ඔවුහු ලෝකයේ භයානක ම මාංශ භක්ෂකයෝය. බළල් කුලයේ දැවැන්තයන් වන මොවුන් කැලේ රජා යනුවෙන් හඳුන්වන්නේ ද දඩයමට ඔවුන්ගේ ඇති දක්ෂතාවත් අනුකම්පා විරහිත ආක්රමණයත් හේතුවෙනි. එවැනි සිංහ ධේනුන් හතර දෙනකු පුංචි හෝතඹුවකුට බියෙන් වලිග පස්සාපැත්තේ හංඟාගෙන පලා යනු ඇතැයි කෙසේ නම් විස්තර කරන්න ද ?
තමන් දඩයම් කර ගිල දැමීමට පැමිණි මේ බියකරු දැවැන්ත සිංහයන් හතර දෙනාට වඩා බොහෝ සෙයින් කුඩා හෝතඹුවා ආක්‍රමණශීලී ලෙස සිංහයන්ට ගොරවමින් ඔවුන් සපා කෑමට මෙන් ඉදිරියට පනිමින් හැසිරෙන විලාසය විශ්මය ජනකය.
මේ දුලභ දසුන ඡායාරූපයට නගා ඇත්තේ ප්‍රංශ ජාතික ඡායාරූප ශිල්පී ජෙරොම් ගිලෙයිමාට් විසිනි. කෙන්යාවේ පිහිටි මාසා මාරා ජාතික වනෝද්‍යානයේ දී ඔහු මේ අපූරු දර්ශනය දැක ඇත. ඔහු එය මෙසේ විස්තර කරයි
‘‘ තමන් ගොදුරු කර ගැනීමට පැමිණි මේ හෝතඹුවා සිංහයන් වෙත ගොරවමින් කඩා පනිමින් ඔවුන්ගේ මුහුණට පවා තුවාල සිදුකළා. සිංහයන් හෝතඹුවා අල්ලා ගැනීමට උත්සාහ ගන්නා සෑම අවස්ථාවක දී ම හෝතඹුවා මර බයේ වුවත් සිංහයන් ට තර්ජනය කරමින් ටිකෙන් ටික පසු බැස දිවගොස් ගුලක හැංගෙනවා මා දුටුවා. පසුව නැවතත් එතැන් සිට සටන ආරම්භ කරන හෝතඹුවාගේ කඩා පැනීමත් සමග කලබලයට පත්වූ සිංහයන් තමන් කරන්නේ කුමක් දැයි නොදන්නා ආකාරයෙන් හැසිරෙන්නට වුණා. මුගටියා ආරක්ෂිතව ගුලේ සැඟවී ගියා. සිංහ ධේනුවන්ට සිදුවුණේ තමන්ගේ තුවාල වූ නාසා හා කට දෙපස ලෙවකමින් පසු බැස යාමටයි.“
ජෙරොම් පවසන්නේ තමන් දැන් මෙය මාධ්‍යයට නිකුත් කළ ද එය සිදුවූයේ 2011 වර්ෂයේ දී බවයි.
‘






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නයයි මුගටියයි පොරකන හැටි දෑසින්ම දැකල තියෙනවා, රජින්දගේ අදහස හිනාවෙන්න හොද දෙයක් උනා (නදී)
සිංහයා හෝතඹුවාව සෙල්ලමට අරගෙන වගෙයි (නි)
හ්ම්ම්! සිංහයා සෙල්ලමට අරගෙන තියෙන්නේ... නැතුව මරන්න නොහැකිවාට නෙමෙයි (නි)
හේමන්ත හරි. මටත් කියන්න තියෙන්නේ ඒ ටිකම තමයි. (නි)
අයියෝ ලැජ්ජයි! (නි)
අවංකවම මෙතන සිදුවෙලා තියෙන්නේ සිංහ දෙනුන් බයේ පළායාමක් නෙමෙයි. ඒ සිංහ දෙනුන් මේ සතාට කරුණාව දක්වන එක වෙන්න බැරිද? (නි)
කොහොමද පොඩි එකාගේ වැඩ (නදී)
සිංහයෝ,කුළු මීමන්ගෙන්,ජිරාෆ්ලාගෙන්,කිඹුලන්ගෙන් මැරුම් කාපු අවස්ථා, ඇතුලත් වීඩියෝ පට අන්තර්ජාලයෙන් දැක ගන්න පුළුවන්. (ස)
අපේ ගමේ හිටිය "සිරිමා අක්ක " කියල කාන්තාවක් අපි කුඩා කාලේ .. ඇය තාමත් ජීවතුන් අතරයි, මට ඇයව සිහියට ආව , මේ කට අයාගෙන දගලන මුගටි දෙන දකිද්දී ..? (ස)
හේමන්ත හරි (නදී)
මුගටියා වඩාත් ප්‍රසිද්ධ නයා සමග පැය කීපයක්ම කරන ද්වන්ධ සටනටයි. ශබ්ද දමා කටින් ජයගන්න නිතරම උත්සාහ ගනී. දැවැන්ත කුළු හරක් බිම හෙලන සිංහයින් මුගටියාගේ කටට බය වෙන්න ඇති. (නි)
හිත ඇත්නම් පත කුඩාද? (නදී)
මේ පොඩි පැටව් පළවෙනි අත්දැකීම ලබනවා. (ස)
හිත ඇත්නම් පත කුඩාද කිව්වලු.(නදී)
මෙතන ගැහැණු සත්තු නේද ඉන්නේ? (නි)
තවම පොඩි පැටව් වගේ. ඇගේ හැමතැනම පුල්ලි තියෙනවා. (නදී)
මාළුවා නැහුනේ කට නිසා වුණාට.... හොතම්බුව රැකුණේ කට නිසාලු....(අ)
ඕක තමයි කියන්නේ "දාවිත්ගේ" මොලේට " ගොලියත්" කොච්චර ලොකු උනත් වැඩක් නැහෙ කියල. (අ)
මට නම් පෙනෙන්නේ මේ සිංහ ධෙනුන් මුගටියා සෙල්ලමට අරගන්න දගලන්නේ. ඌව මරන්න යන පාටක් පෙනෙන්න නැහැ. (අ)
මේකට තමා නිර්භීතකම කියන්නේ. මොනවා වුණත් මුගටියා කළ දේ කාටත් හොඳ ආදර්ශයක්. (නි)