සිය ස්වාමියාගේ සිතැගි තේරුම් ගෙන කි‍්‍රයාත්මක විය හැකි රොබෝ ‘‘බොටලේරුවකු‘‘ නිපදවීමට ඇමරිකාවේ කොර්නෙල් විශ්වවිද්‍යාලයේ සිසුහු පිරිසක් සමත් වුහ.
පිපාසයෙන් සිටී නම් බීමක් ගෙන දීමටද,කුසගිනිව සිටී නම් මයික්‍රොවේව් (ක්ෂුද්‍ර තරංග) උදුනට ආහාරයක් දමා රත් කර පිළිගැන්වීමටද මේ රොබෝ බොටලේරුවා සමත්ය. සිය ස්වාමියාගේ මුහුණේ සටහන් වන හැගීම් දෙස බලා ඔහු කුසගිනිව සිටීද,පිපාසයෙන් සිටීද, යන්න තීරණය කර අවශ්‍යතාව අනුව කි‍්‍රයාත්මක වීමට මේ රොබෝවාට හැකි බව සදහන්ය.
පරීක්ෂණ වලදී සියයට අසූදෙකක පමණ නිරවද්‍ය තාවයකින් මිනිස් මුහුණේ සටහන් වන හැගීම් හදුනාගැනීමට මේ රොබෝවාට හැකියාව ඇති බව හෙළිව තිබේ.
රොබෝවාගේ ‘‘ඇස්‘‘ ලෙස කි‍්‍රයාකරනුයේ ති‍්‍රමාණ දර්ශන ලබාදෙන කැමරාය.මේවා ආධාරයෙන් මිනිස් මුහුණේ සටහන් වන හැගීම් හොදින් නිරීක්ෂණය කිරිමේ හැකියාව රොබෝවාගේ පරිගණක පද්දතියට ලැබෙන බව රොබෝවා නිර්මාණය කළ සිසුන් පිරිස කියයි. මුලින් රොබෝවා සැළැසුම් කළේ හිස් වතුර කෝප්පයක් පුරවා දීම වැනි වැඩකටයුතු වලට වුවද පසුව කි‍්‍රයාකාරීත්වය වැඩිදියුණු කළ බව ඔවුන් පවසයි.
බීම පිළිගැන්වීම,කෑම පිළිගැන්වීමට අමතරව ගේදොර පිරිසිදු කිරීම ආදියටද මේ යකඩ බොටලේරුවා දස්කම් දක්වයි.
සැබැවින්ම රොබෝවෙකු කි‍්‍රයාකාරී විය යුත්තේ මිනිස් සිතැගි හදුනාගෙන බව කොර්නෙල් විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යා අංශයේ ප්‍රධානී මහාචාර්ය ඇසුටොෂ් සැක්සෙනා පවසයි.නමුත් එය සංකීර්ණ කි‍්‍රයාදාමයකි.
මේ නිර්මාණය ඒ අභියෝගය ජයගැනීමට මහගු පිටිවහලක් වනු ඇති බව ඔහුගේ අදහසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට නම් වටින්නේ කෑම,බීමට වඩා, සාක්කුව ගැන තේරුම් ගෙන , අමාරුවේ වැටුණු වෙලාවට සල්ලි ටිකක් අච්චු ගහලා හරි දෙන්න පුළුවන් රොබෝලා !! (නි)
මම හදනවා රොබෝ කෙනෙක්. ඒකා ස්වාමි පුරුෂයාගේ ඕනෑකම් හඳුනන ස්වාමි දියණියක්. (නි)
මොන රොබෝ එක ආවත් , ඒවා හදන්නේ මිනිසා . මිනිසා අබිබවා යෑමට හැකි රොබෝ වරුන් නොමැත. බට හිර සිනමාවේ සමහර විට ඕවා දැකීමට ඇත. (ස)
රෝබෝලත් මුස්ලිම් වේයිද?(නදී)
දිලිප්, වුවමනා නැති වචන කතා කරන්න එපා. (නි)
බලාගෙන. බැරි වෙලාවත් ස්වාමියා ස්වර්ගය ගැන හිත හිතා හිටියොත්??? (නි)
කවුරුත් දැනගන්න කැමැති වෙන එකක් නැහැ ඔළුවල තියන කැත අදහස්. රොබෝ දැනගත්තොත් අයිතිකාරයව මරලා දානවා (නි)
අපිව හමුවෙන්න ගෙදරට එන අයගේ සිතැඟි දැනගෙන අපට කියන්න පුළුවන් රොබෝවෙක් හදල දෙන්න බැරිද? (නදී)
පිට රට විශ්ව විද්‍යාල සිසුන් කොච්චර දියුණුද ? අපේ මිනිස්සු දන්නේ බෝර්ඩ් ලෑලි උස්සන් කෑ ගහන්න වීතරයි.(නදී)
මුස්ලිම් වුනාට කමක් නැහැ දිලීප්, බෞද්ධ වෙන්නෙ නැතුව. කපනවා කොටනවා, මරාගෙන මැරෙනවා... මොනවද මේ ? (නි)
හොඳ නිපැයුමක් මෙය අගය කල යුතුයි, කෙසේ හෝ මිනිසාගේ බුද්ධියෙන් ගතහැකි මෙවැනි නිර්මාණ උපයෝගී වනවාසේම ඉතාමත් නිර්මාණශීලී මෙයටත් ජාති බෙදා නොදාගත්තොත් හොඳයි නේද? (ස)