කැරලිකාර හමුදා මෙල්ල කිරීමට සිරියාවේ නගරයකට රුසියාව එල්ල කළ බෝම්බ ප්රහාරයකින් අඩු ගණනේ 40 දෙනකුවත් මියයන්නට ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි. ප්රහාරයෙන් 12 දෙනකු තුවාල ලබා ඇතැයිද වාර්තාවේ.
ජනප්රිය වෙළඳ ප්රදේශයක්වූ සිරියාවේ වයඹ දිග අරිහා නගරයට එම ප්රහාරය එල්ල වී ඇතැයි සිරියාවේ මානව හිමිකම් නිරීක්ෂකයෝ කියති.
ඔවුන් විශ්වාස කරන්නේ 60 දෙනකු පමණ එම ප්රහාරයෙන් මිය යන්නට ඇති බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ දෙවියනේ! (නි)
මින් මතු කිසිදා මෙවන් අකල් මරණ සිදු නොවේවා.! (ර)
රුසියාව සහ ප්රන්සය කොහොමද හිතුමතේට මෙහෙම තවත් රටකට ගහන්නේ? (ර)
හැම තැනම හැම දේටම අත දාන ඇමෙරිකාව ලෝකයේ ජනතාවට නිදහසේ ඉන්න දෙන්නේ නැහැ. රුසියාව සහ චීනය එක්ක හැප්පෙන්න ගියොත් 3 වැනි ලෝක යුද්ධේ තමයි. (ර)
මේ යුද්ධය කවදා නවතීද?(හේ)
දහම්, ඇමරිකාව නිසා තමා ත්රස්තවාදය මේ තරමකට හෝ පාලනය වෙලා තියෙන්නේ... මැදපෙරදිග ඇමරිකානු කදවුරු නොතිබෙන්න අද ඩුබායි, කුවේට් වගේ රටවල් අල් කයිඩා එකෙන් යටත් කරන් ගොඩක් කල්. (ර)
නාමල්ට හොඳ සාමන්න්ය දැනුමක් තිබෙන බව පෙනෙනවා. (ර)
හිතවත් ඩයස් මෙහෙම ගහන්නේ කොහමද කියන එක නොවේ ප්රශ්නය කොහමද මෙම සංවිදාන අහිංසක මිනිසුන් මරන්නේ කියන එක තමයි අපට තියන ගැටලුව? (ර)
නාමල්, ඔයා හරි. දහම්ගේ අදහස් කියවා තිබෙනවා. ඇමෙරිකන් ඇලජික් එකක් තියෙනවා වගේ. ඇමෙරිකාව නැතිවෙන්න අපිටත් අබ සරණ තමයි. ඇමෙරිකානු සොල්දාදුවෝ සහ ඔවුන්ගේ හිරගෙවල් වල සිදුවන කුරිරුකම් අපි අනුමත කරන්නේ නැහැ. නමුත් ලෝකය තුළ සාමය ආරක්ෂා කරගන්න ඔවුන්ගෙන් සිදුවෙන මෙහෙවර අතිමහත්. නැත්තන් තැනින් තැන මතුවන අන්තවාදින් ලෝකය ගිලගෙන මීටවඩා ලොකු විනාශයක් දැනටමත් වෙලා. ඒ ගැන අපි ඇමෙරිකානු ජනතාවටත් රජයටත් ණයගැතියි (නි)
දහම්, රුසියාවත් අමෙරිකාවත් අතර එකිනෙකා පරයා බලය නතුකර ගැනීමේ උවමනාවක් තිබුනත් මේ රටවල් දෙකම ලෝක සාමය වෙනුවෙන් ඉන්නේ එක පෙරමුණක. අද ලෝක ප්රජාවෙන් ඈත්ව කටයුතු කරන්නේ උතුරු කොරියාව වගේ රටවල් අතළොස්සක් පමණයි. (නි)
නාමල්, නොදන්නා ගොඩක් දේවල් තිබෙනවා. අල්කයිඩා , අයි එස් ත්රස්තවාදීන් හැදුවේ ඇමරිකාව මැදපෙරදිග අස්ථාවර කරලා තෙල් මංකොල්ලකන්න. අදත් කෝටි ගණන් යුද ආයුධ ත්රස්තයන්ට දෙන්නේ ඇමරිකාව (නි)
රොෂාන් 80 ගණන්වල ඇමරිකාව ඇෆ්ගන් මුජහදීන් කියන ගෝත්රයට ආයුධ දුන්නා .. එ් එදා ඇෆ්ගනිස්තානය සෝවියට් ආක්රමනිකයින්ගෙන් මුදාගන්න. ඔවුන් පසුකලෙක අල්කයිඩා නමින් අන්තවාදී සංවිධානයක් හදාගත්තා. එ්ක හදන්න උදව් කලේ සවුදිය හා පාකිස්තානය. නමුත් පස්සේ ලෝකයා වෙනස්.. ඔබ කියන ඇමරිකාව ත්රස්තයින්ට ආයුධ දෙනවා කියන එක කව්රුත් ඔප්පු නොකළ ගොන් කතාවක් විතරයි. (ස)
රොෂාන් සමඟ එකඟයි (නි)
කණගාටුදායක පුවතක් (නි)
රොෂාන්, ඔබ හරි (නි)
මේ නැතිවෙන්නේ අහිංසක මිනිස් ජීවිත නොවේද? (නි)