අතුරුදන්ව මේ වන විට දින 72 කට වඩා ගතව ඇති මලයාසියා ගුවන් සේවයට අයත් එම්.එච් 370 අංක දරන ගුවන් යානයේ කාර්යමණ්ඩලයේ වූ මොහොමඞ් හස්රින් හුසාන්ගේ බිරිය දරු උපතක් සිදුකර ඇත්තීය.
අලූත උපන් දරුවාගේ ඡායාරූප ඇය අන්තර්ජාලයට ද එක් කළාය.ලොව පුරා රටවලින් ඇයට සුභපැතුම් ගලා එමින් තිබෙන්නේය.
විශේෂ සටහනක්ද ලියා ඇති ඇය එහි සදහන් කර තිබෙන්නේ ‘‘අලූත ඉපදුණු දරු පැටියා මගේ ස්වාමියා මට අහිමි වීම නිසා මා විදි දුක් වේදනා නිමා කරනු ඇති‘‘ යනුවෙනි.
තම ස්වාමියා යළි නොපැමිණෙන බව පිළිගෙන ඇති ඇය ඔහු සිහිගැන්වීමට දරුවාට නම තබා ඇත්තේද මොහොමඩ් ලෙසය.
‘‘සියල්ල අභිරහසක් තමයි.නමුත් දෙවියන්ගේ කැමැත්ත ගැන ප්රශ්න කරන්නට මම කවුද?,කවදා හරි මමත් ඔබ සිටින තැනට එනවා.ඔබ කාන්තාවකට ලැබිය හැකි හොදම ස්වාමි පුරුෂයෙක්‘‘ යැයි ඉතා සංවේදී ලෙස ඇය තම සටහනේ අදහස් දක්වා ඇත්තීය.
යානය සොයා මේ දක්වා සිදු කළ මෙහෙයුම් වලින් කිසිදු ප්රතිඵලයක් ලැබී නොමැති අතර මෙහෙයුම් සදහා භාවිතා කළ උපකරණ වලද දෝෂ ඇතැයි හෙළිවූයේ මෑතකදීය.
යානය අතුරුදන්වීමේ සිටම එහි නියමුවා වූ සහ්රි අහමඞ් ෂා වෙත එය කඩාවැටීමට සළස්වා ඇතැයි චෝදනා නැගුණු අතර දැන් ඔහුගේ පවුලේ සාමාජිකයින් ඔහු වෙනුවෙන් පෙනී සිටිමින් ඔහුට කුමන ගැටලූ පැවතියද තමන් පැදවූ ගුවන්යානය විනාශ කර දැමිීමට තරම් මානසික තත්ත්වයක් ඔහුට නොතිබුණු බව පවසන්නේය.
මේ අතර මලයාසියා රජය හා යානයේ මෙහෙයුම් කටයුතු සදහා එක්ව සිටින රටවල් යානයේ ගමන් මග දැක්වෙන චන්ද්රිකා දත්ත පොදු ජනතාව වෙත නිදහස් කිරීමට සූදානමින් සිටී.
දැනට චීනයේ මැදිහත්වීමෙන් දැන් ඕස්ටේ්රලියාවේ බටහිර දිග මුහුදු ප්රදේශයේ යානය සොයා මෙහෙයුම් කි්රයාත්මක කෙරෙමින් පවතී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිය සෙනෙහස අහිමි තවත් දරුවෙක්. ඔබට දීර්ඝායු වේවා ! (නදී)
මගේ උණුසුම් සුබ පැතුම් ඔයාගේ චූටි බබාට. (ස)
කුමාර, ගෙල්, ජේම්ස්, ඔයාලට මොළේ නැති වුනාට, දැන් බලන්න අතපසු වුන දෙය ලියුම් කරු විසින් නිවැරදි කරලා තියෙන හැටි. පියා කියන වචනය දැන් සැමියා වෙලා. කළගෙඩි තරම් ඔළුගෙඩි ඔයාලට තිබුණට අල ගෙඩියක් තරම් නොවන පුංචි මොෙළය ප්රදර්ශනය කරන්න එපා ළමයිනේ. (ස)
හේමන්ත, ඔයා මොනවද මේ කියන කතා? (නි)
කුමාර,,,,,,හේමන්ත තොත්ත බබෙක්..... (දී)
කුමාර, මම කීවේ ලිපියේ මාතෘකාව ගැනයි. ලිපියේ තියෙන මේ වාක්ය නැවත කියවා බලන්න. එතකොට මාතෘකාව වෙනස් වෙන්න ඕන කියලා හිතෙන්නේ නැද්ද? "අලුත ඉපදුනු දරු පැටියා මගේ ස්වාමියා නැති වීම නිසා මට ඇතිවූ දුක් වේදනා දුරු කරනු ඇත". (ස)
හේමන්ත බබෙක්ද? (නදී)
දරුවාට සහ මවට දෙවි පිහිටයි! (නි)
ඔබටත් ඔබේ මවටත් සුභ අනාගතයක් ..! (ස)
ඔයාගේ දුක හැම ගැහැණියකුටම තේරුන් ගන්ඩ පුළුවන් සොයුරිය. ඔයාට සහ අලුත ඉපදුනු පුතුට සුබ අනාගතයක්.(නදී)
හරිම දුකහිතෙන පුවතක් (නි)
සුදු පුතේ, ඔයාගේ තාත්තා ඔයාව බලන්න කවදාහරි ආවා කියන පුවත මට දකින්න ලැබුනොත් එදාට මටත් සතුටු කඳුලක් උණාවි (නි)
අලුත ඉපදුනු පුතුට සුබ අනාගතයක්. (නි)
පිය පුතු සෙනෙහස වචනයෙන් කිව නොහැකි අනන්තයක් දක්වා විහිදෙන දෙයකි. පුතුනි ඔබ දිහා කොහේ හරි සිට පියා ඔබගේ බලන් හිදිනු ඇති. (නදී)
නෙතට කඳුලක් එක්කළ සංවේදී පුවතක් (නි)
සුබ පතමු. (ස)
ඔහු ඇයගේ ස්වාමියා නේද? පියා අහිමි වුනේ බබාටයි. (නදී)