අල්ලස් ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නඩුවක් විභාග වෙමින් තිබිය දී ගෝතමාලාවේ හිටපු ජනාධිපති ඔටෝපෙරස් මොලිනා සිරගතකරන්නැයි එරට අධිකරණයක් නියෝග කැර ඇත.
පසුගිය අඟහරුවාදා එරට කොන්ග්රස් මණ්ඩලය මොහුගේ බලය අත්පත්කරගෙන ඇත්තේ මොහුට විරුද්ධව බරපතල අපරාධ චෝදනා එල්ල කරමිනි.
කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයා චෝදනා සියල්ල ප්රතික්ෂේප කර සිටියි.
එරට උප ජනාධිපති රාජ්ය නායකයා ලෙස දිව්රුම් දී ඇත්තේ එන ඉරිදා එරට මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබියදීය.
මැතිවරණයෙන් ජයගන්නා පුද්ගලයා ගෝතමාලාවේ නව ජනාධිපතිවරයා ලෙස ලබන වසරේ ජනවාරි 14 වැනි දින දිව්රුම් දෙනතෙක් උප ජනාධිපති ඇලෙජැන්ඩ්රෝ මැල්ඩොනඩෝ එරට පාලනය කිරීමට බලාපොරොත්තු වෙයි.
මැල්ඩොනඩෝද උප ජනාධිපතිවරයා ලෙස ගිය මැයි මස මැද භාගයේදී පත්වූයේ හිටපු උප ජනාධිපති රොක්සනා බැල්ඩෙඩිටද දූෂණ චෝදනා එල්ල වීමෙන් පසු ඔහු සිය තනතුරෙන් ඉල්ලා අස්වීම හේතුවෙනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෝතමාලාවේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ (නි)
අපේ නම් හිරගෙදර ඉන්න ඕනෑ මහතුන් ඉන්නේ පාර්ලිමේන්තුවේ (නි)
හැම රටේම මේක කරන්න ඕනෑ. එහෙම වුණොත් නියමයි නේද? (නි)
එම රටේ එහෙම වුණත් අපේ රටේ ඕවා වෙන්නේ නැහැ. අල්ලස් ගත්තාට , ජාතික දේපොළ සහ මුදල් සොරකම් කළාට අපේ අය දිගු කාලයක් යහතින් සුරක්ෂිතව වැජඹෙනවා (නි)
මේකාගේ අවාසනාවට ගෝතමලාවේ ඉපදුනේ. මෙහෙ ඉපදුනා නම් නුඹත් රජෙකි පුතුනේ .....! (නි)
කලබලයට මට පෙනුනේ අපේ රටේ වගේ (නි)
පිටබැද්දර ජයා,මෙහෙ රජවරු දැන් මාළිගාවේ නැහැ.රජවරු ඉන්නේ ස්වාසිලන්තේ. (නි)
ඒකට අපේ අය! උපදින්න තිබුනේ ගෝතමාලාවේ. කිසිම බලවතෙකුට ලංකාවේ ඉපදී පව් ගෙවන්න බැහැ. දිනුවත් දිනුම් පැරදුනත් දිනුම්. ජනතාව හැමදාම පරාදයි. (නි)
සත්යා, ඔබේ කියමන නියමයි. අන්න ඒ විනිසුරු ලංකාවට ගෙනාවා නම්? (නි)
අපේ රටේ නම් කවදාවත් නොවෙන දෙයක්.(ම)
අපේ රටේ මෙම නිතිය නැති නිසා සංතොෂයි (අ)
දැන් සමහරුන්ට උපන් රටට වඩා හැම දේම උතුම් (ම)
ගෝතමාලාවේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ (නි)
හප්පේ මගේ පපුව! කියවලා ඉවරවෙනකොට තමයි දැනගත්තේ ඒ ගෝතමාලාවේ මිසක් ලංකාවේ නොවේ කියලා. (නි)
අපේ ඉන්න අය එවන්නද ගෝතමාලාවට? එයාල හිටියානම් ඔහොම වෙන්න දෙන්නේ නැහැ. ඕව අධිරජ්යවාදී කුමන්ත්රණ. ඉඩ දෙන්න එපා ඕවට.(අ)