සෞදි අරාබි ඉතිහාසයේ ප්‍රථම වතාවට කාන්තාවක් මන්ත්‍රී අසුනක් දිනා ගැනීමට සමත්ව සිටින්නීය. ඒ පසුගිය සෙනසුරාදා පැවැති මැතිවරණයෙනි. සෞදි කාන්තාවන්ට මැතිවරණවලට තරඟ කිරීමට තිබූ තහනම ඉවත්කිරීමත් සමග මෙවර ප්‍රාදේශීය පාලන මැතිවරණයට කාන්තාවන් ද තරඟ වැදිණි. කාන්තාවට ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ප්‍රථම වතාවට හිමිවූයේ ද මෙවර මැතිවරණයේ දී ය.
මන්ත්‍රීධූරය දිනාගෙන ඇත්තේ සල්මා බින්ට් හිසාබ් නමැති කාන්තාවකි. ඇය මෙක්කා පළාතේ මන්ත්‍රීධූරයක් දිනාගෙන ඇති බව එරට මැතිවරණ කොමසාරිස් කාර්යාලය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෞදිය වැනි රටවල ගැහැණුන්ට සිදුවන මහත් වූ අසාධාරණයන්ට එරෙහිව පාර්ලිමේන්තුවේදී හඬක් නැගීමට ඇයට ධෛර්ය, ශක්තිය සහ විශේෂයෙන්ම දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා කියා පතමි! මොකද මේක තනි කම්බියේ යනවා වගේ වැඩක්. පොඩ්ඩක් එහාට මෙහාට වුණොත් ඔක්කොම ඉවරයි. (නි)
තව වසර 40-50 යනවිට සෞදියේ ආකල්ප වෙනස්වෙයි. ඒ කාලෙ වෙනකොට ඔවුන්ගේ තෙල් සම්පතත් ක්ෂය වෙන නිසා එදාට ලෝකයා ඔවුන්ට නැමෙන ස්වභාවය අඩුයි. (නි)
අනේ වාසනාවන්..දැන් ලංකාවට තියන ලොකුම ප්රශ්නය තියන්නේ මේ කට්ටිය ගෙන් තමා. (බ)
මේ මිනිස්සු දැන් තමයි සමාජ ගත වෙන්නේ තාම ඉන්නේ ගල් යුගයේ මනුස්ස ආත්ම ලැබුවාට මොළයක් නැති ගානට වැඩ (ම)
නාමල්, තෙල් හම්බ උනාට පස්සේ මෙයාල මේ විදියට හැසිරෙනවා කියල කියන්න බැහැ. තෙල් හම්බ වෙන්න ඉස්සරත් මෙයාලගේ ආගමේ නිතිය මේකයි. අපි දන්නේ නැත්තෙ 1970ට කලින් වැඩිය මිනිසුන් එ් පැත්තට ගියේ නැහැ රැකියාවලට. (ස)
මානුෂික අයිතිය නැති ලෝකයේ පළමු රට සෞදි වුනත් , ලෝකයේ කිසිම රටක් ඔවුන්ට විරුද්ධව කතා නොකළේ , සෞදි තෙල් බලයත් මුදල් බලයත් , ඒවා මුදලට ගෙන තිබීම නිසා (බ)
මට නම් ඔය රටේ මොකක් වුනත් කමක් නැහැ. මහා වල් වැදිච්ච සමාජයක ඉන්න අය ඔය රටේ ඉන්නේ. පේනවා නේ අපේ රටේ අයට කරන අපරාධ. (බ)
අපිනම් ලෝකෙටම ආදර්ශයක් දුන්නේ නවසිය හැට ගණන්වල පළමු අග්‍රාමාත්‍යවරිය ලෝකෙටම බිහි කරලා , ලංකාවේ පිරිමි කොයි තරම් ශ්‍රේෂ්ඨද ? ඒ වුණාට මේ තිරයෙන් වැඩිම මඩ වදින්නේ පිරිමින්ට , අවාසනාවට කාන්තාවන්ගෙන් ? (අ)
පිටබැද්දර ජයා, ඔයාගේ අදහස් දැක්වීම නම් කියලා වැඩක් නැහැ. ඒ වුණත් ඉතින් විවේචන , ගල්මුල්, මඩ පහරවල් දෙගොල්ලගෙන්ම අපිට වදිනවා. ඒවා ඉවසුවොත් අපි දිනුම්. මම නම් මේ පිටුවේ කිසිවෙකු විවේචනය කරන්න යන්නේ නැහැ. නමුත් යම් කෙනෙකුගේ අදහසකට වැඩිපුර යමක් එකතුකරලා උදවු කරනවා. (නි)