ස්පාඤ්ඤයේ අගමැති මාරියානෝ රජොයිට එරට තරුණයකු ප්‍රහාරයක් එල්ල කිරීමෙන් ඔහුගේ වම් ඇස අවට ප්‍රදේශය ඉදිමී ඇතැයි විදෙස් වාර්තා කියයි.
ස්පාඤ්ඤයේ මහ මැතිවරණය ලබන සඳුදා පැවැත්වෙන අතර එහි ප්රචාරක කටයුතුවල යෙදී සිටියදී අගමැතිවරයාට මෙම ප්‍රහාරය එල්ලවී ඇත.
ස්පාඤ්ඤ අගමැතිට එරෙහිව දූෂණ චෝදනා එල්ලවී ඇති අතර 2011 වසරේදී ඔහු බලයට පත්විය. ප්‍රහාරය එල්ල කළ තරුණයා පැන යාමට උත්සාහ කළද එය ව්‍යර්ථ විණි. අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු පවසා සිටියේ මෙම ප්‍රහාරය පිළිබඳ තමන් සතුටු වන බවයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ප්‍රවණතාවය ලංකාවටත් කවදාහරි ටිකෙන් ටික ළඟාවේවි. මම සජීවීව දැක තිබෙනවා ප්‍රංශයේ ඇමති කෙනෙකුට වරායේ සේවකයෙක් පහර දෙනවා. අපේ සමහර අයටත් එහෙම වෙන්න පුළුවන්. හැබැයි ඉතින් පහුවෙනිදාට මොනවා වෙයිද දන්නෙ නැහැ (නි)
කොන්ද පණ ඇති තරුණයෙක් (නි)
ඒ රටවල නායකයන්ට අවශ්‍ය විදියට ඕනෑම දෙයක් කරන්න අමාරුයි (නි)
එහෙම තමයි ඒ රටවල හැටි (නි)
තරුණ පරපුර දැන් ඕක තම තමන්ගේ රටවලත් අත්හදා බලන්න යයිද දන්නේ නැහැ (නි)
මතකනේ බුෂ්ට සපත්තුවෙන් ගහල දුන්න ආදර්ශය තව කිහිප තැනකම ක්‍රියාත්මක වුණා (බ)
ඕක නිසානේ ලංකාවේ ජනාධිපති අගමැති ඇමති උප ඇමති මන්ත්‍රීවරු සේරම ආරක්ෂකයින් පිරිවරාගෙන යන්නේ. නැත්නම් ලංකාවේ කට්ටිය ගුටිකන්නේ කොල්ලන්ගෙන් නෙමෙයි කෙල්ලන්ගෙන්. (බ)
ඔව් ලලිත් ලංකාවේ වෙන දවසට බලමුකෝ (නි)
මොහාන්, වෙන දවසකට බලන්න දෙයක් ඉතිරිවෙයිද? (නි)