වෙනිසියුලාවේ ජනාධිපති හියුගෝ රැෆියෙල් චාවේස් ප්‍රියාස් අඟහරුවාදා අභාවප්‍රාප්ත විය.
මගේ හිත රිදෙන ප්‍රධානම කාරණය දුප්පත් කමයි ,මා කැරලිකාරයෙක් වුයේ ඒ නිසයි. චාවේස් වරක් එසේ කීවේය.
ඔහුගේ අභාවය වෙනුවෙන් දින හතක ශෝක කාලයක් එරට ප්‍රකාශයට පත් කළ අතර ඉක්වදෝරය හා කියුබාව දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කළේය.
අවුරුදු දෙකක කාලයක් තිස්සේ පිළිකා රෝගයෙන් පෙළෙමින් බලවත්ව රෝගාතුරව සිටි ඔහු මියයනවිට 58 වෙනි වියේ පසු විය.
පිළිකා රෝගයට ප්‍රතිකාර ගැනීම සඳහා කියුබාවට ගොස් සිටි ඔහු වෙනිසියුලාවට ආපසු පැමිණියේ මීට සති කිහිපටකට පොරාතුවය.
සමාජවාදියෙකු මෙන්ම දැඩි ඇමෙරිකා විරෝධියෙකු ලෙසට නමක් දරා සිටි චාවේස් වෙනිසියුලාවේ ජනාධිපති තනතුරට සිව්වතාවක්ම මහජන ඡන්දයෙන් තේරී පත්වූවෙකි.
ඔහු අවසන් වතාවට එම තනතුරට තෙරී පත්වුයේ ගිය වසරේ නොවැම්බර් මාසයේදීය. එහෙත් ඔහුගේ අයහපත් සෞඛ්‍ය තත්වය හේතුවෙන් එම තනතුරේ වැඩ භාරගැනීමේ සමාරම්භක උළෙලට සහභාගීවීමට ලැබුණේ නැත.
චාවේස් පාසැල් අධ්‍යාපනය අවසන්කළ පසු පැරෂුට් භටයෙකු ලෙස වෙනිසුවෙලාවේ ගුවන් හමුදාවට බැඳුණේය.
ඔහු 1992 දී එවකට පැවති කාලෝස් පෙරේස් ගේ රජය පෙරළා දැමීම සඳහා හමුදා කුමන්ත්‍රණයකට නායකත්වට දුන්නේය. එහෙත් එම කුමන්ත්‍රණය සාර්ථක වුයේ නැත.
මේ වරදට ඔහුට වසර දෙකක් සිරබත් කෑමට සිදුවිය. හිරෙන් නිදහස ලැබූ පසු චාවේස් සිය දේශපාලන ගමන ආරම්භ කළේ 1998 පැවතී ජනාධිපති වරණයට තරඟ කරමිනි. ඔහුගේ ඡන්ද පොරොන්දු වුයේ රාජ්‍ය තන්ත්රයේ එවකට ඔඩු ගොස් තිබු දූෂණය අවසන් කිරීම සහ නව ආර්ථික ප්රතිසංස්කරණයයි.
එවකට පැවැති රජයේ අක්‍රමිකතා සහ දුෂණ කෙරෙහි කලකිරී සිටි වෙනිසියුලාවේ ජනතාව චාවේස්ට ජයගහණය ලබාදුන්නාහ.
2002 දී හමුදාව ඔහු බලෙන් පහකරන ලද නමුත් වැඩිකාලයක් යන්නට ප්‍රථමයෙන් සිය බලය තහවුරුකරගනිමින් රාජ්‍යනායකයා වීමට සමත්විය.
සමාජවාදී ප්‍රතිපත්ති පිළිපැදි චාවේස් සැමවිටම උත්සාහකලේ පොදුජනතාවගේ නායකයකු ලෙස පෙනීසිටීමටය.
විවාහයකු වන ඔහු දෙවරක් දික්කසාද වී දරුවෝ සිව් දෙනෙක් ද මුණුපුරෝ සිව් දෙනෙක් ද වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොව පහලවූ වටිනා චරිතයක් (දී)
ඔබතුමා වැනි මිනිසුන් අපේ රටේ දේශපාලනයේ නැතිකම අපිට මහත් පාඩුවකි. (නි)
අදූරදර්ශී නායකයින් ලොව වැජඹෙන යුගයක ඔබ වැනි ධර්මිශ්ට නායකයින් මියයෑම ශෝචනීයයි. (නි)
ඔබ නම් සැබෑ වීරයෙක්. (නි)
හොඳ නායකයෙක්, හොඳ ආදර්ශයක් දුන්නා (අ)
හොද මිනිසුන්ට ආයුෂ අඩුයි. (නි)
ලෝකයට ඔබේ සේවය අවශ්‍ය කාලේ. ඔබ අපිට අහිමිවිය. ඔබට නිවන් සුව (අ)
හොඳ අයට මේ ලෝකේ ඉන්න වරම් නැහැ. වෙනිසියුලාවට එවැනිම නායකයෙක් බිහි වේවා! (නි)
ඔහු විශිෂ්ට නායකයෙක්. (නි)
නාමය නොදිරයි! (නි)
ඔබ අම්රනියයි (දී)
මගේ පපුව පැලෙන්න එනවා.(නදී)
මෙන්න නියම නායකයෝ. (නි)
තවත් කාලයක් ජීවත් වෙන්න ඕනෑ මෙහෙම මිනිස්සු තමයි. (නි)
ආදර්ශමත් කොන්ද පන තියෙන නායකයෙක් (දී)
ඔබ ලොව අධිරාජ්‍යවාදීන්ට ( බලවත් යැයි කියාගන්නා)මහත් හිසරදක් විය.ඔවුන් හදවතින්ම ප්‍රීති වන අතර, ඔබගේ වියෝව ලොව සමාජවාදී ජනතාවටත් මටත් දරාගත නොහැකියි.ඔබගේ ඉදිරි නායකයින් ඇමරිකන් විරෝදී ප්‍රතිපත්තිය ඔබමෙන් ඉදිරියට ගෙනයා ඇතියැයි සිතමි.ඔබට නිවන සුව. (දී)
ඔබට නිවන් සුව (දී)
ලෝකයේ සිටිය යුතු නායකයෙක්. මගේ උත්තමාචාරය! (නි)
ඔබට නිවන් සුව අත් වේවා
ලෝකයේ සිටිය යුතු නායකයෙක්. මගේ උත්තමාචාරය!(නදී)
ඔබට නිවන් සුව.(නදී)