කොන්ක්‍රීට් සිර මැදිරියක වසර 66ක් සිටි හනාකෝ නමැති අලියා ස්වභාවික උද්‍යානයකට නිදහස් කරන්නැයි ඉල්ලා ජපන් වැසියන් 50,000 ක් පමණ පෙත්සමකට අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
හනාකෝ නමැති අලි පැටවා ජපානයේ ටෝකියෝ නගරයේ ඉනොකෂිරා උද්‍යාන සතුන් වත්තට ගෙනවිත් ඇත්තේ වයස අවුරුදු දෙකක් පැටවකුව සිටිය දී තායිලන්තයෙනි. ඒ 1949 වර්ෂයේ දී ය. හනාකෝ ගැහැනු සතෙකි. ඇගේ වයස අවුරුදු 68 කි. අලියකු ජීවත්වන උපරිම වයස් සීමාව ඉක්මවා සිටින හනාකෝ දැන් මහලුව දුබලව සිටින්නීය. ඇගේ දත් දැන් ඇයට අහිමිය. ආහාර දිරවීමේ ගැටළුවලින් ඇය පීඩා විදින බව සත්වෝද්‍යාන බලධාරීන් පවසයි.
ජපානයේ වැසියෝ මහළු හනාකෝ සමග ඡායාරූප වලට පෙනි සිටින්න දැඩි උනන්දුවක් දක්වති. පරිසරවේදින් හා සත්ත්ව අවිහිංසාවාදී සංවිධාන පවසන්නේ දැන් හනාකෝගෙන් මුදල් සෙවීම නවතා හනාකෝ නිදහස් පරිසරයකට ගෙන ගොස් රැකබලාගත යුතු බවයි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් අසරණ සතාව දැන්වත් නිදහස් කරන්න පුළුවන්නම් ඒක ලොකු පිනක්. අපිටනම් ගොඩක් දුකයි (බ)
පරිසරය මාරුකරන්න එපා. හනා වයසයි. අලුත් පරිසරයකට පුරුදු වෙන්න කාලය මදි. පුංචි ළමයින්ගේ මැද ඉන්න දෙන්න. (නි)
දියුණු තාක්ෂණයක් තිබෙන රටක් හැටියට මේ සතාව තව සෑහෙන කාලයක් ජීවත්කරවන්න පුලුවන්.... (නි)
ඔව් ඒක නම් හොඳයි. සතාව නිදහස් කරන්න ඕනෑ. (නි)
විකාර කියන්න එපා අචිර. අලියෙකුට ඕනෑ කොන්ක්‍රීට් ගොඩක් නොවෙයි, කැලෑවක්. උන්ට අවශ්‍ය ස්වභාව ධර්මය මිස සත්වෝද්‍යාන නොවේ. (නි)
කොන්ක්‍රීට් වනාන්තරයක සිටීම මොන සැපතක්ද? (නි)
අපේ තැනකට එවන්න (නි)
පවු අහිංසක සතා! (නි)
68 වසරක් ගියාට පස්සේද මේ අලියා ගැන දුක හිතුනේ? (නි)
ඔව් මේ සතා දැන් වෙනදාටත් වඩා හොදින් බලාගන්න කැලයට ගිහින් දැම්මොත් තවත් අසරණ වෙයි පිරිසිදු කරලා තියන බව නම් පැහැදිලියි ඉන්න තැන (බ)
තරුණ කාලේ නැති නිදහසක් දැන් මොකටද ?දැන් නිදහස් කලොත් නුපුරුදු පරිසරයක මේ සතා අනාථයෙක් වෙයිනෙ ...(ම)
ජපානයේ කොහොමත් ආයුෂ වැඩියි. (හේ)
පින් ඇති අපේ රටේ දේශපාලකයෙක් ඉන්නවනම් මෙයට මැදිහත්වී මෙම අලියාව පින්නවල හෝ උඩවලවේ අලි සෙවනකට ගෙන්වාගෙන සතුටින් තබන්න. (අ)
මහළු වි අසරණව සිටින විට කුඩා කල සිට ජිවත් වු නිවහනෙන් වෙන්කර කැලයට මුදා හැරියහොත් හනාකෝ නැමති අලියා සතුටුවේද? අප කවුරුන් හෝ සුපුරුදු පරිසරයෙන් ඈත් කර කැලැවේ දමා අවොත් සතුටු වන කවුරුන් හෝ සිටිනවාද? (ම)
මේ අලියව නිදහස් කරලා අනුරාධපුරය පැත්තේ අහිංසක ගම්වැසියන්ට හිරිහැර කරන දරුණු අලියකු ජපානයට යවන්න තියෙන්නේ (නි)
පෙර බවයේ පින්කර ඇති සතෙක්. ඉතා පිරිසිදු පරිසරයක මිත්‍රශිලී මිනිසුන් සමඟ ගෙවන ජීවිතය වනාන්තරයක ලැබෙයිද? (නි)
ජපානයේ කොහොමත් ආයුෂ වැඩියි. (නි)
හනා කෝ යනු මලක් වැනි ගැහැණු ළමයා යන අරුත ඇති යෙදුමකි. කොහොම වුණත් අපේ පන්සල් වල හෝ සත්ව උද්‍යාන වල ඉන්න අලින්ට වැඩිය නම් හනා කෝ වාසනාවන්තයි, එයාට දම්වලින් වලින් නිදහස්ව සිටිය හැකි නිසා. පිටිගල, මේ අලියා තායිලන්තයෙන් ගෙන්වාගත් අයෙක්. ඔබ හිතනවද ජපන් රජයට මේ අලියා ලංකාවට එවන්නට හේතුවක් දක්වන්න පුළුවන් කියලා? එහෙම අවශතාවයක් තිබේ නම් පිලිපීනයේ සහ කොරියාවේ සත්ව උද්‍යාන දෙකක කූඩු වල සිරකර සිටින ශ්‍රී ලංකා අලි දෙදෙනා ගැන උනන්දු වෙන්න. (නි)
ජපානයේත් මේ වගේ හිතක් පපුවක් නැති අය ඉන්නවා කියන එක මට මේ දෙයින් තේරුණා. මෙම අලියා සිතිනුත් කයිනුත් සුවපත් වෙත්වා! (නි)
ඔබට මතකද "පුංචි අලි පැටියා" චිත්‍රපටිය රූපවාහිනියේ ගියා අවුරුදු 20 විතර කලින්? (නි)
පවු අහිංසක සතා! (නි)
මට හරිම දුකක් දැනුනා (නි)
අනේ අසරණ සතා. ලෝභ, දෝස, මෝහ නිසා අගතියට පත් සිත් ලොවට සිදු නොකරන හානියක් නැත.. අනෙකාගේ දුක වේදනාව තමාගේම දුකක්, වේදනාවක් ලෙසින් තේරුම් ගෙන සැනසීමක් ලබා දීමට කටයුතු කරමු. විටෙක එවැනි ගුණධර්මවලින් සැනසීම ලබන්නා මා මෙන් ම ඔබ ද විය හැක.. මිනිසුන්ගේ සිත්වල කරුණාව මෛත්‍රිය දියුණු කිරීමෙන් ම පමණයි සියළු සත්වයෝ සුවපත් කළ හැක්කේ. (අ)
නෑ, නෑ. නෑ !! මහලු අවස්ථාවේ එලියට ගිහින් මොනවා කරන්නද? අනිත් එක මුළු ජීව්තේම ගෙවපු තැනින් දැන් පිට ගියොත් අමුතු ලෝකයක අනාත බවට පත්වීමට ඉඩ තිබෙනවා. මිනිස්සු සතුන්ට කරන අපරාධ. (අ)