IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


ශාන්ත තෝමස් ‘ෆියුචර් X‘ ප්‍රදර්ශනයට දින වෙන් කරයි

(ගයාන් සූරියආරච්චි)

ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය 3 වැනි වරට සංවිධානය කරනු ලබන අධ්‍යාපන හා ප්‍රදර්ශනය ‘ෆියුචර් X‘ ලබන ජනවාරි මස 25 සහ 26 දෙදින හිල්ටන් හෝලටයේ ග්‍රෑන්ඩ් මාර්ක් හිදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ අවසන් කිරිමෙන් අනතුරුව වැඩිදුර උසස් අධ්‍යාපනය හැදෑරීමට බලාපොරොත්තුවෙන් සිටින සිසුන් සහ පාසල් හැරගිය රැකියා බලාපොරොත්තුවෙන් සිටින පුද්ගලයන්ට, සිසුන්ගේ මවුපියන් හෝ භාරකරුවන්ට, ගුරුවරුන්, දේශකයන් සහ අධ්‍යාපන අවස්ථා පිළිබදව උනන්දුවක් දක්වන පුද්ගලයන්ට මෙම ප්‍රදර්ශනය විවෘත වේ.

‘ෆියුචර් X‘ අධ්‍යාපන ප්‍රදර්ශනය තුළින් දේශීය හා ජාත්‍යන්තර විශ්ව විද්‍යාල සහ විද්‍යාල, ව්‍යාපාරික පාසල්, උපාධි ආයතන, තාක්ෂණික හා වෘත්තීය පුහුණු ආයතන, පරිගණක හා තොරතුරු තාක්ෂණ පුහුණු මධ්‍යස්ථාන, වෛද්‍ය හා හෙද විද්‍යාල, ඉංජිනේරු විද්‍යාල, සත්කාර සහ සූපශාස්ත්‍ර කලා පාසල්, භාෂා සහ සන්නිවේදන ආයතන, වෘත්තීය සංවර්ධන ආයතන, නිර්මාණාත්මක කලා සහ අධ්‍යාපන උපදේශකයන් සහ මාර්ගෝපදේශන සේවා ඇතුළු විවිධ ක්ෂේත්‍රවල සිටින වෘත්තීයමය නිපුනත්වයෙන් යුත් විශේෂඥ දැනුම මෙම ප්‍රදර්ශනය තුළින් ලබාගැනීමට හැකියාව ලැබේ.

එහිදී අදහස් දැක්වූ ආදි ශිෂ්‍ය සංගමයේ ලේකම් ඉම්රාන් හසන් මහතා කියා සිටියේ ලබන දෙසැම්බර් මාසය අවසන්වන විට බොහෝ දුරට උසස් පෙළ විභාගය අවසන් වන අතර ඉන් අනතුරුව ජනවාරි මාසයේ අග මෙම අධ්‍යාපනික ප්‍රදර්ශනය පැවැත්වීම නියම කාලයට අනුව සංවිධානය කර ඇති බවත් එම සිසුන්ට උසස් අධ්‍යාපනයෙන් ඉදිරියට යාමට මහගු මගපෙන්වීමක් ලබාදීමට මෙම අධ්‍යාපනික ප්‍රදර්ශනය ඉවහල් වන බවය.

උසස් පෙළ විභාගයට පෙනී සිටින ලක්ෂයකට අධික සිසුන් අතරින් සියයට 20 ක් පමණක් විශ්වවිද්‍යාලවලට සුදුසුකම් ලබන අතර සියයට 80 ක් පමණ සිසුන් විභාගය සමත් වුවත් විශ්වවිද්‍යාල වරම් නොලැබෙන බවත් ඔවුන් වෙනුවෙන් උසස් අධ්‍යාපනයෙන් ඉහළට යාමට අපි මග පෙන්වීම සූදානම් බවත් හසන් මහතා කීය.

ලංකාවේ පිළිගත් උසස් අධ්‍යාපන ආයතනවලට මෙම ප්‍රදර්ශනයට සහභාගිවී සිසු සිසුවියන්ට ඉදිරි අනාගතය ගොඩනගා ගැනීමට උපදෙස් ලබාදීම සදහා අවස්ථාව සලසා දී තිබෙන අතර මේවන විට මෙරට පිළිගත් වෘත්තීය හා අධ්‍යාපන ආයතන සියයට 80 ක් පමණ මෙම ප්‍රදර්ශනයට සම්පත් දායකත්වය ලබාදෙන බවද ඉම්රාන් හසන් මහතා පැවැසීය.

එහිදී ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති රුක්ෂාන් කුරු උතුම්පාල, නියෝජ්‍ය පාලක අසංක පෙරේරා යන මහත්වරු අදහස් දැක්වූහ.



අදහස් (0)

ශාන්ත තෝමස් ‘ෆියුචර් X‘ ප්‍රදර්ශනයට දින වෙන් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1029 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1063 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 413 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site