සූර්යයාගේ කි‍්‍රයාකාරීත්වය අඩුවී ඇතැයිද එනිසා කුඩා පරිමාණ අයිස් යුගයකට පෘථිවියට මුහුණ දීමට සිදුවනු ඇතැයිද විද්‍යාඥයෝ අනතුරු අගවති.
වසර 100 කට පසු ප්‍රථම වතාවට සූර්යයාගේ කි‍්‍රයාකාරීත්වය අඩුවී ඇතැයි පැවසේ.සූර්යයා ‘‘නින්දට‘‘ ගොස් ඇතැයි ලෙස විද්‍යාඥයෝ මෙම තත්ත්වය හදුන්වති.
මින් පෙර මෙවන් තත්ත්වයක් වාර්තා වී තිබෙනුයේ 1645 වසරේදී බව සදහන්ය.එවකදී අධි ශීත කාලගුණයක් ලොව පුරා පැවති බවත් විශේෂයෙන් සීත සෘතුවේදී දැරිය නොහැකි තරමේ සීතලක් පැවති බවත් කියවේ.
පෘථිවිය මත සෘතු වෙනස් වන්නා සේ සූර්යයා මතද විවිධ වෙනස් කම් සිදුවන බව විද්‍යාඥයෝ සොයාගෙන තිබේ.එම සොයාගැනීම් වලට අනුව එක් සමයකදී සූර්යයා ගිනි දලූ විහිදුවමින් උපරිම මට්ටමේන් කි‍්‍රයාකාරී වන අතර තවත් සමයකදී යන්තම් ගිනි දැල්ලක් දෙකක් නිකුත් කරමින් අවම මට්ටමෙන් කි‍්‍රයාකාරී වේ.මෙම වෙනස් වීම් වලට ගතවන කාලය සූර්ය චක්‍රයක් ලෙස හැදින්වේ.
කෙසේ නමුත් මේ වෙනස්වීම් නිශ්චිත රටාවකට සිදුනොවන විද්‍යාඥයෝ කියති.මෙවර සූර්යයා අවම ලෙස කි‍්‍රයාකාරී වනු ඇතැයි පෙර සිතා සිටි කාලයට වඩා පෙර සිටම සූර්යයා ‘‘විවේක‘‘ ගනිමින් සිටීම මේ බව හොදින්ම පෙන්වා දෙන්නක් යැයි ඔවුහු පවසති.
2014 වසරේදී සූර්යයා උපරිම අයුරින් කි‍්‍රයාකාරී වනු ඇතැයි විද්‍යාඥයෝ සිතා සිටියහ.නමුත් දැන් සූර්යයා කි‍්‍රයාකාරී වෙමින් පවතිනුයේ අවම මට්ටමේ සිටය.
සූර්යයා දිගින් දිගටම මෙසේ කි‍්‍රයාකාරී වන්නේ එළැඹෙන වසර 40 ක කාලය අතරතුරදී පෘථිවියේ කාලගුණය සැළකිය යුතු මට්ටමකින් වෙනස් වනු ඇතැයි විද්‍යාඥයෝ පවසති.ශීත සෘතුවේදී වඩාත් ප්‍රවේසම් වීමට සිදුවනු ඇතැයි ඔවුහු කියති.
එසේවුවත් තවත් විද්‍යාඥයින් පිරිසක් පවසන්නේ මෙය බිය වීමට දෙයක් නොවන බවයි.අතීතයේ මෙන් නොව දැන් සූර්ය චක්‍රයක් සිදුවීමට වසර සිය ගණනක් ගත වන්නේ නැති බවත් වසර දෙක තුනකින් සූර්ය චක්‍රයක් සිදුවනු නිරීක්ෂණය කළ හැකි බවත් ඔවුහු කියති.
මෙනිසා සූර්යයා නුදුරේදීම උපරිම කි‍්‍රයාකාරීත්වයට එළැඹෙනු ඇතැයි ඔවුන්ගේ මතයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ නිසා වෙන්න ඇති මේ දවස් වල උදේට මාර සිතල (දී)
ඊයෙ හවසත් මම හිරු එක්ක සෙට් වුනා.(නදී)
ලෝක විෂය ගැන විද්ද්යාඥයින් අද කියනදේ ,එදා බුදු හාමුදුරුවන් දේශනා කරලා තියනවා,එයින් එහා දෙයක් නැහැ,සොබා දහමට ලොවේ අවනත නොවෙන කිසිවක් නෑ, (නදී)
ක්‍රිස් මිහිකත කියන්නේ අපේ පෘථිවිය. අනිත් එක මොන දෙයියෝද දන්නේ නෑ නේද මිහිකත මැව්වේ. මන් හිතුවා මේ වෙබ් පිටුව බලන මිනිස්සු බුද්දිමත් කියලා. ක්‍රිස් වගේ කට්ටියත් ඉන්නවනේ.(නදී)
මම දකින විදියට සීත කාලගුණයත් නරකම නැහැ සමහර වෙලාවට.(නදී)
මෙවැනි දේ පිළිබඳව අදහස් ප්‍රකාශ කිරීමට පෙර මේ දියුණු ලෝකයේ මේ දේ පිළබඳව විස්තර ලබා ගැනීමට අන්තර් ජාලය හා නොයෙකුත් පොත් ලියෙවී ඇත. (අ)
සෑම් හරි .මම ඉන්න පළාතේ අංශක 45 ට නැගලා. ලබන සතියෙත් ඔය ගානට කිට්ටු වෙයි (දිල්)
වෙන සක්වලකට යන්න ලැස්ති වෙන්න (අ)
ඕව සමහරු මාද්‍ය ප්‍රචාරය බලාගෙන කරන ප්‍රකාශන . ඕවගේ ගත යුත්තක් නැහැ ඔය වගේ මෝඩ කතා කීයකට අපි පහුගිය කලේ රැවටුනාද . ඕව ගණන් ගන්නේ නැතිව අපේ වැඩ කරගෙන යමු අපි මෙහෙ ඉදන් කොච්චර දඟලුවත් ඉරට ඒවා දැනෙන්නේ නැහැ . (අ)
වතුර ගහල හරි හිරු ඇහරවමු එතකොට හරිනේ.(නදී)
සොබා දහම හරියට රැකගමු එතකොට ප්‍රශ්න නැහැ.(නදී)
අපිනම් ඔය බොරු මනස්ගාත වලට බයේ ඉන්නෙ නැහැ. (නදී)
ඉස්සර මිනිස්සු වැඩිහිටියන්ට දෙවියන්ට ගුරුවරුන්ට ගරු කලා. එදා සමාජය හුඟක් වටිනවා. (නදී)
පැරිසියත් දැන් දැන් සිතල වේගන එනවා හැබැයි ගිය ජනවාරියේ මෙයිට වැඩිය සිතල තිබුනා. හිම වැටුනා තවම හිම නැත.(නදී)
පිස්සු කෙළින්නෙ නැතිව නැගිටින්න කියහං.(නදී)
දෙවියන් හදපු මේ මිහිතක ගැන ඔය කාටවත් අනාවැකි කියන්න බැහැ. හැමදේම වෙන්නේ දෙවියන්ට ඕන විදිහට විද්‍යාඥයන්ට දෙයියන්ගෙම පිහීටයි.(නදී)
ලෝකේ වෙනස් කරන්න අපේ පළාත් සභාවල ඉන්න මන්ත්‍රීලටත් පුළුවන්.(නදී)
දෙවියන් කියල කෙනෙක් නැහැ. මිනිස්සු දෙවියන් මැව්වා කියල කියනවා තමන්ට උත්තර නැති ප්‍රශ්නවලට.(නදී)
මේ ලෝකය වෙනස් කරන්න දෙවියන්ට මිසක් වෙන කාටවත් බැහැ.(නදී)
ඒකනම් ඇත්ත (දිල්)
මොන බොරුද? සූර්යාගේ ක්‍රියාකාරිත්වය ඩබල් වෙලා මිසක් අඩුවෙලා නැහැ. ඕස්ට්‍රේලියාවේ මම ජීවත් වන නගරයේ පසුගිය සතියේ සඳුදා සිට සිකුරාදා දක්වා දවස් පහම සෙල්සියස් අංශක 42 හෝ ඊට වඩා වැඩියි. සඳුදා උදේ 10 ට විතර ඒ සී දාපු ගමන් රෑ දවල් නැතුව අඛණ්ඩව දුවලා සෙනසුරාදා පාන්දර තමා ඕෆ් කලේ.(නදී)
ෆෑන් කරකවන්න අවශෂය නැති නිසා විදුලි බිල අඩුවී රටටම විදුලිය ඉතුරු වේ. (දී)
බුදු දහම බොරුවක් බව කියන කවුරු හරි ඉන්නවානම් අනාගත වංශ කතාව කියවන්න, ඒකේ තියෙනවා ඔය සිද්දිය සවිස්තරව (දී)
කොහොමත් ඉදිරිය යහපත් වෙන්නේ නැහැ.(නදී)
සීත යුගයක පෙර නිමිති මුලින්ම කියල තිබුනේ ආතර් සී ක්ලාක් මහතා. එය ලංකාවට බලපාන විදිහ එතුමා කියල තිබුනා. මට මතක විදිහට. (නදී)
ක්‍රිස් මෙතන කතාව තියෙන්නෙ සූර්යා ගැන මිසක් දෙයියෙක් මැව්වයි හිතා ඉන්න ප්‍රථිවිය ගැන නෙමෙයි.(නදී)
සීතල රටක ඉදන් මුළු ලෝකය ගැනම අනාවැකි කියල හරියන්නේ නැහැ. ලංකාව ඉන්දියාව වගේ රටකට ඇවිත් බලන්න ඕනැ හිරුගේ ක්‍රියාකාරිත්වය කොහොමද කියලා. (නදී)
හිරු නිදි තමයි. හරිම සීතයි. අයිස්ලන්තයට හැමදාම හිම.(නදී)
මේ පල්ලෙහා වෙන ඒවා දැකල හිරු සියදිවි නසාගනිමින් ඉන්නේ. (නදී)
අනේ මන්දා , ඔහොම ගිහින් ඕක නිවිලා ගියොත් අපි ඔකොම ඉවරයි.(නදී)