‘නැණසල‘ ව්‍යාපෘතිය යටතේ පරිගණක පුහුණු මධ්‍යස්ථානයක් පසුගියදා අබුඩාබි නගරයේ පිහිටි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී විවෘත කෙරිණි. ගෘහ සේවිකාවන් වන ශ්‍රී ලංකා ශ්‍රමික බහුතරයට පරිගණක පුහුණුව ලබා දීම මගින් ඔවුන්ව වඩා හොඳ රැකියා කරා යොමු කිරීම මෙහි අරමුණ බව තානාපති සරත් විජේසිංහ මහතා පවසයි.
1
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි
COMMENTS
ඇත්තටම මේක ප්‍රායෝගික වැඩ සටහනක්ද? ගෘහ සේවිකාවක් විදියට මෙහෙට එන අයෙකුට මෙම පුහුණුව ලැබීමෙන් පසුව යන්න පුළුවන් රැකියා මොනවාද? මෙම පුහුණුවෙන් පසු කිසියම් සහතිකයක් නිකුත් කරනවද? එවැනි සහතිකයකට මේ රටේ පිළිගැනීමක් තියෙනවද? එහෙම පිළිගැනීමක් නැතිනම් එහෙම පිළිගැනීමක් ඇති කරන්න තානාපති කාර්යාලය කටයුතු කරනවද? මෙම වැඩසටහන ගැන මෙවැනි ප්‍රශ්න දාහක් විතර අහන්න පුළුවන්. එහෙම අහන්නේ වැඩක් පටන් ගන්නකොට ඒක කඩාකප්පල් කරන්න නෙමෙයි. මෙවැනි දේවල් තේරුමක් නැති වැඩ වබ පාටකයට වටහාදිමටයි. මොකද මේ රටේ වැඩකරන සේවිකාවන්ට ගොඩක් ප්‍රශ්න තියෙනවා. රැකියාවේ සුරක්ෂිත බව නැතිවීම, වෙලාවට වැටුප් නොලැබීම, අඩු වැටුප්, හිංසනය එවැනි ප්‍රශ්න අතරින් සමහරක්. තානාපති කාර්යාලය කරන්න ඕන බොරු වැඩවලට මුදල් සහ කාලය නාස්ති නොකර අපේ සේවිකාවන්ට ඇත්තටම තියෙන ප්‍රශ්න වලට ඉක්මනින් විසදුම් සොයා දීමයි.
ලංකාවෙන් ගෘහසේවිකායවන් විදියට UAE යන්නෙ පරිගණක ඉගනගන්න නොව කීයක් හරි හොයාගෙන ලංකාවට ගිහිං සතුටින් ජීවත් වන්න..
මොකද මේ රටේ වැඩකරන සේවිකාවන්ට ගොඩක් ප්‍රශ්න තියෙනවා. රැකියාවේ සුරක්ෂිත බව නැතිවීම, වෙලාවට වැටුප් නොලැබීම, අඩු වැටුප්, හිංසනය එවැනි ප්‍රශ්න අතරින් සමහරක්. තානාපති කාර්යාලය කරන්න ඕන බොරු වැඩවලට මුදල් සහ කාලය නාස්ති නොකර අපේ සේවිකාවන්ට ඇත්තටම තියෙන ප්‍රශ්න වලට ඉක්මනින් විසදුම් සොයා දීමයි.
මේ ගොල්ල හිතාගෙන ඉන්නේ අපි ලංකාවේ කාර්යයාල වල වැඩකරනවා වගේ කියල වෙන්න ඇති....
තිරිමාටින් කියන්නේ උගත් ගෑණුත් හැමදාම ගෘහ සේවිකාවො වෙලාම ඉන්න ඕනි කියලද?අනේ මාටියෝ......
ඒක කොයිතරම් හොද දෙයක්ද?
ඊට වඩා හොඳයි වෙන මොකක්හරි දැම්මනම්..
වජිර,ඔබගේ අදහස් 100%ක් හරි.අපේ තානාපති සේවය ගමේ කෝපි කඩේ වගේ.මෙලෝ රහක් නෑ.මේ ගොල්ලෝ කරන්නේ නිකන් ලොසින්ජර වැඩ
ඒකනම් හොද වැඩක්.Gulf රටවල් වලත් අනිත් රටවල්වල වගේම උගත් නුගත් දෙගොල්ලාම ඉන්නවා.
වැරදි පමණක් දකිනවාට වඩා හොඳ අරමුණක් ඇතිව සිදුකල වැඩක් ලෙස හඳුනාගැනීමට හැකි බව පැහැදිලිය. වෙනත් රැකියා කෙසේ වෙතත් skype සහ email බාවිතය පමණක් හුරු කළද එයද මහඟු කාර්‍යයකි. තම දූ දරුවන් පරිගණක හරහා සිදු කරන්නේ කුමන ආකාරයේ වැඩදැයි අවබෝදයක් ලැබිය හැකි වීමද මෙම ගෘහසේවිකාවන් ඉතා ප්‍රයෝජනවත්ව උපයෝගී කරගනු ඇත.
අරාබි භාෂාවෙන් පරිඝණකය හසුරවන්න වෙයි.....
කිරිමාටිං අබුඩාබි කියන්නේ සෞදිඅරාබියට නෙමෙයි.. දන්න තරම ඒකෙන්ම පේනවා!!
වජිර ඔයා හරි, රජයෙන්ම කියල තියෙනවා ගෘහසේවිකාවන්ට නිවාඩු දෙන්න එපා කියලා.. ගෙවල්වලින් එළියට බහින්න බැරි සේවිකාවන් කොහොමද ණනසලේ ඉගන ගන්නෙ.. (විවෘත වීසා නැති අය)
ගෘහ සේවිකාවෝ විදියට ගිය අය ඒ ගමන ටයිපිස්ලා කරන්න හදනවද? අපේ සල්ලි නිකන් නාස්ති කරන්න එපා
මේක ඉතාම හොදයි.අපේ කාන්තාවන්ට ගෘහ සේවය කියන එකෙන් ඉහළට යන්න පුළුවන්
ගොඩක් හොඳ අදහසක් ...
කිරිමාටිං දන්න එකටයි නොදන්න එකටයි හැම එකටම හොට දානවා.
වජිර, ඔයා හරි.අපේ රටේ කාන්තාවෝ මෙහේ හුගක් දුක් විදිනවා.විශේෂයෙන් ඒජන්සි කාරයෝ, තානාපති කාර්යාල ගැනනම් කතා කරලා වැඩක් නෑ