සිංහයෙකු සිප ගැනීමට යාමේදී සිංහයාගෙන් පහර කෑමට ලක්වූ තරුණියක් පිළිබඳව දකුණු අපි‍්‍රකාවෙන් වාර්තා වේ.
ලොරෙන් ෆගන් 18 හැවිරිදි කැනඩා තරුණියකි. සතුන්ට මහත් ඇල්මක් දක්වන ඇය මැක්ගිල් විශ්ව විද්‍යාලයයේ ඉගෙනුම ලබමින් සිටියදී ජීවිතාන්තය තෙක් සතුන්ගේ සිතැගි පරීක්ෂා කරන්න ඇයට වුවමනා වී ඇත. ඉන්පසු දකුණු අපි‍්‍රකා වනසත්ව පුනරුත්ථාපන මධ්‍යස්ථානයක ස්වේච්ඡා සේවිකාවක් වශයෙන් සේවයට බැදුණය.
ෆගන්ගෙ රාජකාරිය කූඩු පිරිසිදු කිරීම පමණි. සතුන්ට කෑම දීමට අවසර ඇත්තේ පුහුණු වෘත්තීකයන්ට පමණකි. දිනක් සිංහයන්ට කෑම දුන් පසු ඇය කූඩුවෙන් පිටත සිට සිංහයා සිඹ ඇත. එහිදී අවුරුදු 5ක් වයසැති ඩුමා නැමති සිංහයා ඇයගේ පාදයෙන් ඇද ඇය කූඩුව තුළට ගැනීමට තැත් කර ඇත. අනෙක් සිංහයන්ද මෙයට එක් වී තිබේ. කෑගැසීම ඇසී පැමිණි ස්වේච්ඡා සේවිකාවක් ඇය බේරාගත්තාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මමත් සිංහ...වෙඩි සිංහ,මාරසිංහ,වන සිංහ, එන්නකෝ මෙහෙ. (නි)
ජිවිත හානියක් නැතුව බේරුන එක ලොකු දෙයක් (නි)
ඕකට අපේ සාලියව හම්බ උනානම් නොමිලේ ගන්න තිබුනා. සිංහයෙක් ගාවට යන්න ඕන නේ සාලිය හරි කැමතියි ඕවගේ වැඩ වලට.(නදී)
පින්තුර වෙනුවට හැම ලිපියේම ලොකු ගොඩනැගිලි දෙකක් දාන්න එපා..හරි කැතයි (අ)
ඕස්ට්‍රේලියාවේ හිටපු කෙනා මැරුණේ සර්පයෙක් නිසා නොවෙයි 'මඩුවා' වර්ගයේ මාලුවෙක් නිසා. සතුන් ගැන අනුකම්පා කළයුත්තේ වෙන කිසිවක් නිසා නොව ඔවුන්ට වෙන අසාධාරණ වලට ඉදිරිපත් වීමට ඔවුන්ට නොහැකි නිසා. මිනිසුන්ට වෙන අසාධාරණ වලට අඩු වශයෙන් පොලිසි උසාවි යන්න පුළුවන්. එහෙත් අපි වන සතුන් ගැන ප්‍රවේශමෙන් කටයුතු කළ යුතුයි. (නි)
දැන් සිංහයාට බයද නංගියේ.(නදී)
අනේ මම ඒ සිංහයා වුනා නම් .. (නි)
හොද වැඩේ. ඔයාගේ කැනඩා සිංහයා මම, ගෙදර ඉදිත්දී අප්‍රිකාවේ සිංහයෝ ඉබින්න ගියාට (නි)
මෝඩකමට බෙහෙත් නැහැනේ. මේක තේරුම් ගන්න ඕනෑ (නි)
සතුන්ට සතුන්ගේ පාඩුවේ ඉන්න දුන්නා නම් ඉවරයිනේ. උන් කූඩු කරලා කරන සත්ව කරුණාවෙන් වැඩක් නැහැ. ඕස්ට්‍රේලියාවේ හිටියා කෙනෙක්, කිඹුල්ලු අල්ලගෙන දගලලා රූපවාහිනිය මගින් ප්‍රසිද්ධ වෙලා කෝටි ගණන් හම්බු කරගත්තා, නමුත් අන්තිමට සර්පයෙක් දෂ්ට කරලා මලා (නි)
සතා සතා මයි. ඒක කාටවත් වෙනස් කරන්න බැහැ.(නදී)
මගෙන් ඉල්ලුවානම් ඉවරයිනේ.(නදී)
ඕකට තමා කියන්නේ අනවශ්‍ය වේද කරන්න ගිහිල්ල ඉල්ලගෙන කනවා කියන්නේ. හොඳ වෙලාවට කන් ඇවිල්ල බේරුවේ.(අ)
තරම නොදැනද ඉඹින්න ගියේ. අනේ අපොයි මෙහෙමත් වැඩ! (නි)
ආගම කියන සංකල්පය මගින් මිනිස්සුන්ට දුන්න තෑගි තමා. පොඩිකාලේ ඉදලම කියල දෙන්නේ සත්තු මරණ විදිය. ලේ පෙන්න පෙන්න සතුට වෙන විදිය. තිරිසන් සත්තු නම් එහෙම කරනවා. පොඩි උන්ට දඩයම් පුරුදු කරන්න. (නද)ී
අද මිනිස්සු තිරිසන් වෙලා ඒවාට කව්රුත් කතා කරන්ඩ කව්රුත් නැහැ. හැබැයි සතෙකුට මොනා හරි එකක් නම් ඉතින් ?(නදී)
හොඳටම ඇති ඔයින් බේරුනා.(නදී)
පණපිටින් සතුන්ගේ බෙල්ල කපන්නේ තිරිසන්නු. ඒක කාටවත් නෑ කියන්න බැහැ.(නදී)
පණපිටින් සතුන්ගේ බෙල්ල කපන්නේ තිරිසන්නු. ඒක කාටවත් නෑ කියන්න බැහැ.(නදී)