ලන්ඩන් නුවර කියා ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පසුගිය 23 වැනි දා පැවැත්වුණ ආසියා ක්‍රිකට් සම්මාන උත්සවයේදී ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර වෙත ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය උදෙසා සිදුකළ සේවය අගයමින් විශේෂ සම්මානයක් පිරිනමනු ලැබිය.
බ්‍රිතාන්‍යයේ වාර්ෂිකව පැවැත්වෙන මෙම සුවිශේෂි සම්මාන උළෙල තුළින් බ්‍රිතාන්‍යයේ සිටින ආසියා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දක්ෂතාවයන් අගය කිරීමත් ආසියාවේ සුවිශේෂි ක්‍රීඩකයින්ගේ සේවය අගය කිරීමත් සිදු කරයි. මෙය බ්‍රිතාන්‍යයේ වැදගත් වාර්ෂික සම්මාන උළෙලකි.
සම්මානය ලබාගනිමින් අදහස් පළ කළ සංගක්කාර " තමන් අතින් ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය සඳහා කිසියම් සේවයක් සිදුවුවා නම් එම සේවය අගය කිරීම පිළිබඳව කෘතඥ වන බව කිවේය. ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය භාර එංගලන්තයේ මෙන්ම ආසියාවේ රටවලත් අපගේ දරු පරපුර ඒ සඳහා නිසි අයුරින් යොමු කිරීමත්, අවශ්‍ය ගුරු හරුකම් ලබාදෙමින් උනන්දු කිරීමත් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක අන්දමට කරගෙන යාම සඳහා අතහිත දීමත් සඳහා අපට ඇති වගකීම වටහාගෙන කටයුතු කිරීම ඉතාමත් වැදගත් බවද සංගක්කාර පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ අපිට ආඩම්බරයි. (ර)
සුබ පැතුම් ! සංගා. (බ)
තිරිමාන්නටත් මේ වගේ සම්මානයක් හිමිවිය යුතු බව අපේ අදහසයි
ක්‍රිකට් ගොඩනැගීමට අතිවිශාල පිරිසක ලංකාවේ ඉන්නවා. සංගක්කාර මගේ වීරයෙක්. ඔබතුමා නියම දක්ෂයෙක් නම් ක්‍රිකට් වලින් ලබපු පන්නරය, ලංකාවේ දියුණු විය යුතු ක්‍රීඩා සඳහා යොදවන මෙන් ඉල්ලා සිටිමි. (ම)
මෙයාගේ ලංකාවේ වෙළඳ දැන්වීම් මඟින් කරන නරක/බොරු ප්‍රචාර, කැකුළු අමාත්‍යංශය, රාත්‍රී අසභ්‍ය සංගීත සංදර්ශන ආදිය මම නම් අනුමත කරන්නේ නැහැ (බ)
දෛනික ජීවිතයෙ බාධක අඩුවේවා... ජීවන වෘත්ති නිසි අයුරින් සැලසේවා... ආදර්ශමත් ජීවිත දෙව් රැකදේවා... ඔබ අපඅතර යසඉසුරින් වැඡඹේවා! (ර)
ඔබ නියම දක්ෂයෙක් තමා. ඔබගේ වාර්තා දෙවෙනි වන්නේ සර් බ්‍රඩ්මන් ට පමණි. (ර)
ඔබට සුබ පැතුම්! (නි)
ශ්‍රී ලංකාවේ වසන්තයේ ආරම්භකත්වයට අතපොත් තැබූ නිසාත්, තැනට සුදුසු අයුරින් කතාකිරීමට ඇති හැකියාව නිසාත්, නොබියව කතා කිරීමට හැකිවූ නිසාත් සහ කිසිවිටෙක කිසිතැන කලබල නොවී තීරණ ගැනීමට හැකිවීමත් ඔහු තුළ තිබූ හැකියාවයි. (නි)
සුබ පැතුම්! (නි)
රූපසිංහගේ කතාව ඇත්ත (නි)
ඔවු අභය, රූපසිංහ කිවුවා වගේ ඔහුගේ එවැනි පැත්තක් තිබුනා. අර කොහේදෝ තිබුනු වසන්තය නිසා ඒ රටවල් වල වෙනස්වීම් වුණානේ. එ්කත් ඒ වගේමයි කියලයි මම හිතන්නේ.