තමන් වැරදිකරුවන් කිහිප දෙනකු හෙලිකෝප්ටරයකින් බිමට දමා ඇති බවත් ඉදිරියටත් දූෂණ හා වංචා සිදුකරන නිලධාරීන් හෙලිකොප්ටරයකින් බිමට අතහැරීමට කටයුතු කරන බවත් පිලිපීන ජනපති රොද්‍රිගෝ ඩුටර්ටේ කියයි.
පිලිපීනයට බලපෑ සුළිකුනාටුව ගැන සිදුකළ කතාවකදී ඔහු මේ පැවසූ අතර ආධාර වලින් වංචා කරන ඕනෑම අයකුට මෙම දඬුවම ලබා දෙන බවද පැවසීය.
“මම මේක මීට පෙරත් කළා.ඇයි මට ආයේ කරන්න බැරි“යැයි ඔහු කීවේය.
මීට පෙර ප්‍රාණ ඇපකරුවකු මැරූ මංකොල්ලකරුවන් පිරිසකට හෝ මංකොල්ලකරුවකුට මෙලෙස සිදු කළ බවට ඉඟියක් ඔහු ලබා දුන් බව විදෙස් මාධ්‍ය පවසයි.
ඔහු මෙවන් ප්‍රකාශ කිහිපයක්ම සිදු කළ අතර යම් ප්‍රකාශ සම්බන්ධයෙන් පරීක්ෂණ ද පැවැත්වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජේන්, අර කියපු රටේ එහෙම හිටපු නායකයා මෙහෙම කිව්වලු. හාමුදුරුවනේ, මම හොරු රැක්කා, ෆයිල් යට ගැහුවා කියලා (නි)
තමන්ගේ දේශපාලන විරුද්ධවාදීන් හොරු කියල ලේබල් ගහලා බිමට දානකොට තමා ඔය හුරේ දාන කට්ටියට දවල් තරු විසිවෙන්නේ. අනේ හැබෑට ඔය විදියටම මිනිස්සු මරපු අතීතයක් සහ අඳුරු අත්දැකීම් තියන රටක මිනිස්සුත් මේ වගේ හුරේ තියනවනේ !!! (නි)
අපේ රටේ නම් පයිලට්වත් බිමට දාලා හෙලිකොප්ටරයත් උස්සයි (නි)
නමුත් වැට් වංචා සහ මහා බැංකු බැඳුම්කරය මේ දඬුවමට අදාළ නැහැ (නි)
හැබැයි එහෙම කෙනෙක් අපේ රටේ බිහිවුණොත් එක ඇමති කෙනෙක් යන එකක් නැහැ ගුවන් ගමන් (නි)
රජේන් කියන එ්වා දකිද්දී හිනාත් යනවා (නි)
අන්න නියම මිනිස්සු! (නි)
දැන් එතකොට එයාද නඩු අහන්නේ? එයාට පක්ෂපාතී අය හොරකම් කළොත් මේකම කරනවද? (නි)
ඔන්න ලොකුම හොර ආණ්ඩුව කණපිට හරවනවලු. පාඩුවේ ඉන්න සර් (අ)
මෙහෙම කෙළින් වැඩකළොත් හොරු බයවෙනවා (නි)
ඔබ වැනි පුද්ගලයින් රටට සම්පතක් (නි)
රජේන්, හොරු සමඟ හෙළුවෙන් ඉන්න එපා. කවුරුත් එහෙම නායකයෙක් එළවලා නැහැ. ඔහුමයි ඔහුගේ වළ කපාගත්තේ, තව අවුරුදු 2ක් පාලනය කරන තියෙද්දී. අපි දන්නා හැටියට නම් ලංකාවේ 100% පිරිසිදු දේශපාලඥයෙක් තාමත් බිහිවෙලා නැහැ (නි)
අපේ සමහරුත් හැමදේම දැනගන්නේ පත්තරෙන් නිසා එයාලත් මේවා බලනවා ඇති. මෙන්න නියම කොන්දක් තිබෙන නායකයෙක් (නි)
මෙහෙම නායකයෙක් එක රටකත් හිටියලු. ඒ රටේ මිනිස්සු ඒ කෙනා එළවාගත්තාලු. (නි)
මෙන්න මේ වගේ කෙනෙක් තමා දැන් ඕනෑ. උතුරේ පාලු ගෙවල් වල වළං බිඳින සමහර දේශපාලුවන්ට පාඩමක් උගන්නන්න (නි)
හොරුන්ට, මංකොල්ලකාරයන්ට, ජනතා මුදල් හොරාකන අයට අපේ පාලකයොත් දෙන දඬුවම ඒකතමයි (නි)
නියම නායකයෙක්. (නි)
අනේ අපේ රටට එන්නකෝ බලය ගන්න (නි)
මාධ්‍යවේදීන්ට පහරදෙන්න එහෙම අණ දුන්නේ නැද්ද?
මොහු වැනි පාලකයෙක් ලැබීම පිලිපින ජනතාව ලැබූ විශාල භාග්‍යයක්. දූෂිතයන්ට දිය හැකි දඬුවම් මේවා තමා (නි)