ෆේස්බුක් යනු මෙකල තරුණ පරම්පරාව අතර ඉතා ජනප්‍රිය සමාජ ජාල වෙබ් අඩවියකි. බොහො ප්‍රයෝජන පැවැතියද ඇතැම් තරුණ තරුණියන් ෆේස්බුක් වෙතම ඇබ්බැහි වී සිටීම නිසා වැඩිහිටියන්ගේ අනුමැතිය නම් මේ කෙරෙහි වැඩිපුර නොලැබේ.
පෝල් ඛෙයර් සිය දියණිය වන රේචල් (14) ෆේස්බුක් සිය ‘ජීවිතය‘ කරගෙන සිටිනු දැකීම නොරිස්සීය. ඇය මෙයින් මුදා ගන්නේ කෙසේදැයි කල්පනා කරමින් සිටිනා අතර ඇය ෆේස්බුක් වෙත සමුදෙන්නේ නම් ඇයට සැළකිය යුතු කරමේ මුදලක් පිරිනමන්නෙමියි යන අදහස පෝල්ට පහළ වේ.ඒ අනුව ක්‍රියාත්මක වන ඔහු මේ ගැන රේචල්ගෙන් විමසූ විට පුදුමයකට මෙන් ඇයගේ අනුමැතියද හිමිවේ. මේ අනුව දෙදෙනා අතර ‘අවබෝධතා‘ ගිවිසුමක් ඇති බවයි.
‘ෆේස්බුක් තාවකාලිකව අක්‍රීය කිරීමේ කරුණ සම්බන්ධයෙන්‘
රේචල් ඛෙයර් වන මම මගේ ෆේස්බුක් ගිණුම 2013/02/04 දින සිට 2013/06/06 දිනය දක්වා තාවකාලිකව අක්‍රීය කිරීමට එකග වන අතර එකග වූ පරිදි මගේ පියා වන පෝල් ඛෙයර් මට ඩොලර් 50 ක මුදලක් 2013/04/15 වන දිනදී ගෙවනු ඇත.තවත් ඩොලර් 150 ක මුදලක් 2013/06/26 දිනදී මට ලැබීමට සළස්වනු ඇත.මගේ ෆේස්බුක් ගිණුමෙහි මුරපදය ඔහුට ලබාදෙන අතර එමගින් ඔහුට මගේ ගිණුම අක්‍රීය කිරීමටත් ගිවිසුම් කාලයට පෙර මම ෆේස්බුක් ගිණුම සක්‍රිය කිරීමට වැටබැදීමටත් ඔහුට හැකි වනු ඇත.මම ලැඛෙන මුදල් මට අවශ්‍ය දේවල් මිලදී ගැනීම සදහා වැය කිරීමට බලාපොරොත්තු වෙමි.
අත්සන් කළේ... රේචල් ඛෙයර්.....පෝල් ඛෙයර්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කනට දෙකක් දීලා නවත්වන්න බැරිද ? (ස)
ගහලා බැනලා ළමයි හදපු කාලේ දැන් ඉවරයි (ස)
තුෂාර, කනට දෙකක් දෙන්න පුළුවන ලංකාවේ ළමයිට. ඒත් ඒ රටවල එහෙම බැහැ. ගැහුවොත් දෙමවිපියෝ හිරේ යනවා.(නදී)
ලංකාවෙත් ඔහොම වේවිද ? (ස)
අපේ ළමා පරපුර බේරා ගනිමු (දී)
දැන් ලංකාවේ දෙමව්පියනුත් මුහුණ දෙන ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ෆේස් බුක් නරක නැහැ නමුත් නරක ප්‍රතිඵල බහුලයි. (ස)
දෙමව්පියන්ට ප්‍රශ්නයක් තමයි. පොඩි කාලයක් දෙන්න ඕනේ.(නදී)
මාත් නවත්තනවා කවුරුහරි සල්ලි දෙනවානම්.. කෝ නෑනෙ..!(නු)
තුෂාර, ඔයාගෙන් කාර්යාලයේ වැඩ ගන්නේ එහෙම ද ?(නදී)
තාත්තට පේස්බුක් එකේ පාස්වර්ඩි එක දීලා වෙන එකක් හදාගන්න පුළුව්නනේ. ඕක බොරු වැඩක්. අන්තර්ජාලය තහනමි කලා නම් ඔයිට වැඩිය සාර්ථකයි.(නදී)
අද කාලේ එක ළමයෙකුට පේස් බුක් එකවුන්ට් කීයක් තියෙනවද එක එක නමි වලින්. ඉතින් එකක පාස්වර්ඩි එක තාත්තට දීලා අනිත් එකෙන් ඇතුළුවන්න පුළුවන්නේ.(නදී)
සිසිර හරි. මෙහෙ අපිට දරුවෙකුට අවවාදයක් දීලා හදාගන්නවත් නීතියෙන් ඉඩක් නැහැ. හරිම ඛේදජනක තත්වයක්. අපේ සංස්කෘතියේ වටිනාකම සුද්දන්ට තේරෙන්නේ නැහැ. අපේ දෙමවිපියන්ට අපි තාමත් ගරු කරනවා. මෙහේ ළමයි කිසිම ගරුසරුවක් නැහැ වැඩිහිටියන්ට. අපේ ළමයි මුලසිටම අවවාද කරලා හදා නොගත්තොත් ඉවරයි.(නදී)
ඉතා හොද තීරණයක් (දී)
සරත්, ඇමරිකාවේ ඉදගෙන කෑගහන්නේ නැතුව ලංකාවට එන්න. (නි)