රූපවාහිනී වාර්තාමය වැඩසටහනක් වෙනුවෙන් රෝගකාරකයන් විහින්ම ආසාදනය කරගන්නෙකි බි්රතාන්යය ජාතික ආචාර්ය මයිකල් මොස්ලි.
මෙම වසර සදහා ඔහු පටි පණුවන්,මදුරුවන්,කූඩැල්ලන්,තඩියන් වැනි රෝග වාහකයින් ඇසුරේ දිවි ගෙවීමට නියමිතය.
පෙර සූදානමක් ලෙස ඔහු පටි පණුවන් දැනටමත් ආසාදනය කරගෙන සිටින අතර දැන් එම පණුවන් තමන්ගේ උදරයේ ජීවත්ව සිටින්නේයැයි ඔහු කියයි.
දුෂිත ආහාර හා ජලයෙන් ආසාදනය වන පටිපණුවෝ මිනිස් කුඩා අන්ත්ර බිත්තියේ එල්ලී ලේ උරා බොමින් ජීවත් වෙති.මෙම පණුවෝ බිත්තර ආශ්රයෙන් බෝවන අතර වරකදී බිත්තර දහස් ගණනින් දමති .
පණුවන් ආසාදනය වීම නිසා හදුනාගත හැකි රෝගාබාධයන් වනුයේ රක්තහීනතාව,ආහාර අරුචිය,මලානික භාවය වැනි දෑය.
නමුත් මේ කිසිවක් තවමත් තමාට සිදුවී නැතැයි ආචාර්ය මයිකල් කියයි.පණුවන් ආසාදනය වීම නිසා ආහාර අරුචිය ඇති විය යුතු වූවත් දැන් තමන් වෙනදාටත් වඩා වැඩි ආහාර ප්රමාණයක් අනුභව කරන බව ඔහු පවසයි.
පණුවන්ගෙන් පසු මදුරුවන්,කූඩැල්ලන් වැනි රෝග වාහකයින් ආශ්රයේ සිට ‘‘රෝගාබාධ‘‘ විහින් ආසාදනය කරගැනීමට ඔහු බලාපොරොත්තු වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙමත් පිස්සෝ.(නදී)
නයෙකුත් අල්ලගෙන දාගත්තනම් හරි (අ)
පිස්සෙක් (අ)
ඉතාම හොද පර්යේෂණයක්. ඉතා නිවෙරදි දත්ත ලබාගත හැක. සත්තු යොදා පර්යේෂණ කරනවට වඩා. (අ)
හීන මානය නමැති මානසික තත්වය නිසා පුද්ගලයින් මේ වගේ වැඩ කරලා තමාත් වැඩ කාරයෙක් ලෙසට මානසික තත්වය ගිදනගා ගන්න උත්ස්සාහ කරනවා.(අ)
තමන්ගේ පවු තමන්ම ගෙවිය යුතුනේ (අ)
පිස්සුවේ හොඳම එක...(අ)
ඔය වගේ කැප කිරීමක් කරලනේ බෙහෙත් හොයා ගන්න වෙන්නේ (දී)
පිස්සෙක් ඒකෙ දෙකක් නෑ.(නදී)
අයියෝ සල්ලි (දී)
කඳ එංගලන්තේ උනාට බඩ තමිල්නාඩුවේ වගේ (දී)
ඊයා... ඒත් ඉතින් මොකක් හරි ඔනෙකමකට වෙන්න ඇතිනෙ ඔහොම කරගන්නව ඇත්තෙ(දී)
ඉතිං ඇත්තනේ. මේ මිනිහට මොලේ නෑ අචාර්ය පට්ටමක් තිබ්බට. දැන් උන්දැගේ බඩේ පනුවන් දහස් ගණන් ජීවත් වෙනවනම්, බිත්තර දහස් ගණන් තියෙනවකම්, ඒ ඉන්න හැම එකාම කුඩාඅන්ත්ර බිත්තියේ එල්ලිලා ලේ බොනවනම් කෑම අරුචියක් එන්න විදිහක් නෑනේ. මේ සත්තුන්ටත් එක්ක මේ යකා මොනව හරි කන්න එපැයි. (අ)
මාක්ස් නියම කතාව (දී)
දලඹුවෝ හොද නැද්ද ? (නදී)
කොළඹ කොටුවෙන් කාපු අපිටත් දැන් ඕන කෑමක් ඔරොත්තු දෙනවා.(නදී)