
( ටී.කේ.ජී.කපිල )
මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංගමය ප්‍රථම වරට සංවිධානය කළ "Edura Global Education Fest - 2024 " එඩියුරා ග්ලෝබල් එඩියුකේෂන් ෆෙස්ට් අධ්‍යාපනික සහ වෘත්තීය අවස්ථාවන් පිළිබඳ දරුවන්ගේ සහ වැඩිහිටියන්ගේ අවබෝධය පුළුල් කිරීමේ අධ්‍යාපනික ප්‍රදර්ශනය අද (02) උත්සවාකාරයෙන් එම විදුහල් පරිශ්‍රයේ දී විවෘත කෙරිණි.
මෙයට රාජ්‍ය මෙන්ම පෞද්ගලික සහ තාක්ෂණික විශ්ව විද්‍යාල පැමිණ සහභාගී වී සිටියහ.
එසේම මෙම ප්‍රදර්ශනය තුළ රැකියා පොළක් සහ වෘත්තීය මාර්ගෝපදේශ සැසිවාර ද ක්‍රියාත්මක කර තිබේ.
මීට අමතරව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ලිපි ද්‍රව්‍ය සැපයුම්කරුවන් සහ පොත් ප්‍රකාශකයින් ද පැමිණ සිටිති.
මෙම අධ්‍යාපනික ප්‍රදර්ශනය මෙම මස එනම් අද (02) දින සිට පෙබරවාරි 4 වැනිදා දක්වා දින 03 ක කාලයක් පැවැත්වීමට නියමිතය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd