IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කොළඹ සරසවියේ 500 වැනි සනාථන මහ සභාව

(අමිල චින්තක ගමගේ)

කොළඹ විශ්වවිද්‍යාලයේ 500 වන සනාථන සභා රැස්වීම ඊයේ  (31) පස්වරුවේ විශ්ව විද්‍යාලීය විද්‍යාපීඨ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

1979 ජනවාරී 09 වැනිදා පළමු සනාථන සභා රැස්වීමට සහභාගී වූ මහාචාර්ය ජී.ඇල් පීරීස් මහතාට උපහාර සම්මානයක් පිදීමද මෙහිදී සිදුකෙරිණි.‍

මේ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමක් පැවති අතර එහිදී කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති එච්.ඩී කරුණාරත්න මහතා සදහන් කළේ මෙවර සනාථන සභා රැස්වීම සදහා ආචාර්ය මහාචාර්යවරැ 290 දෙනෙකු සහභාගී වන බවයි.

ෙමාසයකට සැරයක් සනාථන සභා රැස්වීමක් පැවත්වෙන අතර ඒ අනුව කොළඹ විශ්ව විද්‍යාලයට මාස 500 ක් සම්පූර්ණ වීමද අද දිනට යෙදී තිබේ. කොළඹ විශ්ව විද්‍යාලය දැනට ලෝකයේ හොඳම විශ්ව විද්‍යාල 1000  අතරට ඇතුළත් වී ඇති බවද උපකුලපතිවරයා සඳහන් කළේය.

කෝප් කමිටුවේදී මූල්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් කොළඹ විශ්ව විද්‍යාලයට විශේෂ ප්‍රශංසාවක් හිමිවුණු බවද ඔහු සඳහන් කළේය.ආරම්භයේදී පීඨ 5 ක් පමණක් තිබූ කොළඹ විශ්ව විද්‍යාලයේ පීඪ සංඛ්‍යාව මේ වන විට 10 ක් දක්වා වර්ධනය වී ඇති බවද උපකුලපතිවරයා සදහන් කළේය .

ඡායාරූප - රුෂිරු කොළඹතන්ත්‍රිගේ



අදහස් (2)

කොළඹ සරසවියේ 500 වැනි සනාථන මහ සභාව

Dasun Monday, 05 August 2024 03:29 PM

දේශපාලනයට කඩේ යන්න එපා.

:       2       2

Rama Sunday, 25 August 2024 12:46 PM

@Dasun. මේ ජි එල් පීරිස් ඉන්න ෆොටෝ එක හෝ සම්මානය ගැන දේශපාලනයක් ගාව ගන්න එපා. ඔහු කොළඹ සරසවියේ ආදී ශිෂ්‍යයෙක් සහ මහාචාර්යවරයෙක්. ඉතින් ඔහු ඔය කියන සභාවේ රැස්වීම් 500 කට ගියා නම් ලොකු දෙයක් තමයි. ජී එල් වෙනුවට ඔතැන ජයවර්ධන හෝ රෝහණ විජේවීර හිටියා වුණත් නිර්ණායකය තීරණය වෙන්නේ කොළඹ සරසවියේ දත්ත අනුව නම් අපි ඒ තේරීමට ගරු කරන්න ඕනෑ...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 159 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 781 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 380 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site