත්තු ඇතිව තිබෙන බව මෙරට ප්‍රමුඛතම ව්‍යාපාරික සඟරාවක් වන එල්.එම්.ඩී සඟරාවේ ජනවාරි කලාපයේ සඳහන් වේ.

ශ්‍රී ලංකාව දීර්ඝ කාලයක් තිස්සේ මුහුණ දුන් ආර්ථික අර්බුදය හමුවේ ජාතික ජන බලවේග රජය සිදුකරන බවට පොරොන්දු වූ වෙනස්කම් මෙරට ආර්ථිකය ස්ථාවරත්වයට සහ වර්ධනය කරා රැගෙන යාමට අවශ්‍ය වූ ව්‍යාපාරික ප්‍රජාවට දැනී ඇතැයි එල්.එම්.ඩී සඟරාව පවසයි.

පසුගිය නොවැම්බර් මාසයේදී ලබාගත් ලකුණු 154 ට සාපේක්ෂව දෙසැම්බර් මාසයේදී එල්.එම්.ඩී පෙපර් කියුබ් ව්‍යාපාර විශ්වාසනීය දර්ශකය පදනම් ලකුණු 20 කින් ඉහළ යමින් 174 දක්වා පැමිණ ඇතැයි එල්.එම්.ඩී සඟරාව කීය. එය 2020 වසරේ ජනවාරි මාසයෙන් පසුව ලැබූ ඉහළම ලකුණු සංඛ්‍යාව බවද එම සඟරාව පවසයි.

පසුගිය වසරේදී එල්.එම්.ඩී පෙපර් කියුබ් ව්‍යාපාර විශ්වාසනීය දර්ශකය අංක තුනක ලකුණක් කරා පැමිණි තෙවැනි අවස්ථාව මෙය බවද එම සඟරාවේ ප්‍රකාශිකාවක් කීවාය.

මහ මැතිවරණයට පෙර ආර්ථික වටපිටාව සම්බන්ධයෙන් ලැබුණු ප්‍රතිඵල පිළිබඳ අදහස් තවමත් ඒ ආකාරයෙන් පවතින බවත් කෙටි කාලීන හා දිගු කාලීන වශයෙන් විකුණුම් පරිමාව පිළිබඳ ශුභවාදී අදහස් එතැන් සිට වැඩිදියුණු වී ඇති බවත් පෙපර් කියුබ් උපදේශකයෝ පවසති.

 



අදහස් (0)

ආර්ථිකය පිළිබඳව ධනාත්මක බලාපොරොත්තු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 59 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 158 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1010 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site