ෆෝන් එකෙන් සිත්තම් මැවූ දරුවන්ට තිළිණ ජංගම දුරකථනය භාවිතා කොට නිර්මාණාත්මක ඡායාරූපකරණයට යොමු කිරීමේ අරමුණින් ගෝනපල ඔලබොඩුව සොයිසා විද්‍යාලයේ සිසුන් හා ගුරු භවතුන් අතර සංවිධානය කළ ’’ප්‍රතිමාණ’’ ඡායාරූප කරන තරගාවලියේ ජයග්‍රාහකයන්ට තිළිණ හා සහතික පත් ප්රදානය කිරීමේ උත්සවයක් හෝමාගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා කමනී ප්‍රියදර්ශනී මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම විද්‍යාලීය ශ්‍රවණාගාරයේ දී ඉකුත්දා පැවැත්වුණි. 17 July 2025
සිඟිති පෙර පාසලේ බැති ගී ඉකුත් ඇසළ පුන් පොහෝ දිනය වෙනුවෙන් හිඟුරාණ සිඟිති පෙර පාසලේ ළමුන් විසින් භක්ති ගීත සංදර්ශනයක් පැවැත්විණි. 16 July 2025
මීමුරේ කණිෂ්ඨයට සාපෙළෙන් විශිෂ්ට ජයක් උඩදුම්බර හුදකලා ගමක පිහිටි මීමුරේ කයිකාවල කනිෂ්ඨ විද්‍යාලයෙන් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසු සිසුවියන් 12 දෙනාගෙන් 10 දෙනකු විශිෂ්ඨ ලෙ ප්‍රතිඵල ලබාගනිමින් උසස් පෙළට සුදුසුකම් ලබාගෙන ඇතැයි තෙල්දෙණිය අධ්‍යාපන කලාප කාර්යාලයේ සැලසුම් අධ්‍යක්ෂිකා කේ.වී. මලර් මහත්මිය ප්‍රකාශ කළාය. 16 July 2025
නිට්ටඹුව සංඝබෝධි සිසු සිසුවියෝ ජනාධිපති මන්දිරයට නිට්ටඹුව සංඝබෝධි ජාතික පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය සහ ජනාධිපති මන්දිරය නැරඹීම සඳහා පැමිණියහ. 19 June 2025
කටුකෙන්ද මිහිඳු සිසු නයුවෝ වෙන්නපුව කටුකෙන්ද මිහිඳු ප්‍රාථමික විද්‍යාලයේ 2025 වසර සඳහා නවක ශිෂ්‍ය නායක නායිකාවන්ට නිල ලාංඡන පැළඳවීම එම විද්‍යාලීය පරිශ්‍රයේදී සිදුකෙරිණි. 14 May 2025
ගමේ පාසල් දෙකක් ජනපති කාර්යාලයට අම්පාර ගෝනගල මහා විද්‍යාලයේ සහ කෑගල්ල දැදිගම පැරකුම්බා මහා විද්‍යාලයේ සිසුන් හට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන Vision වැඩසටහනට සහභාගී වීමට අවස්ථාව උදා විය. 09 May 2025
ක්‍රිස්තුරාජ විදුහලේ සිසු නියමුවෝ ජාඇල තුඩැල්ල ක්‍රිස්තුරාජ විද්‍යාලයේ 2025/2026 වර්ෂයේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලදවීමේ උත්සවය වරලත් ඉංජිනේරු හා විදුහලේ හිටපු ප්‍රධාන ශිෂ්‍ය නායකයකු වු ජිම් නලින් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් විදුහල් ශ්‍රවනාගාරයේ දී උත්සවාකාරයෙන් සිදු කෙරිණි. 17 April 2025
සිරිමාවෝ ශිෂ්‍ය පාර්ලිමේන්තුව රැස් වෙයි කොළඹ 7, සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිය නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර මහත්මියගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලයීය ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. 07 April 2025
ත්‍රිකුණාමලයෙන් නැගී එන බාලිකා ක්‍රිකට් සූරියෝ ත්‍රිකුණාමලය කන්තලේ මධ්‍ය මහා විද්‍යාලයේ 19 න් පහළ බාලිකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනේ සුපිරි කණ්ඩායම් හතර අතරට පත් වෙමින් සමස්ත ලංකා අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ඇත. 24 February 2025
සීවලියේ කළඑළි මංගල්‍යය සබරගමු නර්ථන සම්ප්රදාය විෂයයක් ලෙස මේ වසරේ සිට පාසලේ නර්ථන විෂය මාලාවට ඇතුළත් කරන බව සීවලී මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති රෝෂාන් වෙදගේ මහතා විද්‍යාලයේ පැවති ’’ගුරු වරම්’’ දීමේ කළඑළි මංගල්‍ය උත්සවය අමතමින් පැවසුවේය. 17 February 2025
ඔරු පැදිමේ තරඟාවලියෙන් විශාඛාවට ජය දියවන්නා ඔරු පැදීමේ මධ්‍යස්ථානයේදී පැවැති ’’2025 ගෘහස්ථ ඔරු පැදීමේ ජාතික ශූරතාවලියේදී’’ විශාඛා විද්‍යාලයීය ඔරු පැදීමේ කණ්ඩායම, විශිෂ්ට දස්කම් දැක් වූහ. 04 February 2025
උහන කණිෂ්ඨයෙන් වාර්තාවක් උහන කණිෂ්ඨ විදුහලේන් මෙවට පහවසර ශිෂ්‍යත්වයට පෙනි සිටි දරුවන් 159 දෙනකු අතරින් සිසුන් 100 විශෂ්ට ලෙස සමත්ව ඇතැයි නැගෙනහිර පළාත් අධ්‍යාපන අධ්යක්ෂික එච්.ආර්. හසන්ති මහත්මිය කීවාය. 26 January 2025
ශිෂ්‍යත්වයේ කප් එක හොරණ රාජකීයට පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය ලබා ගැනීමට හොරණ රාජකීය ජාතික පාසලේ රණතුංග ලියනගේ මිසන්ධි යෙවින්යා ශිෂ්‍යාව සමත් වූවාය. ඇය ලබා ගත් ලකුණු සංඛ්‍යාව 188 කි. 24 January 2025
විශාකා බාලිකාවෝ සරුංගල් යවති කොළඹ විශාකා විදාලය ප්‍රථම වරට සංවිධානය කරනු ලැබු විශාකා සරුංගල් සැනකෙලිය කොළඹ ගාලු මුවදුර පිටියේදි අද (02) පැවැත්විණි . 02 December 2024
පුංචි පාර්ලිමේන්තුවට ලොකු පාර්ලිමේන්තුවෙන් තල්ලුවක් රත්නපුර ශාන්ත ඇලෝසියස් විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදි පසුගියදා පැවැත්විණි. 13 November 2024
සිසු තත්ත්ව කව සම්මේලනය ආරම්භ වෙයි ජාත්‍යන්තර සිසු තත්ත්ව කව සම්මේලනයට සුදුසු සිසුන් තෝරාගැනිම සඳහා පැවත්වන තුන්දින ජාතික සිසු තත්ත්ව කව සම්මේලනය ඊයේ (05) ඇහැළියගොඩ මධ්‍ය මහා විධ්යාල පරිශ්‍රයේදි ආරම්භ විය. 06 November 2024
ශාන්ත තෝමස් ‘ෆියුචර් X‘ ප්‍රදර්ශනයට දින වෙන් කරයි ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය 3 වැනි වරට සංවිධානය කරනු ලබන අධ්‍යාපන හා ප්‍රදර්ශනය ‘ෆියුචර් X‘ ලබන ජනවාරි මස 25 සහ 26 දෙදින හිල්ටන් හෝලටයේ ග්‍රෑන්ඩ් මාර්ක් හිදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. 05 November 2024
ගාල්ල ඇලෝෂියස් විදුහලේ වාර්ෂික චිත්‍ර ප්‍රදර්ශනය අද සහ හෙට ගාල්ල ඇලෝෂියස් විදුහලේ ප්‍රාථමික අංශයේ සිසුන්ගේ වාර්ෂික චිත්‍ර ප්‍රදර්ශනය විජය සහ අද පුවත්පත්වල ප්‍රධාන කර්තෘ දුමින්ද සංජීව බාලසුරිය සහ ඇලෝෂියස් විදුහලේ ආදි ශිෂ්‍ය ලංකාදීප පුවත්පතේ ප්‍රාදේශීය ප්රවෘත්ති කර්තෘ නිරෝෂණ ගොඩැල්ලගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (04) වන දා එම විදුහලේ දී පැවැත්වුණි. 04 November 2024
කොළඹ සරසවියේ වාර්ෂික පර්යේෂණ සම්භාෂනය නොවෙම්බර් 04 කොළඹ විශ්ව විද්‍යාලයේ 2024 වාර්ෂික පර්යේෂණ සම්භාෂනය ’’ඵලදායි පර්යේෂණ ඔස්සේ ධරණීය අනාගතයක් ගොඩනැගීම ’’යන මැයෙන් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (යු එන් ඩි පි) මෙරට නිත්‍ය නියෝජිත අසූසා කුබෝටා මහත්මියගේ ප්‍රධානත්වයෙන් නොවෙම්බර් 04 දින විශ්ව විද්‍යාලීය පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේ ලක්ෂ්මන් දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. 31 October 2024
කිරිබමුණ සිඟිත්තන්ගේ රාත්‍රී කඳවුර ඉබ්බාගමුව, කිරිබමුණ සිඟිති පෙරපාසල් දරු දැරියන් වෙනුවෙන් දහ වැනි වරට සංවිධානය කරන ලද රාත්‍රී කඳවුරක් ඊයේ (30) කිරිබමුණ සිඟිති පෙරපාසලේදී පැවැත්විණි. 31 October 2024
කතරගම ජාතික පාසල සංගීතයෙන් දස්කම් පායි අධ්‍යාපන අමාත්‍යංශය වාර්ෂිකව පවත්වනු ලබන සමස්ත ලංකා සංගීත තරගයෙන් 2024 ජ්‍යෙෂ්ඨ එක රාගධාරී ඒකල වාදන (පිරිමි) ගිටාර් අංශයෙන් ප්‍රථම ස්ථානයත්, විශේෂ රාගධාරී ඒකල වාදන (පිරිමි) සන්තූර් ප්‍රථම ස්ථානයත්, හිමි කරගෙන ඇති අතර ජ්‍යෙෂ්ඨ එක රාගධාරී ඒකල වාදන පිරිමි දිල්රුබා අංශයෙන් දෙවන ස්ථානයත් ලබාගෙන ඇති බව විද්‍යාලීය සංගීත ආචාර්ය ජයන්ත වර්ණ කුලසූරිය මහතා පැවසීය. 30 October 2024
’’මෙතරම් විශිෂ්ට ප්‍රතිඵලයක් බලාපොරොත්තු වුණේ නෑ’’ මම ලබපු ජයග්‍රහණය මම බලාපොරොත්තු වුණ දෙයක් නෙමෙයි. මම මගේ උපරිමයෙන් වැඩ කළා. උපරිමයෙන් සූදානම් වුණා. මම වැඩ කරපු විදිහට හොඳ ප්‍රතිඵලයක් ලැබෙයි කියලා විශ්වාසයක් තිබුණා. නමුත් මේ තරම් විශිෂ්ට ප්‍රතිඵලයක් බලාපොරොත්තු වුණේ නෑ යැයි මෙවර අ.පො.ස සා.පෙළ විභාගයෙන් ලංකාවෙන්ම දෙවන ස්ථානය හිමිකරගත් කොළඹ මියුසියස් විද්‍යාලයේ කුළුණි මෙත්සරා සිසුවිය සඳහන් කළාය. 01 October 2024
සා.පෙළ ප්‍රථමයා ගාල්ල සංඝමිත්තෙන් එකම අරමුණක් යටතේ ආත්ම විශ්වාසයෙන් යුතුව සැලසුමකට අනුව අධ්‍යාපන කටයුතුවල නිරතවිම නිසා මෙම ජයග්‍රහණය ලබාගැනිමට හැකිවු බව මෙවර අ.පො.ස සා.පෙළ විභාගයෙන් ලංකාවෙන්ම පළමු ස්ථානය හිමිකරගත් ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ ටි එච්. හිරුණි මල්ෂා කුමාරතුංග සිසුවිය සඳහන් කළාය. 01 October 2024
කොස්ගම විද්‍යාර්ථ විද්‍යාලයේ දෙවන උපන් දිනය සමරන්න යයි කොස්ගම විද්‍යාර්ථ විද්‍යාලයේ දෙවන ජන්ම සංවත්සර සැමරුම් උළෙල ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රසාද් සේතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම 19 වැනි දා පෙරවරු 900 විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වේ. 17 September 2024
උසස් පෙළින් පසු වැඩලෝකයට අත්වැළක් උසස් පෙළ හදාරණ දූදරුවන්ට සිය පාසල් අධ්‍යාපනයෙන් පසු රැකියා බහුල ක්ෂේත්‍ර වලින් තෝරා ගැනීමට වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ දැනුම ලබාදීමේ ක්ෂෙත්ර චාරිකා පැවැත්වීමට මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. 11 September 2024
බගවන්තලාව ධර්මකිර්ති විදුහලට 75 යි හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන බගවන්තලාව ධර්මකිර්ති සිංහල මහා විද්‍යාලය ආරම්භ කර වසර 75 ක් සපිරිම නිමිත්තෙන් අද (05) එම විද්‍යාලයේදි පිරිත් සජ්ජායනය සහ මහ සංඝරත්නය විෂයෙහි දානමය පිංකමක් පවත්වනු ලැබුහ. 05 September 2024
කැටයම් අංශයේ ප්‍රථම ස්ථානය සිතුම් තිලකරත්නට සමස්ත ලංකා නර්තන තරගයේ ගොක්කොල හා කැටයම් අංශයෙන් 2024 වසරේ දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට අනුරාධපුර තලාව හිරිගොල්ලේගම විදුහලේ එකළොස් වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන දාසය හැවිරිදි ටී.උදාර සිතුම් තිලකරත්න සිසුවා සමත් විය. 14 August 2024
නීති සිසුහු ජනපති හමුවෙති ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධි අපේක්ෂක සිසුන් පිරිසක් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී සිදු විය. 07 August 2024
කොළඹ සරසවියේ 500 වැනි සනාථන මහ සභාව කොළඹ විශ්වවිද්‍යාලයේ 500 වන සනාථන සභා රැස්වීම ඊයේ (31) පස්වරුවේ විශ්ව විද්‍යාලීය විද්‍යාපීඨ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. 01 August 2024
’’ X ban - 2024 ජනපති සුරතින් විවෘත වෙයි ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයීය ’’ X ban - 2024 ප්‍රදර්ශනය ඊයේ (24) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුනු අතර මෙම මස 28 වෙනි දින දක්වා මෙය පැවැත්වෙනු ඇත. 24 July 2024
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැසීය... 30 December 2025