IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කැප්පෙටිපොල දියණිය රටවල් අටක් පරදවයි

( තිලකරත්න දිසානායක සහ උපාලි රණවීර. )

සිංගප්පූරුවේදී රටවල් අටක් අතර පැවති  Lion City Cup Karate Champion Ship  -  2023 තරගාවලිය සඳහා ඉදිරිපත්වූ ශෙනුෂී තමාෂා ක්‍රීඩිකාව වයස අවුරුදු 15 න් පහළ (කාන්තා)  " කාතා " ඉසව්වෙන් රන් පදක්කමත් , " කුමිතෙ " ඉසව්වෙන් රිදී පදක්කමත් හිමිකර ගැනීමට සමත්ව සිටින්නීය.

ගම්පහ , මිරිස්වත්ත කැප්පෙටිපොල මහ විදුහලෙහි 10 ශ්‍රේණියෙහි ඉගෙනුම ලබන මැය 3 ශ්‍රේණියේදී තරාතේ ක්‍රීඩාවට යොමුව ඇති අතර 2019 සහ 2020 යන වර්ෂයන්හිදී සමස්ත ලංකා ප්‍රථම ස්ථානයන්ද හිමිකරගෙන ඇත. මැයගේ පුහුණුකරු ලෙස කටයුතු කරනු ලබන්නේ ධනුක පියුමාල් මහතාය.  

විෂය සහ විෂය බාහිර කටයුතුවලදී දක්ෂතා දක්වන මැය විද්‍යාලයීය අපරදිග තූර්ය වාදක මණ්ඩලයේ නායිකාවද වන්නීය. 

මෙම සිසුවිය කැප්පෙටිපොල විදුහලට මෙන්ම ශ්‍රී ලංකාවට හිමිකර දුන් ජයග්‍රහණය වෙනුවෙන් විද්‍යාලයේ උපහාර පිදීමේ උත්සවයක් එම විදුහල්පතිනී ශාන්තී විජේසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි 

 

 

 

 

 

 



අදහස් (4)

කැප්පෙටිපොල දියණිය රටවල් අටක් පරදවයි

vernon Thursday, 13 July 2023 12:39 PM

දැන් එතකොට මෙයා විතරක් ද ලංකාවෙන් ගියේ ? කොහොමද තෝරා ගත්තේ ?

:       26       8

PereraThursday, 13 July 2023 04:12 PM

Vernon, ලමයව සින්ගප්පෝරු යවන්න තොරගෙන තියෙන්නෙ දක්ශකම අනුව බව පැහැදිලි නැද්ද?????

:       0       15

Nimal Thursday, 13 July 2023 02:04 PM

වර්නන් වහාම කට පරිස්සම් කරගන්න. කරාටිවලින් තමයි ගුටිකන්න වෙන්නේ ඔහේට... ඔයා වගේ අය නිසා තමයි ලංකාවේ මෙතැන ඉන්නේ.. මෙලෝ රහක් නැති අය.

:       0       1

පැරකුම් Thursday, 13 July 2023 04:27 PM

පුහුණුකරු නේද මේ පදක්කම්ලාභියාට වඩා ඉදිරියට පැන පෙනී සිටින්නේ. හරි අශෝභනයි.

:       8       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1052 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site