බල්ලෙකු සිංහයෙකු කරන්නට තැත් කළ සත්වෝද්‍යානයක් ගැන චීනයේ හේනාන් ප්‍රදේශයෙන් වාර්තා වේ.
ටිබෙට් මැස්ටිෆ් වර්ගයට අයත් බල්ලෙකු කූඩු කර ඇති සත්ත්වොද්‍යාන බළධාරීන් කූඩුව ඉදිරිපසින් වූ පුවරුවේ සදහන් කර ඇත්තේ ‘‘මේ සිටින්නේ අපි‍්‍රකා සිංහයා යනුවෙනි.’
බළධාරීන් අපේක්ෂා කළ පරිදි රැවටු සත්ත්වෝද්‍යානය නැරඹිමට පැමිණි පිරිස නම් නොවේ.අවසන ඔවුන් සියල්ල කර ඇත්තේ තමන් සත්ත්වෝද්‍යානයට ඇතුළු වීමේදී ගෙවූ මුදල ඉල්ලා සිටීමයි.මේ කලබලය අතරතුර සිංහයා ‘‘බුරන්නට’’ පටන් ගැනීම නිසා සත්ත්වෝද්‍යාන බළධාරීන්ට තම මුදල් ගරා ගැනීමේ සැළසුම හකුළා ගැනීමට සිදුව තිබේ.
ලැජ්ජාව වසා ගැනීමට බළධාරීන් ප්‍රාදේශීය පුවත්පතකට පවසා තිබෙන්නේ සිංහයින් ප්‍රජනන කටයුතු සදහා වෙනත් සත්වෝද්‍යානයකට රගෙන ගොස් ඇති බවයි.සිංහයා බල්ලෙකු වී පැමිණියේ කෙසේද යන්න විමසු විට එයට දීමට පිළිතුරක් නම් ඔවුනට තිබී නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැළණියේ කට්ටයටත් වුනේ ඕක තමයි.(නදී)
දැන් ලංකාවේ සංවර්ධන වියාපෘති කරන ප්‍රදේශවල බල්ලෙක්ගෙ මිල රුපියල් දාහයි. චීන්නු බලුමස් කනවනේ! ඒ පැති වල මිනිස්සුන්ට ගජ වාසී. චීන්නු ලංකාවට ඕනෙවට වඩා වැද්දගැනීම එච්චර හොඳ නෑ.(අ)
බලපු අය මේකා බැලුවේ ඇස් වලින්ද? බල්ලා සිංහයා අදුරන්නෙ නැතී චීන්නු. (නි)
ලංකාවේ මෙහෙම දෙයක් වුණා නම් පිළිගන්න තිබ්බ එත් චීනයේ ? (ස)
මොනවද මේ කතා? (නි)
හැබෑට ඔය අදහස කාගේද දන්නේ නැහැ. ඇයි දෙයියනේ ඇස් පනා පිට පේනවනේ බල්ලෙක්ද සිංහයෙක්ද කියලා (නි)
අපිටත් ඔය ටිකම තමා (නි)
කබරගොයා තලගොයා කරගෙන කන ඇත්තෝ මේ ලංකාවෙත් කොච්චර නම් ඉන්නවද (නි)
සංජය, හීණියට දුන්න. හරි අගෙයි. (අ)
දැන් ලංකාවේ සිංහයන්ටත් වෙලා තියෙන්නේ මේ ටිකම තමයි. ඔක්කොම බලුවෙලා. (නි)
මේ ඉන්නේ ලෝකෙයේ වැඩියෙන්ම වටිනා බලුවර්ගයේ එකෙක්. සිංහයෙක්වත් එච්චර වටින්නේ නැහැ (නි)
චිනගේ පස්සෙන් යන ලංකාවත් ලගදීම බලු වෙනවා . චීනව ප්රවෙසමන් පරිහරණය කල යුතුය (නදී)
අයියෝ අයියෝ මෙහෙමත් නාටක? (නි)
මේ අයගේ බඩුත් මේ වගේම නේද? නොරොච්චෝලේ,හම්බන්තොට වරාය.(නදී)
මෙන්න චීනගේ වැඩ. තවම ලංකාවේ මහා ජනතාවට පෙන්නුවේ නැහැ .පෙන්නුවේ රජයට විතරයි . ඉදිරියට මහජනයාට චීන සර්කස් ,චීනය පෙන්නනකොට ලංකාවේ මහජනයාට වන්නේ උඩ බැලුම් බලාගෙන ඉන්නයි . දුකයි ඒත් ඇත්තයි.(නදී)
චීන මායාව අප වසා ගනීදෝ ලගදීම.(නදී)
චීන මායම් වලින් තවත් එකක් විතරයි.(නදී)
දැන් චීනයේත්" කොන්ඩෙ බැඳපු චීනු" නැතිව වගෙයි.(නදී)
හරි ලස්සන බල්ලෙක්.(නදී)
තාමත් එහෙ කොන්ඩේ බැන්ද චීන්නු ඉන්නවා නේද? (නදී)
කොන්ඩේ බැදපු චීන්නු නෙවෙයිද ඉදලා තියෙන්නේ...?(නදී)
ලංකාවෙත් ඔය ඕනෑතරම් සිංහයෝ බලු වෙන්නේ. (නදී)
චීන්නු හොඳ වැඩ වගේම බලු වැඩ කිරීමෙනුත් දක්ෂයින් බව පසු ගිය කාලයේ ,ප්‍රසිද්ධ වූ වාර්තා වලින් පැහැදිලි වෙනවා. (ස)
මේ දවස්වල ලංකාවෙත් හරියට මේ දේම වෙනවනේ.(නදී)