මහජන උපයෝගීතා කොමිසම තුන්වතාවක් ලිඛිතව දැනුම් දීලා
උපුල් වික්‍රමසිංහ
මේ වසරේ මැයි මස පළමු වැනිදා වෙන විට විදුලිය ගාස්තු සංශෝධනය කිරීමට අදාළ යෝජනාව ලංකා විදුලිබල මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට යොමු කරනු ලැබිය යුතු වුවත් මේ දක්වා එවැනි යෝජනාවක් ඉදිරිපත් කර නැතැයි එම කොමිසමේ ප්‍රකාශකයෙක් ඉරිදා ලංකාදීපයට පැවසීය.
අදාළ විදුලි ගාස්තු සංශෝධන යෝජනාව කොමිසමට යොමු කරන ලෙස දන්වමින්
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම අවස්ථා තුනකදී සිහිකැඳවීම්
ලිපි ලංකා විදුලිබල මණ්ඩලයට යොමු කළ ද ඒ කිසිවකට ප්‍රතිචාර නොලැබුණු බව ද අදාළ ප්‍රකාශකයා සඳහන් කළේය.
2023 වසරේදීත් 2024 වසරේ මේ දක්වා කාලයේදීත් ලංකා විදුලිබල මණ්ඩලය ලාභ උපයා ඇති බැවින් එම ලාභය විදුලිය පාරිභෝගිකයන්ට ලබා දීමට ඇති නොකැමැත්ත නිසා විදුලි ගාස්තු සංශෝධන යෝජනාව ඉදිරිපත් කිරීම පමා කරමින් සිටින්නේ ද යන්න ගැන සාධාරණ සැකයක් මතු වෙන බව ද එම ප්‍රකාශකයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
අප මේ සම්බන්ධයෙන් විමසීමට ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිවරයා දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද එය ව්‍යර්ථ විය. මේ අතර නම සඳහන් කිරීමට අකමැති වූ විදුලිබල මණ්ඩලයේ ඉහළ නිලධාරියකු ඉරිදා ලංකාදීපයට සඳහන් කළේ එම ගාස්තු සංශෝධන යෝජනාව අවසන් අදියරේ පවතින බවත්, දැනට පවතින මට්ටමේ ම ගාස්තු තබා ගැනීමට හෝ සුළු මුදලකින් වැඩි කිරීමට හෝ ඒ යෝජනාවෙන් යෝජනා කර ඇතැයි දැනගන්නට ඇති බවත්ය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
විදුලි ගාස්තු අඩු කිරීම ගැන ලංවිම නිහඬයි