තමන් කෙළෙසී යැයි තමන්ට ප්‍රතිකාර කළ වෛද්‍යවරයා මරා දමා ඔහුගේ ජනනනේන්ද්රිය කපා ඔහුගේ බිරිද වෙත යැවූ කාන්තාවක අත්අඩංගුවට ගැනීමට ඉන්දියාවේ ගොවින්ද් නගර් පොලිසිය සමත් වී තිබේ.
මුලදී තම නිවසට පැමිණ ප්‍රතිකාර කිරීමට පුරුදුව සිටි වෛද්‍යවරයා පසුව තමන්ට ඔහුගේ සායනයේ කටයුතු වලට උදවු වන්නට පැමිණෙන්න යැයි ආරාධනා කළ බවත් දුප්පත්කම නිසා එය පිළිගෙන ඔහු යටතේ සේවය කිරීමට ගිය බවත් සැකකාර කාන්තාව පොලිසිය හමුවේ පවසා ඇත.දිනක් තමන්ව ඛෙහෙතක් විද මත්කළ වෛද්‍යවරයා තමන්ව කෙළෙසූ බවත් එදා සිට දිනපතාම වාගේ ඔහුගේ අතවරයන්ට තමන් ලක්වූ බවත් ඇය කියා ඇත.
වෛද්‍යවරයා තම සොහොයුරිය දෙසටද ඇස ගසන්නට වීම නිසාවෙන් තමන් වැටුනු වළේ ඇයත් නොවැටී රැක ගැනීමේ අරමුණින් වෛද්‍යවරයාගේ කෝපි කෝප්පයට ඖෂධ වර්ගයක් දමා ඔහු මත් කළ තමා ඔහුගේ ගෙල කපා ඔහුව මරා දැමුවේයැයිද අනතුරුව ඔහුගේ ජනනේන්ද්‍රිය කපා වෛද්‍යවරයාගේ බිරිද වෙත තැපැල් කර හැරියේයැයිද ඇය පවසා තිබේ.
වෛද්‍යවරයාගේ බිරිද කළ දැනුම්වත් කිරීමකට අනුව පරීක්ෂණ මෙහෙයවූ පොලිස් නිළධාරීන් සැකකාර කාන්තාව අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ.
මැයට මානසික රෝගයක් පවතින්නේදැයි සොයා බලන බව පොලිසිය කියයි. සැකකාරිනිය නුදුරේදීම අධිකරණය හමුවට ගෙන ඒමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමනම් කියන්නේ .. ඒ කාන්තාව කලදේ හොදයි ? ලෝකයේ වෙන දේවල් වල හැටියට කාන්තාවගේ ආරක්ෂාවට වෙන කලයුතු දෙයක් නැත, අපේ රටේ කාන්තාව තවම දරුණු නැතිනිසා... පිරිමින් ජීවතුන් අතර ..?. වල් වැඩ කරමින් අසරණ කන්ත්වෝ සහ දරු පැටව්ගේ ජීවිත බිළිගන්නව, ලගදීම මෙහෙටත් ඔය වයිරසය පාත් වේවි ...? එහෙම උනොත් හොදයි ..! ඔයාලත් ඔන්න පරිස්සමට ...? (දී)
වෛද්‍යවරයාට මානසික රෝගයක් පවතින්නේදැයි සොයා බලන්න (නි)
චන්දි, රුපවති, අපි බවලත් වුනාට සාධාරණ වෙන්න ඕනෑ. අපි අපේ පැත්තටම කතාකරන්න හොඳ නැහැ. මම නම් මත් වෙලා නැහැ. ගොඩක් ගැහැණු තමයි පිරිමින්ව අමාරුවේ දාන්නේ. අපේ ගෙදර මමත් එක්ක ගැහැණු 3 දෙනයි. බාල නංගිලා දෙන්නා නිසා එයාලගේ මහත්තුරු අමාරුවේ වැටුනා (නි)
හරිම භයානකයි. මේක අපේ රටේ අය පුරුදු වුණොත් දොස්තරලගෙන් වැඩි කොටස අමාරුවෙ වැටෙනවා. (නි)
"නමුත් රූපවති සහ චාන්දනි කොහොමද මත්වුණේ? " කතාව අහලනේ (නි)
"වැඩේ හොදයි කියලා මම නම් කියන්නෙ නැහැ" ඇයි බය ද තමන්ටත් වෙයි කියල. හරිනම් මුළු සෙට් එකම කපලයි යවන්න තිබුනේ නේද රූපවතී නැන්දේ (අ)
ඔන්න අපේ දොස්තරලටත් හොද පාඩමක් (නි)
නියම දඩුවම නැතිනම් තව කීදෙනෙක් අමාරුවේ වටිද දන්නේ නැහැ. (අ)
වෛද්‍යවරයා සහ සැකකාරිය දෙදෙනාම මත්වෙලා ඉඳලා තියෙන්නේ. නමුත් රූපවති සහ චාන්දනි කොහොමද මත්වුණේ? (නි)
හොද වැඩේ එහෙම තමයි කරන්න ඕන. අනෙක් අයටත් පාඩමක් හිටින්න,, (දී)
ඉතා හොඳයි.(ස)
මේ චාන්දනී, ඔයා බොරු නමකින් නේද අදහස් ලියන්නේ..(ස)
අන්න නියම ගැහැණු අදහන්න වටිනවා.(ස)
පිරිමින්ටම දොස් නගන්න බැ. අපේ අයත් වැරදි. අපේ අය පිරිමින්වත් පොළඹවාගෙන පස්සේ දොස් කියනවා. ගැහැනියක් කොතනද එතන විනාසයක්. (දී)
මෙවන් අයට පාඩමක් උගන්නන එක්ක සමාජයේ යුතුකමක් (නි)
වැඩ නම් වැඩ මෙන්න වැඩ , පක්ස මාරු කරන අයටත් මේ දඩුවම ඉතා වටිනවා....... (දී)
ආත්මාරක්ෂාවට කල බවට ඔප්පු කරන්න. එතකොට සහනයක් ලැබේවි. හොඳ පාඩමක් වල් පිරිමින්ට. (දී)
වැඩේ හොදයි කියලා මම නම් කියන්නෙ නැහැ (නි)
නියමයි. (ස)