තරු පහේ හෝටලයක් බවට කළ සිරගෙදරකි. පිහිටියේ නෙදර්ලන්තයේය.
‘‘හෙට් අරෙස්තුයිස් ‘‘නමින් එදවස හැදින්වූ මේ සිරගෙදර නෙදර්ලන්තවාසීන්ට බිය ගෙන දුන් ස්ථානයක් විය. සිරකරුවන්ට දැඩි දඩුවම් දීම සම්බන්ධයෙන් ප්‍රකට මේ සිරගෙදර එදා දරුණු ගණයේ අපරාධකරුවෝ සිටියහ.
1862 වසරේ ආරම්භ කර එළැඹුණු දශක කිහිපයේ කිහිප වරක් වසා දැමුණු මේ සිරගෙදර 2007 වසරේදී සම්පූර්ණයෙන්ම අත්හැර දැමුණි.අනතුරුව ආරම්භ වූයේ සිරගෙදර හෝටලයක් බවට පත්කිරීම සදහා වන ක්‍රියාවලියයි. ඒ සියල්ල අවසාන් වී දැන් ‘‘සිරගෙදර‘‘ තරුපහේ හෝටලයක් ලෙස විවෘත කර තිබේ.
සිරගෙදර වූ සිරකුටි 105 හෝටල් කාමර 40 ක් බවට පත්කර ඇති අතර සිරකරුවන්ගේ පෙරට්ටු පැවැත්වූ පිටියේ දැන් ඇත්තේ ඉතා අලංකාරව සැකැසූ උද්‍යානයකි.මේවාට අමතරව අවන්හල්,ශරීර සුවතා මධ්‍යස්ථානයක් ආදී ලෙස හෝටලයේ නවාතැන් ගන්නවුන්ට අවැසි සියලු පහසුකම්ද සපයා ඇත.
තරුපහේ ‘‘සිරකුටියක‘‘සුවය විද ගැනීමට බොහෝ දෙනා පැමිණෙන බව හෝටලයේ බළධාරීන් කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ටික සිරකරුවන්ටත් දුන්නනම් වැහෙන්නේ නෑනේ.....? (ස)
අපේ වැලිකඩත් හෝටලයක් කරනවාලු නේද? (නි)
මෙහේ ඒවත් වහලා හෝටල් හදමුකෝ... (නි)
ඒ වුණාට අපේ හිරගෙවල් වල තියෙන සමහර පහසුකම් මේ හෝටලයේ නැහැ. (නි)
වැලිකඩ හිරකරුවෝ ටික එළවලා අපිත් හදමුකෝ හෝටලයක්. (නි)
සල්ලි තියෙන අයට නම් හිරගෙදරත් ඕවා තියෙනවා. (නි)
මටත් හිරේ යන්න හිතෙනවා (දී)
හිරගෙවල් වලදී දුක සැප ලැබෙන්නේ හිරේ ගිය පුද්ගලයාගේ තරාතිරම අනුවයි කියලා අපි අහලා තියෙනවා. (නි)
අපේ රටේ නම් දැන් සිදුවෙන අපරාධ වල වැඩිකමට ඉදිරියේදී හෝටලුත් හිරගෙවල් කරන්න වේවි. (නි)
ඒ වුණාට හෝටලේ ලංකාවේ හිරගෙවල් ඇතුළේ වගේ ටෙනිස් බෝල සෙල්ලම් කරන්න බැහැනේ. (නි)
මාවත් අත්අඩංගුවට ගන්නවද ඔය හිර ගෙදරටම.(නදී)