නොබෙල් ත්‍යාගලාභියකු ද වන ස්වීඩන් රජු බ්‍රයන් ෂ්මිඞ්, ඔහුට හිමි නොබෙල් රන් පදක්කම ද සමඟ ඇමෙරිකාවට ගිය අවස්ථාවේදී, ඔහු කවුදැයි හෝ නොබෙල් පදක්කම කුමක්දැයි හෝ නොදත් ඇමෙරිකන් ගුවන්තොටුපොළ ආරක්ෂක අංශ නිලධාරීන් රජතුමා පැය කිහිපයක් ගුවන්තොටුපොළේ රඳවාගෙන ප්‍රශ්න කළේ යැයි බි්රතාන්යයේ ඬේලිමේල් පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.
ස්වීඩනයේ රජු බ්‍රයන් ෂ්මිඞ් රජුට නොබෙල් තෑග්ග හිමිවූයේ 2011 වසරේදීය. ඒ, භෞතික විද්‍යාව වෙනුවෙන් රජතුමා කළ මෙහෙවර වෙනුවෙනි. ස්වීඩන රජු හෝ රජ පවුලේ පිරිවර හෝ බි්රතාන්ය රජ පවුල මෙන් ජනපි‍්‍රය නැත.
බි්රතාන්ය රජ පවුල මෙන් ස්වීඩන රජ පවුල ද නාමික රජ පවුලක් පමණි. කෙසේ නමුත් මාධ්‍ය හරහා ලැබෙන ප්‍රසිද්ධිය හේතුවෙන් බි්රතාන්ය රජ පවුලට යුරෝපා රටවල අනෙක් රජ පවුල්වලට වඩා ලොකු ජනපි‍්‍රයත්වයක් ලැබී ඇත. කවුරුත් ඔවුන් හොඳින් දනිති.
ස්වීඩන රජු බ්‍රයන් ෂ්මිඞ් ආරක්ෂක අංශ විසින් ප්‍රශ්න කිරීමට ලක් කෙරුණේ, රජතුමා ඔහුට හිමි කැරට් 24 ක් වටිනා නොබෙල් රන් පදක්කම ද සමඟ ඇමෙරිකාවේ නෙබ්රැුස්කා ප්‍රාන්තයේ ෆාර්ගෝ ගුවන්තොටුපොළට පැමිණි අවස්ථාවේදීය.
රජතුමා එම රන් පදක්කම රැුගෙන නෙබ්රැුස්කා ගොස් ඇත්තේ ඔහුගේ මිත්තණියට එය පෙන්වීමටය. මිත්තණිය ජීවත් වන්නේ ෆාර්ගෝ නුවරය.
කැරට් 24 ක් වටිනා තනි රන් පදක්කමක් රජුගේ සන්තකයේ තිබීම ගැන විමතියට පත් ආරක්ෂක නිලධාරීන්, ඔහු සොරකු යැයි සැක කර ඇතැයි ද පැවැසෙයි. ‘ඔහේට මේ පදක්කම ලැබුණේ කොහොමද ? දුන්නේ කවුද ?’ ආදී වශයෙන් ගුවන්තොටුපොළ ආරක්ෂක නිලධාරීන් රජුගෙන් ප්‍රශ්න කර ඇත. එවෙලේ රජු සමඟ සිටි ඔහුගේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනා කරුණු පහදා දීමට උත්සහ කළ ඇති නමුත් ඇමෙරිකන් නිලධාරීන් ඒවා ඇසීම ප්‍රතික්ෂේප කර ඇත.
පැය කිහිපයකට පසු, තමන් ප්‍රශ්න කරන්නේ ස්වීඩන රජු බව ආනාවරණය වීමත්, ඔහු සන්තකයේ ඇත්තේ ඔහුට හිමි නොබෙල් පදක්කම බව වටහා ගැනීමත් සමඟ රජුගෙන් සමාව ගෙන ඔහුට යන්න අවසර දීමට ගුවන්තොටුපොළ ආරක්ෂක අංශ නිලධාරීහු කටයුතු කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන වෙලා තිබෙන පටලැවිල්ල දන්නෝ දනිති. (නි)
මෙතන මොකක්හරි වැරැද්දක් වෙලා තිබෙනවා. (නි)
ස්වීඩනයේ රජු හැමටම ආදර්ශයක්. ඔහු කලබල වුණේ නැහැ (නි)
වැඩි විස්තර බලාපොරොත්තු වෙනවා. (නි)
මේවා ඕනෑම වෙලාවක වෙන්න පුලුවන්. (නි)
පව් අනේ! (නි)
යම් පටලැවිල්ලක් වෙලා තිබෙන හැඩයි (නි)
රජෙක් වුණත් ඉතින් එයත් අපි වගේම මනුස්සයෙක්නේ (නි)
බුද්ධියෙන් කියෙව්වොත් වෙලා තිබෙන දේ කාටත් වැටහේවි. (නි)
මේක රජෙකුට දරාගන්න පුලුවන්ද? (නි)
ඕවා ඔහොම තමයි රජතුමනි! (නි)
කට්ටිය කලබල වෙන්න එපා. (නි)
අත්වැරදීමක් සිද්ධ වුණා නම් එය එවේලේම නිවැරදි කරන එක අපි සැමගේම සදාචාරාත්මක යුතුකමක්. (නි)
මෙතුමා එච්චර ප්‍රසිද්ධ කෙනෙක් නෙමෙයි වෙන්න ඇති (නි)
එතුමා නිහතමානී කෙනෙක් වෙන්න ඕනෑ (නි)
රට තොට ජාත්‍යන්තරය ගැන විශේෂයෙන් විදෙස් රටවල් වල නායකයන් ගැන සාමාන්‍ය දැනීමක් තිබේනම් මෙතන වෙලා තිබෙන ප්රශ්නය මොකද්ද කියල තේරේවි. (හේ)
අපි සැමටම ජාත්‍යන්තරය ගැන සාමාන්‍ය දැනීමක් අවශ්‍යයි. කුමන වෘත්තියක නියළුනත් එය මුලික සුදුසු කමක් .(හේ)
අපේ කට්ටියගේ විදේශ රටවල් ගැන සාමාන්‍ය දැනීමේ තරම හොඳට පේනවා. නරකද ස්කැන්ඩිනෙවියන් රටවල්, විශේෂයෙන් ස්වීඩනය ගැන පුංචි හැදෑරීමක් කළොත් . මෙතන වුණේ මොකක්ද කියලා වැටහේවි එතකොට.(හේ)
ලියන්නා කෙසේ ලිව්වත් කියවන්නා සිහි බුද්ධියෙන් කියවිය යුතුය. (හේ)
අපේ මැති ඇමති වරුත් ඔය වගේ නිහතමානී විය යුතයි කවද හෝ;(හේ)
එෂාන්, හසිත, රංග, මහේන් , දුල්මි ඔබේ අදහස ඉතාම නිවැරදි.(අ)
ඔය වගේ දෙයක් මටත් වුණාලංකාවට නිවාඩුවට ගිය වෙලාවේ , මම රේගෙන ගිය මුදල් සහ චෙක් පත් දුටු රෙගු නිලධාරීන් මට සාක්කුවේ හොර වෙළදාම් කරුවෙක් සේ , පසුව මම ඔවුන්ට මගේ ගිණුම් සහ රැකියව අන්තර ජාලයෙන් පෙන්වා , මට එති විදේශ වත් කම පෙන්නුවාම , සිදුවූ ප්‍රමාද දෝෂයට සමාව යෙද , මට යන්න දුන්නා , (අ)
සේරම් පැරිස්, ඔයා හරි පොහොසත් වගෙයි. එන්න පෙර මීටපස්සේ මගේ ගිණුමට සල්ලි එවලා, මෙහෙදී ඒවා මගෙන් ගන්න. මගේ බැංකු ගිණුම් කිහිපයක්ම තිබෙනවා (නි)
ආ... ඇත්තද සේරම්? (නි)
වැරැද්දක් කරලා නැත්නම් බයවෙන්න දෙයක් නැහැනේ! (නි)
ඇමරිකන් නිලධාරිනුත් එයාලගේ රාජකාරිය කරලා තියනවා.රජුත් හරිම නිහතමානි බවයි පෙනෙන්නේ.(දිල්)
සේරම් මහත්තය බැරිද අපිටත් පැරිස් වල ජොබ් එකක් හොයල දෙන්න. (ස)
ස්වීඩන් රජු හින්දා හොඳට ගියා. වෙන කෙනෙක් වුණා නම්....? (නි)
ඇමරිකාවේ පන්ති බෙදයක් නැත. රජත් එකයි ලොක්කත් එකයි.(හේ)
නිහතමානී මිනිසාට කොහෙත් කෙණහිලි තමයි. (නි)
ස්වීඩන් රජු හින්දම හොඳයි. වෙන කෙනෙක් නම් මෙහෙම ඉවසයිද? (නි)
ඇමෙරිකාවේ ඔය පම්පෝරි ගහන නිදහස නැහැ. හැමතැනම පරීක්ෂා... හරියට මේ දැන් දැන් ත්‍රස්තවාදියෙක් අල්ලාගෙන වගෙයි (නි)
සමාව නෙමෙයි, හතරගාතෙන් වැටිලා දණ්ඩ නමස්කාරය කරවන්නයි තිබුනේ, මේ කරපු වැඩේ හැටියට (නි)
ඔය වැඩවල හැටි ඔහොම තමයි. රජෙක් හින්දා අන්තිමට වැදගත් විදියට සමාවගත්තා. සාමාන්‍ය කෙනෙක් අහුවුණා නම්...? (නි)
ගමන් බලපත්‍රයේ තනතුර සඳහන්වෙලා නැද්ද? (නි)
අනේ පවු රජ්ජුරුවෝ! (නි)
නියමිත රාජකාරිය අකුරටම කරලා තියෙනවා ආරක්ෂක නිලධාරීන්. අපේ අයත් එහෙමම වේවා !!!! (නි)
අපේ දේශපාලක උතුමෙකුට නම් කවදාවත් ඔහොම වෙන්නේ නැහැ. (නි)
හොඳ වෙලාවට ඔටුන්න දාගෙන ගියේ නැත්තේ. නැත්නම් පිස්සෙක් කියලා එතුමාව පිස්සන් කොටුවේ දාන්න වුණත් තිබුණා, මේ වෙලා තියෙන හරිය බලනකොට (නි)
අපි තමයි ඕන කෙනකුට ලංකාවට ඇතුල් වෙන්න දෙන්නේ.එහෙම තමයි වෙන්න ඕන.(දිල්)
රජතුමාගේ වැරැද්ද උපදේශකයෝ 60 විතර එක්ක ගුවන් යනයක්ම අරගෙන ගියානම් ඔක්කොම දැනගන්නවා මේ එන්නේ රජෙක් තමයි කියල.....(දිල්)
එකනේ අපේ රටේ වෙන රටක ඉදන් යන ගුවන් යානයක් හරවාගෙන අපහු ගෙන්වාගෙන හරි තමන්ගේ ගමන යන්නේ ගුවන් තොටුපොළවල රස්තියාදු වෙන්න බැරි හින්ද?.(හේ)
ඔය වගේම තමයි ශ්‍රී ලංකාව ගැන අහලා නැති අයත් ලෝකයේ ඉන්නවා.ලෝකප්‍රකට ටෙනිස් ක්‍රීඩිකාවක් කිව්වා සචින් තෙන්දුර්කාර් ගැන අහලා නැහැ කියලා (නි)
අනේ රජුට වෙච්ච දෙයක්.(හේ)
ප්රශ්නය තියෙන්නේ ඇමෙරිකානු ආරක්ෂක අංශවල ඉන්න නිලධරයන් නොබෙල් තෑග්ග ගැන දන්නේ නැති එක පිළිබඳවයි.(හේ)
රතු පලස,එලලා ,නායකයින් ගුවන් තොටුපොළට ගිහින්, ඔකීඩ් මල්මාලා ,උඩරට නැට්ටුවෝ සමග පිළිඅරන්, පාර දෙපස පාසල් ළමුන් දෙරටේ ධජ වනනකොට මොනතරම් පිළිගැනීමක්ද ? මේවා ඇමරිකන් කාරයින්ට උගන්වන්න වෙලා තියෙන්නේ අපට.(හේ)
ඇමරිකන් නිලධාරියෝ සාමන්‍ය දැනීමවත් දන්නේ නෑ.(හේ)
රජෙක් කියලා නොදැනනේ මෙහෙම කරලා තියෙන්නේ.... නේද? (නි)
ප්‍රසන්නගේ කතාව හරියටම හරි (නි)
මෙවැනි දෙයක් ස්විඩන් රජුට සිදුවී නැත.(හේ)
හරි පුදුමයි ! ඇමෙරිකාවේ ස්වීඩන් තානාපති කාර්යාලයක් නැද්ද මෙවන් අවස්තාවක තමාගේ රජතුමාව පිළිගන්න හෝ ඒ බව ගුවන්තොටුපල බලධාරීන් දැනුවත් කර අවශ්‍ය පියවර ගන්න .(හේ)
බැලුවහම ආරක්ෂක අංශ කොයි රටෙත් එකම වගේනේ! (නි)
බලන්නකෝ ඒකෙත් හැටි! (නි)
ඇමෙරිකානුවෙක් විදේශ ගුවන් තොටුපළකදී නවත්වලා ආරක්ෂකයින් ප්‍රශ්න කළාලු. තමන් ඇමෙරිකානුවෙක් බව කිව්වාම ආරක්ෂකයෝ කිව්වලු එහෙනම් ඇමෙරිකානු ජාතික ගීයේ මුල් වචන කීපය කියන්න කියලා. අර මිනිහා කිව්වලු මං දන්නේ නැහැ කියලා. හරි එහෙනම් උඹ ඇමෙරිකන්කාරයෙක්ම තමයි කියලා මිනිහට යන්න දුන්නලු. (නි)
මේක අත්වැරදීමක් (නි)
ස්වීඩන් රටේ විදේශ අමාත්‍යංශයට අධීක්ෂකවරයෙක් පත්කළා නම් හොඳයි. (නි)