IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


අනිවාර්යයෙන්ම හිතකර නිදහස් වෙළෙඳ ගිවිසුම්වලට යන්න ඕනෑ

අපනයන ක්ෂේත්‍රයට සහ රටේ ආර්ථික ප්‍රගමනයට සුවිශේෂ දායකත්වයක් ලබාදෙන අපනයනකරුවන් ඇගැයීම සඳහා වාර්ෂිකව පවත්වනු ලබන ජනාධිපති අපනයන සම්මාන උළෙල ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඉකුත්දා (7) පැවැත්විණි.
එහිදී සම්මාන ලැබූ අපනයනකරුවන්  ජනාධිපතිවරයා සමග සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරු.


අංජුල මහික වීරරත්න


ශ්‍රී ලාංකික ව්‍යවසායන්ට සහ කර්මාන්තකරුවන්ට නව වෙළෙඳපොළ සහ අලු‍ත් ආයෝජන අවස්ථා ලබා ගැනීමට හැකිවන පරිදි තානාපති සේවා මුළුමනින්ම ප්‍රතිසංස්කරණයට ලක් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

තමා හෝ තම කැබිනට් මණ්ඩලයේ කිසිම කෙනෙක් ව්‍යාපාර කරන්නේ නැතැයි කී ජනාධිපතිවරයා, දෙවියන් වහන්සේගේ දේ දෙවියන් වහන්සේටත්, සීසර්ගේ දේ සීසර්ටත් හිමි විය යුතු බව සඳහන් කළේය. මෙම කාරණය පටලවා ගන්නේ නැතැයි කී ජනාධිපතිවරයා, රජයේ අපේක්ෂාව අපනයනකරුවන්ට අවශ්‍ය වන සහය ලබාදීම බව කීය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ 26 වැනි ජනාධිපති අපනයන සම්මාන උළෙල අමතමිනි.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සංවිධාන කළ මෙම උළෙල කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

ලංකා රාජ්‍ය කාලයක් නාස්තිකාර දරුවෙක් ලෙස සිටි නිසා ‘‘මූල්‍ය අරමුදලේ වැඩසටහන තුළ නිශ්චිත පරාමිතීන් ගණනාවක් අපට ඉදිරිපත් කර තිබෙනවා. අප ඒ පරාමිතීන් බිඳිනවා නම් තිබෙනවාට වඩා වැඩි අර්බුදකාරී තත්වයක් නිර්මාණය වන බවද ජනාධිපතිවරයා කීය.

2025 වසරේ අපගේ ආදායම ජාතික නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස සියයට 15.1ක රඳවා ගත යුතුයි. එමෙන්ම අපගේ ප්‍රාථමික ගිණුම 2.3ක ධන අතිරික්තයක් ආරක්ෂා කරගත යුතුයි.

අප නැවත නැගිටිනවා නම් ඒ අත්තිවාරම අවශ්‍යයි.

සමහර තීන්දු තීරණ ඔබගේ ව්‍යාපාරයේ ඉදිරි ගමනට බලපාන බවත් අප දන්නවා. එහෙත් අපි අත්තිවාරම සමගම බිඳ වැටෙනවාද? අත්තිවාරම මත සිටගෙන නැවත නැගිටින්නට උත්සාහ කරනවාද කියා සිතිය යුතුයි. අනිවාර්යයෙන්ම අප හිතකර නිදහස් වෙළෙඳ ගිවිසුම්වලට යා යුතුයැයි ද”‍ ජනාධිපතිවරයා මෙහිදී කීය. 

කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසූයේ, ලබන වසර වන විට අපනයන ආදායම ඇමරිකා ඩොලර් බිලියන 18කුත් 2030 වන විට කර්මාන්ත සේවා ක්ෂේත්‍රයේ පමණක් අපනයන ආදායම ඩොලර් බිලියන 36කුත් අපේක්ෂා කරන බවයි.

සංචාරක ක්ෂේත්‍රයත් සමග එකතු කොට ඩොලර් බිලියන 45 ක අපනයන ඉලක්කයකට යාමට දරන උත්සාහය අසීරු ඉලක්කයක් ලෙස පේන්න පුළුවන් බවද අමාත්‍යවරයා කීය.

 



අදහස් (0)

අනිවාර්යයෙන්ම හිතකර නිදහස් වෙළෙඳ ගිවිසුම්වලට යන්න ඕනෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 78 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site