සෞදි රජ පවුලක කුමාරයෙකුට මරණ දඬුවම නියම කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.මිට වසර තුනකට පෙර රියාද් නුවරදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සෞද් අල්-කබීර් නම් රාජ කුමාරයාට මරණ දඬුවම හිමි විය.
ඔහු මේ වසරේදී එරට දී මරණ දඬුවම හිමි වූ 134 වෙනියා බව විදෙස් මාධ්‍ය පවසයි.නමුත් රාජකීය පවුලක සාමාජිකයෙකුට මරණ දඬුවම හිමිවන්නේ ඉතාමත්ම කලාතුරකිනි.මිට පෙර රාජකීය කුමාරයෙකු මරණ දණ්ඩනයට නියම වුයේ 1975 දීය.ඔහුට මරණ දඬුවම ලබාදුන් ආකාරය පිලිබඳ තොරතුරක් නොමැත.නිතිය සැමට සමාන වීම සතුටුදායක බව සෞදි රට වැසියෝ පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ මේවගේ නීති ක්‍රියාත්මක කරන්න බැහැ, වැඩිහරියක් වැරදි කරන්නේ ඉතින් බේබිලානේ. (නි)
කොහොමද අපේ රටේ වුණා නම්? රජ පවුලේ කුමාරයා මෙලහකට අධිකරණ ඇමති! (නි)
ඔන්න එ්කටත් එක්ක මෙහේ?? (නි)
මේක තමයි විය යුත්තේ.(හේ)
අපි එහෙමයි (අ)
කවුරුවත් හිතන්න එපා මේ උදාහරණයෙන්, සෞදිය කියන්නේ නීතිය ක්‍රියාත්මක වෙන රටක් විත්තිය. මේක තමන්ගේ රටේ මිනිහෙක් ඝාතනය වුණ නිසා මේ කුමාරයා අතින්. ඔය ආසියානුවකු හරි වෙන රටක අයෙකු ඝාතනය වුණා නම් නඩුත් නැහැ. (නි)
අපේ රටේ කුමාරවරු තවමත් නිදැල්ලේ (අ)
දැන් අර කුඩු සමග අල්ලපු කෙනාට මොනාද කලේ තවම ලෙබනන් වලද එයා (අ)