ඇමරිකාවේ වර්ජිනියාහි පදිංචි ඈෂ්ලි ගුයින්ඩොන් පොළිස් කාන්තාවක් ලෙස දිවුරුම් දී සේවයට ගිය පළමු දිනයේම වෙඩි ප්‍රහාරයකට ලක්වී මියගොස් ඇතැයි විදෙස් පුවත් වාර්ථා කරයි. තවත් පොළිස් නිළධාරීන් දෙදෙනකුටද වෙඩි වැදී ඇති බව වාර්ථා වේ.
නිවසක ආරවුලක් හේතුවෙන් ලැබුන දුරකථන ඇමතුමකට එහි ගිය නිළධාරීන්ට මෙසේ වෙඩි තබා ඇත. හමුදා නිළධාරියෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවත් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවත් ප්‍රාන්ත පොළීසිය පවසයි. සැකකරු නිවස තුළදී තම බිරිය මරා දමා තිබූ බවද පොළීසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රොකී, දැන් ආණ්ඩුවෙ තත්වයත් ඕකම තමයි. (නි)
අනේ තවමත් ඇමෙරිකාවට ගොට්ට අල්ලනවද (බ)
ඔය මොනවා කිව්වත් ප්‍රතිකාර නැතුව මෙහෙ මැරෙන ගණනෙන් 1% ක් වත් ඇමරිකාවේ මැරෙන්නේ නැහැ. ලෝකයේ දියුණු රටවල් අතර අපරාද අතින් ඇමෙරිකාව ඉදිරියෙන් හිටියත් අපරාද, දේශපාලන අපරාද පාතාල අපරාද අතින් නම් අපිව පරදවන්න එයාලට බැහැ. අහල බලන්න අර ජනප්‍රිය ඇමරිකානු පුරවැසියෝ දෙන්නගෙන්.(කෞ)
ජීවිතය අනිත්‍යයි, මරණය නියතයි. එය කෙසේ හෝ කොහේ අප නොදැනම සිදුවනවා. මෙම කාන්තාවටත් පෙර කළ අකුසල් කර්මයක් පල දීලා. ඔබට මතු උපදින ආත්මයන්හි මෙවන් අකල් මරණයක් නොවේවායි පතමි! (නි)
අහිංසක කාන්තාව ගැන කතා නොකර පුද්ගලික වාසි ගැන කතා කිරීම අපේ දුර්වල කම පෙන්වීමක් (බ)
ඇමරිකාවේ ලෙඩ්ඩු මළත් ගාස්තුව ගෙවන්න බැරිනම් අැතුලටවත් ගන්නේ නැහැ නමුත් ඇමරිකන් කාරයෙක් ලංකාවේදී හීනෙන් බයවෙලා ඉස්පිරිතාලෙකට ගියත් නොමිලේ බෙහෙත් දෙනවා. (බ)
ප්‍රතිකාර මුදලට ගත යුතුය ඔව් එත් රක්ෂණ ක්‍රමයක් තියෙනවා. රක්ෂණ ආවරණයක් ගත්තාම හරි. ගොඩක් අය අරගෙන තියෙන්නේ ඇමෙරිකාවේ. හිමාල් කියනවා වගේ ඔය රටවලට බනින්න අයට විසා දෙනවා කීවොත් දේශපාලුවෝ හැර අනික අය සේරම යනවා. (ර)
විජිත කවදාවත් ඇමරිකාවට ගිහින් තියෙනවාද? ඇමරිකාව කියන්නේ ජනගහණයට සාපේක්ෂව ලංකාවටත් වඩා අවම මිනීමැරුම් ඇති රටක්. (නි)
ප්‍රතිකාර මුදලට ගත යුතුය. ඒත් වෛද්‍යවරු ලෙඩ්ඩු මළත් කාර් පර්මිට් වෙනුවෙන් වර්ජන නොකරති. ඇමරිකාවට බනින සමහරු එහේ පුරවැසි බව ලැබෙනවා නම් එක පයින් කැමති වෙති.(අ)
ඇමරිකාවේදී මඟතොටක හෝ පාසලකදී හෝ මහජනයා ගැවසෙන තැනක වෙඩි කා මැරුම් කනවා කියන්නේ, අපේ රටේ මහමඟ රිය අනතුරකින් මියයන තරමට සාමාන්‍ය දෙයක් (නි)
බමුණු ආරච්චි කියන්නේ මිනිහෙක්ද, එහෙම නැත්නම් ද්වේශයෙන් වෛරයෙන් පසුවන මළගිය පරාණකාරයෙක්ද කියලා සැක හිතෙනවා. ඕක ඇමරිකන් ක්‍රමය නෙමෙයි උන්නැහේ. පහුගිය ආණ්ඩු කාලේ ලංකාවේ තිබුන ක්‍රමය! (නි)
ඇමෙරිකාව ගැන අපට ජාත්‍යන්තර වශයෙන් දැනගන්නට ලැබෙන්නේ ඉතාමත්ම අවම මිනීමැරුම් ප්රමාණයකි. එහෙත් ඒ රටේ පළවන ප්‍රාදේශීය පුවත්පතක් අරගෙන බලන්න.මරණ දැන්වීම් වැලක් වගේ.ඒ තමයි ඇමෙරිකාව. (නි)
ඇමරිකාවේද මේ හපොයි (අ)
අනේ දෙවියනේ! (නි)
ඔබට අනිවාර්යයෙන් වන්දි මුදලක් ලැබෙනවා. ඒකයි ඇමරිකානු නීතිය (නි)
එච්චර ගණන් ගතයුතු නැහැ මේ ඇමරිකන් ක්‍රමය (නි)
ඇමරිකාව ලොව ඇති අති බිහිසුණුම රටය. නොමිලේ වෙඩි ලැබුනත් ඒවාට ප්‍රතිකාර ගැනීමට ගෙවිය යුතුය. (නි)