මරාගෙන මැරෙන බෝම්බ කරුවකුගෙන් තම පාසලේ සිසුවන් ආරක්ෂා කිරීමට දිවි පිදු පාකිස්තාන සිසුවකු ජාතික වීර සම්මානයකින් පිදීමට යයි.
එය ‘සිතාරා ඒ ෂුජාත්’ වීර සම්මානයයි. පාකිස්තානයේ හන්ගු නගරයේ පාසලක අධ්‍යපනය ලැබූ ඔහු අයිසාස් හසාන් 14 හැවිරිදි සිසුවෙකි.
බෝම්බ බැඳ සිටින බෝම්බකරුවකු පාසලේ ප්‍රධාන ගේට්ටුවෙන් ඇතුළු වෙමින් සිටියදී පාසලේ ළමෝ උදෑසන රැස්වීම සඳහා රැස් වෙමින් සිටියහ. බෝම්බකරු දුටු ඔහු ඉදිරියට පා තැබුවේ අනෙක් ළමයින් එපා කියමින් කෑ ගසද්දීය.
බෝම්බකරු නැවතීමට උත්සහ දැරීමේදී බෝම්බ පිපිරී ගියේය. රෝහලට ඇතුළු කිරීමෙන් පසු අයිසාස් මිය ගියේය. පාසලේ අනෙක් කිසිම සිසුවෙකුට අනතුරක් සිදු වී නැත. ඔහුගේ වීර කි‍්‍රයාවෙන් එදා දහසක් පමණ සිසුන්ගේ ජීවිත බේරුණේය.
‘ළමයින් දහස් ගණනක් බේරා ගත් අපේ පුතා ගැන අපි සතුටු වෙනවා වගේම ඔහු අපට ආඩම්බරයක්’ යනුවෙන් අයිසාස්ගේ පියා පැවසීය. දස දහසක් පාකිස්තානුවන්ගේ හා ආරක්ෂක භටයන්ගේ ආචාර නමස්කාර මධ්‍යයේ ඔහුගේ සිරුර මිහිදන් කැරිණි
ඔහු අධ්‍යපනය ලැබූ පාසලද, හන්ගු නගරයේ කී‍්‍රඩා පිටියක් අයිසාස් හසාන් නමින් නම් කිරීමට යයි.එපමණක් නොව ඔහුගේ දෙමව්පියන්ට ඩොලර් 47000 ක (රුපියල් 6142900) තෑග්ගක් පරිත්‍යාග කිරීමටද කටයුතු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුපිරි පුතෙක්, ආචාරය පුද කරමි (දී)
මෙවැනි කට්ටිය අපේ රටෙත් කලින් ඉන්න ඇති . දැන් නං ඉතින් හොයාගන්න නං බැරි වෙයි මොකද දැන් අපේ රටේ මිනිසුන් හරිම ආත්මාර්ථකාමී වෙලා . කවුරු මොනවා කිව්වත් සත්‍ය එයයි (දී)
විනාශ කාරීන් අතරේ, මනුෂ්‍යයන් ද ඉන්නා බවට හොඳ උදාහරණයක්. (දී)
සහෝදරයා ඔබ ගැන අපට ආඩම්බයි. ඔබට නිවන් සුව පතමු. (දී)
සොයුර ඔබ එන ආත්මයේ බෞද්ධ රටක බෞද්ධයෙක් සේ ඉපිද මෙවන් අකල් මරණ වලට ලක් නොවේවා!(දිල්)
ලංකාවේ මියගිය හසලක වීරයා කටත් මතක ඇති.නමුත් ඔහුට ලැබුනේ ස්මාරකයක් විතරයි. පාකිස්තානේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ.(අ)
සරත් බොරු කියන්නෙපා පොඩ්ඩක් ඇත්ත හොයල බලල කතා කරන්න දන්නේ නැත්නම් කතා නොකර ඉන්න (අ)
පකිස්ථානයේ හසාන් සහ හසලක ගාමිණී රණ විරුවා යන මේ දෙදෙනාම එකම අරමුණක් වෙනුවෙන් දිවි පිදුවෝ වෙති. දෙදෙනාටම ආචාරය පුද කළ යුතුය. (අ)
සරත් මහතාණෙනි, හසලක ගාමිණී විරුවා වෙනුවෙන් ආණ්ඩුවෙන් ගෙයක් සහ අනෙකුත් පහහසුකම් ද දැනටමත් ලබා දී ඇත. (අ)
මහත නිසා දුවන්න බැරි වෙන්න ඇති.(නදී)