ලෝකයේ ‘සීතලම ගම්මානය‘ පිළිබදව වාරතා වන්නේ රුසියාවෙනි.
ඔයිමයකොන් නමින් හැදින්වෙන මේ ගම්මානය පිහිටා ඇත්තේ රුසියාවේ ඊසානදිග
ප්රදේ්ශයේය.සීත සමයේදී පරිසර උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 50 ක සාමාන්‍ය අගයක
පවතින අතර මෙතෙක් ලෝකයේ මිනිස් ජනාවාසයකින් වාර්තා වී ඇති අඩුම උෂ්ණත්වයටද (සෙල්සියස් අංශක සෘණ 72) හිමිකම් කියන්නේද මේ ගම්මානයයි.ඔයිමකොන් යන රුසියානු නමෙහි තේරුම ‘කිසිදා නොමිදෙන ජලය‘ යන්න වන අතර ගම්මානයට මේ නම ලැබී ඇත්තේ ප්‍රදේශයේ තිඛෙනා උණුදිය උල්පතක් නිසාවෙන් යැයි කියැවේ.
ජංගම දුරකථන ආදී නව තාක්ෂණික මෙවලම් මේ ප්‍රදේශයේ පවතින අධිශීත කාළගුණය නිසා වැඩකරන්නේම නැත.සිය මෝටර් රථ වල තෙල් හා ඉන්ධන සීතලට මිදේයැයි බියෙන් ගම්වැසියන් ඒවායේ එන්ජින් නොනවත්වා ක්‍රියාත්මක කර තැබීමට පුරුදුව සිටී.මුවන් රංචු වශයෙන් ඇති දැඩි කිරීම ඔයිමයකොන් වැස්සන්ගේ ප්‍රධාන ජීවනෝපාය වේ.මෙතරම් ශීතාධික පරිසරයක ජීවත් වීමට ඔවුනට අවශ්‍ය ශක්තිය ලැබී ඇත්තේ මේ මුවන්ගෙන් ලබා ගන්නා කිරි හා මස් පරිභෝජනය කිරීම නිසා බව සොයාගෙන ඇතැයි සදහන්ය.
ඔයිමකොන්හි මේ වන විට 500 පමණ දෙනා වාසය කරයි.යුගයේ නව නිර්මාණ හා ඒවායින් ලබාගත හැකි පහසුකම් ගැන ඔවුන්ගේ කිසිදු උනන්දුවක් නැත.නිවාස උණුසුම් කර ගැනීමට ගිණි උදුන් යොදාගන්නා ඔවුහු ගල් අගුරු හා දර දහනය කිරීම මගින් තාපය උපදවා ගනී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මුවෝ ජෝඩුවක් නුවරඑළිය පැත්තට ගෙන්න ගත්තානම් හරි (ස)
හිම වැටෙන රටක ඇති ලස්සන ලංකාවේ නැහැ. ලංකාවේ ඇති ලස්සන හිම වැටෙන රටක නැහැ. කාන්තාරයේ මේ දෙකම නැහැ. (නි)
මේකට කියන්නේ ස්වභාධර්මය කියලා . ඔන්න කට්ටිය ලංකාව ගැන පුරාජේරු ගහනවා එහෙම නෙමෙයි (ස)
ඇයි රුසියාවය රතු රට කියලා කියන්නේ .සෝවියට් ආණ්ඩුව ඉවර වෙලා දැන් අවුරුදු 20 කටත් වැඩියිනේ (ස)
ලංකාවේ ලස්සන හිම වැටෙන රටේ නෑ , හිම වැටෙන රටේ ලස්සන ලංකාවේ නෑ. කාන්තාරේ ලස්ස මේ දෙකේම නෑ (ස)
2013 අහපු ලස්සනම වැදගත් පුවතක් ලෝකය පිලිබඳව (ස)
"නිවාස උණුසුම් කර ගැනීමට ගිණි උදුන් යොදාගන්නා ඔවුහු ගල් අගුරු හා දර දහනය කිරීම මගින් තාපය උපදවා ගනී." අනේ වාසනාවන්! (නි)
කාන්තාරයේ ඇති ලස්සන මොකක්ද? මට නම් තේරෙන්නේ නැහැ. (නි)
ලස්සන ස්වභාව ධර්මයේ ලස්සනම පුවතක්. (නි)