අනවසර සංක්‍රමණිකයින් දහසක් පමණ දෙනා රැගෙන යාත්‍රා කරමින් සිටි බෝට්ටුවක් අත්අඩංගුවට ගැනීමට ඉතාලි නාවික හමුදාව පසුගියදා සමත්විය.
ඉතාලි මාධ්‍ය වාර්තා කරන පරිදි සංක්‍රමණිකයින් එහි ගාල් කර සිට ඇත්තේ එකිනෙකා පිට එකිනෙකා සිටින සේය.දෙතුන් සියයකට පහසුකම් සැළසීමට පමණක් ප්‍රමාණවත් බෝට්ටුව යම්යෙහෙකින් පෙරළී ගියේ තත්ත්වය බරපතල වීමට තිබුණේ යැයි එම වාර්තා වල වැඩිදුරටත් සදහන් වේ.
ඉතාලිය හා ග්‍රීසිය මේ දිනවල අනවසරණ සංක්රමණිකයින්ගේ ස්ථීර නවාතැන් බවට පත්ව තිබේ. නයිජීරියාව, ලිබියාව, සිරියාව, වියට්නාමය ආදී රටවලින් පැමිණෙන මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගත්විට නිදහසට කරුණු ලෙස සදහන් කරන්නේ තම රටවල සිදුවන ඝාතනයන්, සිවිල් යුද්ධ, වලින් දිවි බේරාගැනීමට හා විරැකියාවට පිළිතුරක් ලබාගැනීමට ජීවිත අවදානමද නොතකා මෙසේ පැමිණෙන බවයි.
යුරෝපයට මේ වසරේ පමණක් අනවසර සංක්‍රමණිකයින් ලක්ෂ 2 කට ආසන්න සංඛ්‍යාවක් පැමිණ ඇතැයි සදහන්ය.ඒ අතර නෞකා පෙරළීයෑමෙන් මුහුදේ අනතුරට ලක්ව මියගොස් ඇති සංඛ්‍යාව 2000 ක් පමණ වේ.
බි්රතාන්යය,ප්‍රංශය වැනි රටවල් පැමිණෙන සංක්‍රමණිකයින් මර්දනය කිරීමේ වැඩපිළිවෙල දියත් කර ඇතත් ඒවායින්ද සැළකිය යුතු ප්‍රගතියක් අත්කරගැනීම නොහැකිව තිබේ.

![295937F300000578-3111055-image-a-38_1433426650686[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/06/295937F300000578-3111055-image-a-38_14334266506861.jpg)
![2959357C00000578-3111055-Around_25_refugee_boats_have_been_picked_up_by_ships_from_Italy_-a-12_1433431739849[1] - Copy](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/06/2959357C00000578-3111055-Around_25_refugee_boats_have_been_picked_up_by_ships_from_Italy_-a-12_14334317398491-Copy.jpg)
![2959394B00000578-3111055-image-a-48_1433426863366[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/06/2959394B00000578-3111055-image-a-48_14334268633661.jpg)
![2959358400000578-3111055-Sorry_start_to_life_A_baby_is_brought_onto_the_Italian_naval_shi-a-4_1433431739807[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/06/2959358400000578-3111055-Sorry_start_to_life_A_baby_is_brought_onto_the_Italian_naval_shi-a-4_14334317398071.jpg)
![2959393900000578-3111055-image-m-45_1433426817312[1] - Copy](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/06/2959393900000578-3111055-image-m-45_14334268173121-Copy.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුරෝපීය ආක්‍රමණිකයන් වීසා නොමැතිව අපේ රටවල් වලට බලෙන් ඇතුළුවෙලා කොල්ලකෑ අපේ සම්පත් වලින් දියුණු වුණාට පස්සේ අපේ අය ඒ රටවලට අනවසරයෙන් ගිහිල්ලා යමක් කමක් හොයන එකේ වැරැද්දක් මා නම් දකින්නේ නැහැ. (නි)
පුත්තලමේ ඉන්නව දෙමලත් සිංහලත් බැරි අමුතු භාෂාවලින් කතාකරන පුද්ගලයෝ. ඒ අය මේ වගේ ඉරානයෙන්, පකිස්ථානයෙන් ආපු කට්ටිය. අපේ ආරක්ෂක අංශ ක්‍රියාත්මක වෙන්න ඕන. නැත්නම් වැඩි කලක් යන්න ඉස්සෙල්ල අපේ රට අයි ඒස් එකට යට වෙනවා. (ම)
ඉතාලියට බුදුසරණයි තව අවුරුදු දෙක තුනක් යද්දී ඉතාලිය සිරියාව වගේ වෙලා තියෙන එක අනිවාර්යි. (නදී)
ඉතාලිය කියන්නේ ලොව පවතින හොඳම රට. දිනපතා දන් දෙන රටක්. පල්ලි වලින් අපේ අයම කී ලක්ෂයක් කනවා, බොනවා, නානවද ඇඳුම් ලබා ගන්නවද. ජොබ් කරන බොහෝ අයත් දවල්ට බබාල වගේ කන්නේ එතනින් ඒ මිනිසුන්ට පිට රැටියන් එපා කරන්නෙත් මේ මෙහෙම එන සමහර අසරණයොම තමා.(නදී)
මෙතන ඉන්නේ 99.9% මුස්ලිම් කට්ටිය ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ රටවල ජීවත් වෙන්න ගැටළුවක් නැහැ. කව්රුවත් ඇවිත් මුස්ලිම් අයගේ බෙල්ල කපන්නේ නැහැ. නමුත් මේ යන ගමන බටහිර රටවල් වලට පැනල ඒවත් විනාශ කරන්න තමා (නදී)
අන්තවාදීන් තමන්ගේ රටේම අය මරනවා. ඊටපස්සේ එයාලම මරා ගන්නවා. ඊට පස්සේ රටේ ඉන්න බැරුව වෙන රටවලට පැනලා ඒ රටවලුත් විනාශ කරනවා. ලංකාවටත් කවදාහරි වෙන්නේ ඕකම තමයි. (නි)
ජීවිතය පරදුවට තබා ඉසුරු සොයා සරණාගතයන් ලෙස යන මේ ගමන ගැන දන්නේ ඔවුන්ම පමණි (නි)
සුද්දන්ගේ ආර්ථිකය කඩාවැටිලා.දැන් ග්‍රීසියට පෘතුගාලයට ,ස්පාඤ්ඤයට එහෙම වැඩිය ලංකාව හොඳයි. (නි)
යුරෝපීය රටවල් දියුණු වුණේ ඒ අයගේ විද්‍යාව, තාක්ෂණය, නව සොයාගැනීම්, උත්සාහය නිසා. නැතුව මෙහෙන් ගෙනිච්ච දෙයක් නිසා නෙමෙයි.සුද්දා නොඑන්න අපි තවමත් රජෙකුගේ යටත්වැසියෝ... (නි)
අනේ මන්ද මේවට ඉතින් වැරද්දක් කියන්නත් බැහැ. (ර)
ලොව පුරා ඇමරිකාවේ යහපාලන යුද්ධ ....මිනිසුන් වෙලා සුද්ද..... (නි)
දැන් කැනඩාව , ඉතාලි පුරවැසියන් පවා සම්පුර්ණ පරීක්ෂණයකට භාජනය කරනවා විසිටින් වීසා වලදී ... (නි)
ලෝකය පුරා යුද්ධ ඇතිවෙන්නේ අන්තවාදීන් නිසා...මෙතැන අදහස් කරන සමහරක්ට අනුව යුද්ධ ඇති කරන්නේ සුද්දාලු, ඇමරිකාවලු... සමහරුන්ගේ ලෝක දැනුම ඒකෙන්ම පේනවා. පළමුව ඉංග්‍රීසියෙන් පළවෙන පතපොත කියවා ලෝකය ගැන හදාරන්න... (නි)
ලෝකය පුරා යුද්ධ ඇතිකරන ඇමරිකාවටම යවමු (නි)
අකලංක ,හොර සුද්දෝ ඔය ජනතාවගේ රටවල් විනාශ කරනවා ,මේ ජනතාවත් හොර සුද්දන්ගේ රටවල් ඉදිරියේදී විනාශ කරාවි (නි)
සුද්දන්ගේ රටවලුත් වනසාවි මේ මිනිස්සු (නි)
අසරණකමටනේ මේ හැමදේම කරන්නේ (නි)