
(එස්.යූ.ඩබ්ලිව්.කේ.ජයවර්ධන)
යක්කල අලුත්ගම අනුර මධ්‍ය මහා විද්‍යාලයේ 2024 වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළලේ සමස්ත ශූරතාවය ‘ගැමුණු‘ නිවාසය හිමිකරගත් අතර අනුශූරතාවය ‘පරාක්‍රම‘ නිවාසයට හිමිවිය. ‘විජය‘ නිවාසය තෙවැනි ස්ථානයටද, ‘තිස්ස‘ නිවාසය සිවුවෙනි ස්ථානයට ද හිමි විය.
විද්‍යාලයීය ක්‍රීඩාංගනයේ පැවැති මෙම උළෙලට පාසලේ ආදි ශිෂ්‍යයකු වන පුත්තලම යුද හමුදා බලසේනා මූලස්ථානයේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි ලුතිනන් කර්නල් විරාජ් කුමාරසිංහ මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි විය.
පෙරදිග තූර්ය වාදක සංදර්ශනය, යුද හමුදා ශිෂ්‍යභට සංදර්ශනය, බටහිර තූර්ය වාදක සංදර්ශනය, පොලිස් ශිෂ්‍යභට සංදර්ශනය, පෙරදිග ශිෂ්‍යභට තූර්යවාදක සංදර්ශනය යනාදී විශේෂාංග වලින් උළෙල විචිත්‍රවත් විය.
ගම්පහ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂිකා ප්‍රියන්ති දීපිකා නානායක්කාර, යක්කල අනුර ප්‍රාථමික කනිටු විදුහල්පති අනුරුද්ධ සමරසිංහ, වීරඟුල පොලිසියේ ස්ථානාධිපති ප්‍ර.පො.ප. ජේ.ඒ.එස්.කේ. ජයකොඩි, එහි අංශ ප්‍රධානීන් වන උ.පො.ප. බී.එන්. මහිපාල (රථවාහන), උපපොලිස් පරීක්ෂක චන්දන ශාන්ත ගිරිතලේ (ප්‍රජා) යන මහත්ම - මහත්මීන් ඇතුළු ආරාධිතයෝ රැසක් උළෙලට සහභාගි වූහ.
අනුර මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති එස්.ඒ. ජගත් නිහාල් ප්‍රින්ස් මහතාගේ උපදෙස් හා මඟ පෙන්වීම යටතේ සහ එහි නියෝජ්‍ය විදුහල්පතිවරුන් වන එච්.එම්. සමන් (පරිපාලන), ජේ.ඒ. රක්ෂිතා කරුණාරත්න (සංවර්ධන), ජේ.ඒ.කේ.යූ. ඕපාත, සනත් නන්දන විතානගේ යන මහත්ම - මහත්මීන්ගේ මෙහෙයවීම මත පාසල් ක්‍රීඩා ගුරුවරුන් වන එස්.ටී.යු.එස්. පෙරේරා, එන්.එස්. මුතුකඩ, ඩබ්ලිව්.ජී.එම්. සන්දීප යන තිදෙනා ප්‍රමුඛ ගුරු පිරිසක් විසින් උළෙල සංවිධානය කර තිබුණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුර විද්‍යාලයේ වත්මන් විදුහවිදුහල්පතිතුමා , ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයේ 1983 අවධියේ මාගේ පාසල් මිතුරා සතුටුයි,ආඩම්බරයි. ප්‍රින්ස් කියන්නේ ගැම්මක් තමයි.