(සිසිර ලලිත් කුමාර)
කෘෂිකර්මාන්තය පිළිබඳව පාසල් දරුවන්ගේ දැනුම සහ ආකල්ප සංවර්ධනය කිරීමේ වැඩසටහනක් කොත්මලේ හැදුණුවැව මධ්‍ය මහා විද්‍යාලයේ දී පසුගියදා පැවැත්විණි.
2025 පළාත් නිශ්චිත ප්‍රදාන යටතේ පාසල් ළමුන් තුළ කෘෂිකර්මාන්තය කෙරෙහි දැනුම ආකල්ප සංවර්ධනය කිරීම වැඩසටහනට කොත්මලේ අඹගමුව කලාපයේ මල්දෙණිය කෘෂිකර්ම උපදේශක කොට්ඨාශය දායකත්වය දැක්වීය.
එම කොට්ඨාසයට අයත් මප/කො/හැදුනුවැව මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් සඳහා කෘෂිකාර්මික තාක්ෂණය පිළිබඳ ප්‍රදර්ශනාත්මක වැඩසටහන අංශ කිහිපයක් යටතේ පෙළ ගැසී තිබිණි.
එහිදී, බිම්මල් වගාව ,තවාන් පාලනය, නිවැරදි ආහාර රටාවකට හුරුවීම, පළතුරු වගාව සහ ඌන භාවිත පළතුරු ,පාංශු සංරක්ෂණ ය, මී මැසි පාලනය,ඒකාබද්ධ පලිබෝධ පාලනය , කාබනික පොහොර නිෂ්පාදනය ,දේශිය අල වගාව යන අංශ කෙරෙහි හැදුණුවැව මධ්‍ය මහා විද්‍යාලයේ දරුවන්ට දැනුම ලබා දීම සිදු විය.
න්‍යායාත්මක හා ප්‍රායෝගික පුහුණුව ලද එම සිසුන් විද්‍යාල පරිසරය පමණක් නොව තම ගෙවත්ත තුළ නිවැරදි කෘෂිකාර්මික පිළිවෙත් ගොඩනැගීම පිළිබඳව දැනුම ලබන අයුරු දැකගත හැකි විය.
මීට අමතරව අනාගත ව්‍යවසායකයින් බිහි කිරීමට උත්තේජනයක් ලබා දිය හැකි මාතෘකා ඔස්සේ ප්‍රදර්ශනයක් සංවිධානය කිරීමටද සංවිධායකන් අමතක නොකළහ.
මෙම වැඩමුළුවට කොත්මලේ හැදුණුවැව මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති ලාලිත ප්‍රීති බණ්ඩාර,නියෝජ්‍ය විදුහල්පති සී.එස් වැලිකළ ඇතුළු විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය හා දරුවන්,කොත්මලේ කලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරීන් ද සහභාගී වූහ.
අඹගමුව කලාපයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂවරිය, මූලස්ථාන කෘෂිකර්ම උපදේශකවරිය, කෘෂි උපදේශකවරුන් සහ තාක්ෂණික සහායකවරු මෙම වැඩමුළුවට සහභාගී වූහ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කොත්මලේ හැදුණුවැව දරුවන්ට කෘෂිකර්මය ගැන දැනුවත් කිරිමක්