පෘථීවියෙන් එපිට ජනාවාස තැනීමේ තවත් පියවරක් ලෙස සඳ මත ඉදිකළ හැකි නිවහනක සැළැස්මක් ඉදිරිපත් කිරීමට යුරෝපා අභ්‍යාවකාශ ඒජන්සිය කටයුතු කර තිබේ.
අභ්‍යාවකාශ ඒජන්සියේ පර්යේෂකයින් පවසන්නේ තවත් වසර 40 ක් වැනි කාලයකදී සඳ මත ජනාවාස ඇතිකළ හැකි වනු බවයි.
ඉදිරිපත් කර ඇති මෙම නිවහන තැනීමට යොදාගැනීමට සැළසුම් කර ඇත්තේද සඳ මතින් ලබාගන්නා අමුද්‍රව්‍යයන්ය.ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණය ආධාරයෙන් නිවස තැනීමට අවශ්‍ය කොටස් නිපදවා ගන්නා බව පර්යේෂකයින් කියයි.
සඳ මත ශුන්‍ය ගුරුත්වය මගහැරවීමට, නිරන්තරයෙන් පතිත වන උල්කාපාත වර්ශාවන්ගෙන් ගැලවීමට, විකිරණශීලී කිරණයන්ගෙන් ඇතිවිය හැකි හානි වළක්වාගැනීමට උපක්‍රමයන්ද මෙම නිවහනේ භාවිතා වනු ඇත.
සිව් දෙනෙකුට පමණ පහසුවෙන් ලැගුම් ගැනීමට හා දෛනික කාර්යයන්හි යෙදීමට තරම් නිවස ප්‍රමාණයෙන්ද විශාල බව සඳහන්ය.
ඉතා සරල අයුරින් සැළසුම් කෙරී තිබුණද නිවස සවි ශක්තිය අතින් ඉහළින්ම සිටින බවද පර්යේෂකයින් කියයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෘතුවිය සහ පෘතුවි තලයත් දුෂණය කරලා, හඳත් දුෂණය කරන්න. ගමේ සිටින අපිට රෑට එ්කේ එළියත් නොලැබෙයි. මිනිසා දියුණු උනා කිව්වට ඔය දියුණුවෙන් උනේ ආයුෂ කොට කර ගන්න එක (නදී)
ඔය යන හැමෝටම හඳේ කන්න දෙයක් නැහැ. හාවාගෙන් ඉල්ලලා කිරිපැණි තමයි කන්න වෙන්නේ. (නදී)
මටත් කතා කළා. අනේ ඒත් මම බෑ කිව්වා (නදී)
මෙයාලට පිස්සු. කන්න, බොන්න.. හැම දෙයක්ම විසදෙයද? (ස)
ලෝකයේ මෙච්චර ඉඩ තියෙද්දි හදේ පදිංචියට යන්නේ මොන දේකටද?(හේ)
මම හිතන්නේ දැන් අවුරුදු 40ක් තිස්සේ මේ කතාව කියවනවා.(හේ)
අපේ අයත් යයි.(හේ)
ඔය හඳ තරණය කිරීමට ඉන්දියාවත් දැන් පොරකනවා. (නි)
නොමිලේ එක්ක ගියත් මමනම් යන්නේ නෑ.(හේ)
ජය වේවා.(හේ)
ඇත්තටම හොද අදහසක්.(හේ)
පිස්සු හැදේ සද බැබලේ (නදී)
දුමින්ද කිව්වා වාගේ අපේ ලංකාවේ අය හඳ මතුපිට ගමන් කළේ ඔය බටහිර රටවල් ඇමරිකාව කරන්නට කලින්. දැනටත් කුඩු ගහලා,කසිප්පු ගහලා හඳ මතුපිට ගමන් කරන අපේ අයියලා ඉන්නවා (නි)
කොහොමත් අපේ අය හදට යයි.(හේ)
මිහිමත හිසට නිවහනක් නැති කොපමන මිනිසුන් ඉන්නවාද? විද්‍යාව කොතරම් දියුණු වුවත් සෑම මිනිසෙකුට එයින් ප්‍රයෝජනයක් ලැබී නැත.(හේ)
අනේ දැන්මම හදන්න බැරිද? (නි)
අනේ පුලුවන්නම් ඔය ඩයස්පෝරාවේ කට්ටියවයි ලලිත අක්කගේ නඩේවයි ඔහාට කොහොමහරි පිටත් කරලා යවන්න බලන්නකෝ.එයාලට එහෙනම් ඕනෑතරම් නිදහස තියෙනවා එයාලගේ වැඩ කටයුතුවලට අපේ රටෙන් බාධාවකින් තොරව. (අ)
මේ ලොකේ ඉන්න බැරි අය යයි.(හේ)
අනේ පුලුවන්නම් අපිවත් එක්කන් යන්න.(හේ)
හදේ කී දෙනෙක්ට පදිංචි වෙන්න පුළුවන්ද (හේ)
ඔව් ඉතින් කරුමයක් තියෙයි නම් ඒක ගෙවන්නත් එපැයි.. ඉතින් එහෙම කට්ටියට කියාපු තැන.. විශේෂයෙන්ම ගස්-කොළන්, සතා-සීපාවුන්, ගංගා-මුහුද දකින්න අකමැති කට්ටියට හොදයි.(හේ)
සල්ලි තියෙන අය යයි.(හේ)
මටත් හඳට යන්න කතා කරා.(හේ)
දැන් ඔය හදන්නේ පෘතුවිය කාලා කාලා ගිහින් හදත් කාලා දාන්න.(හේ)
අපි වගේ අයට හුලං තමයි.(හේ)
හඳේ හාවාටත් යනඑන මං නැතිවෙන වැඩක් ඔය කරන්නේ (නි)
සල්ලි තියෙන මිනිස්සු යයි.(හේ)
අයියෝ සල්ලි ! (නදී)
මේවාට තමයි සිහින මාලිගා කියන්නේ.(හේ)