IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


සා.පෙළ ප්‍රථමයා ගාල්ල සංඝමිත්තෙන්

(යක්කලමුල්ල ජේ.කේ.එල්.චාමින්ද, අහංගම සුමතිපාල දියගහගේ සහ උඩුගම රවි ලියනගේ)

එකම අරමුණක් යටතේ ආත්ම විශ්වාසයෙන් යුතුව සැලසුමකට අනුව අධ්‍යාපන කටයුතුවල නිරතවිම නිසා  මෙම ජයග්‍රහණය ලබාගැනිමට හැකිවු බව මෙවර අ.පො.ස සා.පෙළ විභාගයෙන් ලංකාවෙන්ම පළමු ස්ථානය හිමිකරගත් ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ ටි එච්. හිරුණි මල්ෂා කුමාරතුංග සිසුවිය සඳහන් කළාය.

ඇය ඉංග්‍රිසි මාධ්‍යයෙන් අ.පො.ස සා.පෙළ විභාගයට පෙනිසිට මෙම ජයග්‍රහණය අත්කරගනු ලැබිය. මෙකි ජයග්‍රහණය පිළිබද අදහස් දක්වමින් ටි එච්. හිරුණි මල්ෂා කුමාරතුංග සිසුවිය මෙසේද කිවාය.

මගේ නැගණිය වන  බුද්ධිනි මලිෂා කුමාරතුංග   මගේ නිවුන් සහෝදරිය.  නංගිත් එක්ක තමයි අධ්‍යාපන කටයුතුවල නිරතවුනේ. අපි දෙදෙනා එකට පාඩම් කළේ. නංගි සහ මම පළමු වසරේ ඉදලා සංඝමිත්තා බාලිකා විද්‍යාලයට තමය  අකුරුකිරිමට ගියේ. නංගිට සමස්ත ලංකා ජයග්‍රහණයක් ලබා ගැනිමට නොහැකිවුවන් ඇයත් විෂයයන් නමයටම ඒ සමාර්ථ ලබාගෙන සා.පොළ විභාගය විශිෂ්ඨ අයුරින් සමත්වුනා. අපි දෙදෙනා නිදිමාරගෙන පාඩම් කළේ නැහැ. රාත්‍රි 9.30 වනවිට නින්දට ගියා. උදැසන 5.00ට පමණ අවදිවෙලා පාඩම් කළා. පාසලේ එදිනෙදා  පාඩම් වැඩ එදිනෙදා අවසන් කළා. යම්කිසි සැලසුමකට අනුව අධ්‍යාපන කටයුතුවල නිරතවුණා. අතිරේක විෂයයන්  වශයෙන්   දෙමළ, ඉතිහාසය තාක්ෂණි  යන විෂයයන් තමයි කළේ. ඇත්තටම   විභාගයට ඉතා සැහැල්ලුවෙන් මුහුණ දුන්නා. පාසලේදි හොදින්  අධ්‍යාපන කටයුතුවල නිරතවුණා. ගුරුවරු පාසලේ උගන්වන වෙලාවට හොදින් අසාගෙන හිටියා. පාසලේ බාහිර වැඩත් කළා. මධ්‍යා සංගමය, පාසලේ විවාද කණ්ඩායම නියෝජනය කළා.  විද්‍යා අංශයෙන්.අ.පො.ස උසස්පෙළ විභාගයට පෙනි සිට වෛද්‍යවරයකු  වීම තමයි මගේ අනාගත බලාපොරොත්තුව.

මේ  ජයග්‍රහණය ගැන ගොඩක් සතුටුයි. මේ ජයග්‍රහණය ගැන සදහන් කිරිමේ දි මගේ අම්මාට සහ තාත්තාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මගේ අම්මා සහ තාත්තා තමයි මේ ජයග්‍රහණය ගන්න ගොඩක් උදව් කළේ. මගේ පාසලේ ගුරුවරු හිටපු විදුහල්පතිනිය වන  චාන්දනි උඩුකුඹුර වත්මන් විදුහල්පතිනය වන   අසේනි පරණවිතාන  යන මහත්මින්.  මගපෙන්වු සියලුම ගුරු භවතුන්  11 වසරේ පංතිභාර ගුරුතුමිය වන ඩිලිනි විරක්කොඩි ගුරුතුමිය මේ අවස්ථාවේ දි සිහිපත් කරන්න ඕනේ. මම ඉතා ආශවෙන් ඉගෙනගත් විෂය තමයි විද්‍යාවා.  ඒ කාලපරිච්ඡේදය මගහරින්න මම ගොඩක් අකමැති වුණා  විෂයයන් නමයටම ගොඩක් උනන්දු වුණා. ඉතා ආශාවෙන් වැඩකළා. මගේ මිතුරියන් දෙදෙනකු හිටියා  ඒ දෙදෙනා නංගිටයි මටයි ගොඩක් උදව් කළා යැයි හිරුණි මල්ෂා දියණිය සදහන් කළාය.

හිරුණි මල්ෂා දියණියගේ පියා ටි .එච් පුන්සිරිකුමාරතුංග වන අතර ඔහු   ශ්‍රි.ලං.ගම  උඩුගම ඩිපෝවේ සේවය කරන්නේය. මව එම් කේ.ජි කුමාරි ගාල්ල කළේගාන පියතිස්ස විද්‍යාලයේ ගුරුවරියකි.  මොවුන් ගාල්ල හපුගල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර දැනට දියණියන් දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු පහසුවෙන් කරගෙන යාම සඳහා  ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලය අසල කුලී නිවසක පදිංචිව සිටිති.

අපේ පාසලේ සිසුවියන් දෙදෙනෙකු  මෙවර අ.පො.ස සාපෙළ විභාගයෙන් සමස්ත ලංකා ජයග්‍රහණ දෙකක් හිමකරගෙන තියෙනවා. ටි එච්. හිරුණි මල්ෂා කුමාරතුංග සිසුවිය සා.පෙළ විභාගයෙන් පළමු ස්ථානය හිමිකරගෙන තියෙනවා. නදුනි සමුදිතා රණවීර  දියණිය ලංකාවෙන් සිව්වන ස්ථානය හිමිකරගෙන තියෙනවා. ඇත්තටම මේ සිසුවියන් දෙදෙනා පාසලට කීර්යතක් ලබාදි තියෙනවා යැයි  ගාල්ල සංඝමිත්තා බාලිකි විද්‍යාලයේ  විදුහල්පතිනය වන  අසේනි පරණවිතාන මහත්මිය සඳහන් කළාය.



අදහස් (0)

සා.පෙළ ප්‍රථමයා ගාල්ල සංඝමිත්තෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 729 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 893 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 372 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site