තක්කාලි කෑමෙන් දරු ඵල නොමැති පිරිමින්ට දරුඵල ලබාගැනීමේ හැකියාව වැඩිවන බව නවතම පර්යේෂණකින් තහවුරු කැරගෙන ඇත. පර්යේෂකයන් පවසන්නේ තක්කාලිවල ඇති ප්‍රධාන පෝෂ්‍යදායී සංඝටකය වන ලිකොපේන් පිරිමින්ගේ ශුක්‍රාණු සංඛ්‍යාව සියයට 70ක් දක්වා වැඩිකිරීමට හේතුවන බවයි.
ඔහියෝහි කිලිවෙන්ඩ්ලන්ඩ් රෝහලේ පර්යේෂණයකින් මේ බව තහවුරු කරගෙන ඇති අතර ඔවුන් තම පර්යේෂණයට පෙර සිදුකරන ලද අධ්‍යයන 12 ක දත්ත ද සමාලෝචනය කර තිබීම විශේෂත්වයකි. පර්යේෂකයන් කණ්ඩායම පවසන්නේ බ්‍රිතාන්‍යෙය් පමණක් විවාහ ජෝඩු හයකින් එකකට දරුඵල නොමැති බවයි.
දරුඵල ලබන්නේ කාන්තාවන් බැවින් පොදු මතය වන්නේ දරුවන් හීනවීම පවත්නේ කාන්තාවන්ගේ බවයි. එසේ වුව ද දරුඵල නොමැති වීමේ හරි අඩකට වඩා වගකිවයුත්තේ පිරිමන්ගේ ශුක්‍රාණු ක්‍රියාකාරීත්වය බව ද තහවුරු කරගෙන ඇත.
තක්කාලිවල අඩංගු ලයිකොපේන් මගින් ශුක්‍රාණු ගණනය දියුණු වන බවත් එහි සංසේචනය සඳහා පිහිනා යාමේ හැකියාව එමගින් වැඩිවන බවත් සොයාගෙන ඇත.
මෙම අධ්‍යයනයේ ප්‍රධානී ක්ලෙවලන්ඩ් විශේෂඥ රෝහලේ ප්‍රජනක විද්‍යාව සම්බන්ධ වෛද්‍ය මධ්‍යස්ථානයේ අධයක්ෂ අශෝක ආගර්වල් පවසන්නේ ලයිකොපේන් වලින් පුරුෂයන්ගේ ප්‍රජනක ඉන්ද්‍රියවලට වන වැඩි ප්‍රතිලාභයක් ලැබෙන බවයි.
අනෙක් අධ්‍යයනයෙන් පෙනීගොස් ඇත්තේ ශුක්‍රාණු නිපදවන පුරස්ථි ග්‍රන්ථියේ රෝගයෙන් මර්ධනය කරන බවත් එම ග්‍රන්ථියේ පිළිකා සෑදීමේ අවදානම අඩුකරන බවත්ය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අළු කෙසෙල් අස්සේ තක්කාලි හංගල දෙන්න දෙපැත්තටම සමබරව ඇදිල යන්න. (දී)
අපි පියාගේ නමට දාමුද එහෙනම් තක්කලියා කියලා? (නි)
මෙය දුටු නිසා තක්කාලි කන්න මැලි කරන මම පසු ගිය දවස් දෙකේම , තක්කාලි බහුලව කෑවා . කිසිම ගතියක් වෙනසක් නැහැ. මෙය ඇත්තක් ද ? (ස)
හරියට තේරුම් ගත්තොත් හොඳයි. (ස)
මේව කියල තියෙන්නේ දරුඵල නැති අයට දරුවන් හදා ගැනීමට මිස ළමා අපචාර කරන්න නෙමෙයි. (ස)
බවලතුන්ට වැදගත් කතාවක් නේ. (ස)
ඔය උෂ්ණ පලාත්වල පිරිමින්ට තක්කාලි දෙන්න හොඳ නැහැ.දැනටත් කාම අපරාද වැඩියි. තමන්ගේ දුවට වත් ඉන්න දෙන්නේ නැහැ. ඉදිරියට ආච්චි කෙනෙකුට වත් බේරෙන්න බැරිවෙයි. (අ)
එතකොට ලංකාවෙ ප්‍රාදේශීය සභා සභාපතිල වැඩිපුර කන්නෙ තක්කාලිද,? (අ)
හැබැයි තකලි වෙළදුන්ට නියම අදායමක් ලැබේවි. (අ)
දරුවෙකු නැති දුක දන්නේ නැති කෙනාම විතරයි. මේක අද සමාජයේ බොහෝ දෙනෙකුට තිබෙන දැවෙන ප්‍රශ්නයක් .(අ)
බොහෝ අය ලියන අදහස නොවේ මෙම ලිපියේ ඇත්තේ. 'දිනා' ගේ අදහසට මම එකඟයි. (අ)
මමත් අපේ එක්කෙනාට කියන්න ඕනෑ මීට පස්සේ මගේ කෑම වේලට තක්කාලි ටිකක් වැඩිපුර එකතු කරන්න කියලා. (නි)
ස්තූතියි මමත් අද ඉදල තක්කාලි කන්නෙමි (ස)
අපේ රටේ මම දන්නා හුගක් අය දරු සම්පත නැතිව දුක් විදිනවා. එයාලට මේක හොඳ ආරචියක් වේවි (දී)
මේක හොඳ පුවතක් පිරිමි අයට. (ස)
ලංකාදීපයට පින් මේ වගේ වැදගත් ප්රව්ර්ති පල කරනවාට (දී)
තක්කාලි වලට පාලන මිලක් දාන්න වෙයි වගේ (දී)
සිරියලතා නෝනා / ලංකාවේ බන්දනාගාර රැඳවියන්ට සතියකට වරක් අලුකෙසෙල් මාළුව දෙනවා යම්කිසි හේතුවක් නිසා ඔයාගේ සැමියාටත් අළු කෙසෙල් මාළුව දීල බලන්න (දී)
හොඳයි කුමාර එහෙනම් කියන්න මොකක්ද ? දැන් තිබෙන වෙනස . (ස)
මම නම් හැමදාම තක්කාලි කනවා. (ස)
අමුවෙන්ද දන්නෑ නේ.(නදී)
අද ඉදන් තක්කාලි කෑමට දෙන එක මම නවත්වනවා අපේ එක්කෙනාට.(නදී)
මේවා පළ කිරීමෙන් වැළකි සිටියොත් හොඳයි. මොකද නිකන් පොල්සම්බෝල සහ බත් කාලත් වයසක උන්දැලා ළමා අපචාර, ස්ත්‍රී දුෂණ අඩුවක් නැතුව කරන කාලේ, ශුක්‍ර ධාතුත් තව වර්ධනය කළොත්...? (නි)
මෙම තක්කාලි කෘමි නාශක නොදා ප්‍රමිතියට වැවු ඒවා විය යුතුයි. (ස)
දැන් ලංකාවේ තක්කාලි මිල වැඩි වේවි.(ස)
තක්කාලි විතරක් කාලා හරියයිද ඉතින්? (නි)
හොඳයි ඉතින්. ඒක පරක්කු වෙලා හරි හොයා ගත්ත එක. (ස)
මම කනවා තක්කාලි මදි නොකියන්න හෙට ඉදලා. (ස)