ජාත්‍යන්තර ආර්යුවේද අපනයන සහ දේශීය සෞඛ්‍ය ආරක්ෂණ නිපැයුම් වෙළඳ ප්‍රදර්ශනය ජුලි මස 3,4,5, වැනි දින වලදී කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිත බව එහි සම්බන්ධිකරණ මෙහෙයුම් නිලධාරි රියාද් තානාපති කාර්යාලයේ වාණිජ ලේකම් ගයාන් රාජපක්ෂ මහතා කියයි.
මෙම වෙළඳ ප්‍රදර්ශනය සහ සම්මන්ත්‍රණය මගින් සියලු දේශීය සෞඛ්‍ය ආරක්ෂණ සේවා සහ දැනට භාවිතා වන දේශීය ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමවේදයන් ලොව පුරා ප්‍රචලිත කිරීම ප්‍රධාන පරමාර්ථය බව කියති.
ආයුර්වේද ශාඛසාර නිෂ්පාදන,පරිසර හිතකාමී සෞඛ්‍ය ආරක්‍ෂිත ආහාර පාන වර්ග මෙන්ම ,සෞඛ්‍ය මධ්‍යස්ථාන රෝහල් ආයුර්වේද සායන,අධ්‍යාපන ආයතන, යෝගා, කටු චිකිත්සාව, හෝමියෝපති, රුපලාවන්‍ය නිෂ්පාදන, ශාක සාර විලවුන්, ආලේපන වර්ග සහ ආයුර්වේද දේශීය වෛද්‍ය නිෂ්පාදන පිළිබඳ සම්මන්ත්‍රණ හා දේශන පවත්වනු ලබනුයේ ආයුර්වේද හා දේශීය වෛද්‍ය විද්‍යාව පිළිබඳ ප්‍රවීණ ලාංකික හා ජාත්‍යන්තර දේශකයන් විසිනි.
,මෙම සමුළුව පිළිබඳව වැඩි විස්තර සඳහා ගයාන් රාජපක්ෂ වෙළඳ ලේකම් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය රියාද් 00966504481634 09960 114608251 හෝ විද්යුත් තැපැල් [email protected] වෙතින් ලබාගත හැකිය.
2025 දෙසැම්බර් මස 18
686
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
327
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආයුර්වේද වෙළඳ ප්‍රදර්ශනය සෞදි මෙහෙයුමෙන්