මාරාන්තික ඒඩ්ස් වෛරසයෙන් පිළිකා සෛල විනාශ කරවන විසෙන් විස නසන ප්‍රතිකාර ක්‍රමයක් සොයාගැනීමට ඇමරිකා වෛද්‍ය පර්යේෂකයෝ පිරිසක් සමත්ව සිටිති.
මේ ප්‍රතිකාර ක්‍රමය ලේ පිළිකාවෙන් (ලියුකේමියාවෙන්) පෙළෙන රෝගීන් 30 දෙනෙකුට පමණ මේ වන විට යොදාගෙන තිබෙන අතර ඔවුන් සියලූ දෙනාම සම්පූර්ණයෙන්ම සුවය ලබාද ඇත.
ඒඩ්ස් වෛරසයෙන් ලියුකේමියාව ඇති කරවන පිළිකා සෛල විනාශ කළ හැකියැයි මුලින්ම අනාවරණය වූයේ 2006 තරම් ඈත සමයකදීය.එදවස මෙම ප්‍රතිකාර ක්‍රමය පර්යේෂණ මට්ටමේ තිබුණු හෙයින් එයට වැඩි අවධානයක් යොමු නොවුනි.
නමුත් එය අනුසාරයෙන් වැඩිදුර පරීක්ෂණ කර තිබෙන මෙම ඇමරිකා පර්යේෂකයින්ගේ උත්සාහය නිසා අද දිනයේ එය සැක නොමැතිව ලියුකේමියා රෝගීන් සුවපත් කළ හැකි ක්‍රමයක් ලෙස යොදා ගැනීමට තරම් ප්‍රගතියක් ලබා ඇත.
මෙම ප්‍රතිකාර ක්‍රමයේදී මුලින්ම රෝගියාගේ සිරුරින් ‘‘ටී‘‘ සෛල ලක්ෂ ගණනක් ලබාගැනේ.අනතුරුව සිදුවන්නේ සැර බාල කරන ලද ඒඩ්ස් වෛරස එම සෛල වලට ඇතුල් කිරීමයි.
මෙසේ වැඩිදියුණු කරන ලද සෛලයන් නැවත වරක් රෝගියාගේ සිරුරට ඇතුල් කිරීම අවසාන පියවරයි.
එයින් පසු මාස කිහිපයක් ගතවීමේදී ලියුකේමියා කාරක පිළිකා සෛලයන් සම්පූර්ණයෙන්ම විනාශව යන බවත් එඩ්ස් වෛරසය ආසාදනය කරන ලද සෛලයන්ද ඒහාම විනාශ වන බවත් පර්යේෂකයින් කියයි.
සැර බාල කරන ලද ඒඩ්ස් වෛරසය ගැනද සඳහනක් කරන ඔවුන් වෛරසය එසේ හඳුන්වන්නේ එහි ආක්‍රමණශීලී හැකියාව පහත බස්වා තිඛෙන නිසා බව පවසයි.මෙනිසා මෙම ප්‍රතිකාර ක්‍රමයෙන් ඒඩ්ස් වැළදෙනු ඇතැයි අනියත බියක් ඇතිකරගත යුතු නැතැයි ඔවුන් සහතික වේ.
ආක්‍රමණශීලී හැකියාව පහත බස්වා ඇතත් මෙම ඒඩ්ස් වෛරසයට එහි ජාන වෙනත් සෛලයන්ට එක් කරවීමේ හැකියාව ඇත.පර්යේෂකයින් තම වාසියට භාවිතා කර ඇත්තේද ඒඩ්ස් වෛරසය සතුවන මේ හැකියාවයි.
ලියුකේමියාකාරක පිළිකා සෛල වලට මෙම ජානයන් එක් වූ පසු ඒවායේ ක්‍රියාකාරීත්වය නැවතී විනාශව යන බව පැවසේ.
ලියුකේමියාව හැරෙන්නට වෙනත් පිළිකා මර්දනය කිරීමට මෙම ප්‍රතිකාර ක්‍රමය යොදාගත හැකිදැයි සොයාබැලීම පර්යේෂක පිරිසගේ මීළග ඉලක්කය වී ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ සුබපැතුම්. ලක්ෂ ගණනකගේ ජිවිත බේරාගන්න පුළුවන් වෙhs (දිල්)
ඉතින් ලියුකේමියා කාරක පිළිකා සෛලයන් අරගන ඒඩ්ස් වෛරසය සහිත පුද්ගලයකුට දුන්නොත් ලියුකේමියා කාරක පිළිකා සෛලයන් වලට ඒඩ්ස් වෛරසය පහසුවෙන් ඇතුලත් කර සෛලයන් විනාශ කරනවිට ඒඩ්ස් වෛරසයද විනාශ වෙලා යනවා නේද ?(හේ)
පිළිකාවට හේතුවන පිළිකාකාරක ලොවෙන් තුරන නොකොට ඔය කරන සෙල්ලම් ඇස්බැන්දුම් විතරක් බව ඔය උගතුන් කියාගන්න පිරිස දැන ගත්තොත් හොඳා. පළමුව ඔය විද්‍යාඥයන්ට හේතුපලවාදය පිලිබඳ අවබෝධයක් ලබාදිය යුතු බව පෙනේ. (බ)
තිවංක රොෂාන් මහත්මයා, ලිපියේ පැහැදිලිවම කියලා තියෙන්නේ ඒඩ්ස් වෛරසයේ "සැර බාල කර" කියලනේ. එතකොට ලියුකේමියාව කියන්නේ ඒඩ්ස් වලට වඩා බාලයි. එකෙන් ඒඩ්ස් මර්දනය කරන්න පුළුවන් උනත් සුව කරන්න බැරුව ඇති. කොහොමහරි ඉතා උතුම් සොයාගැනීමක්. මේ විද්‍යාඥයන්ටත්, මේ සියලු පර්යේෂණ නිසා දිවිදුන් සියලු තිරිසන් සත්වයින්ටත් මේ පින අනුමෝදම් වේවා.! (ර)
මටත් මේ ගැන තව විස්තර දැනගන්න ඕන. මේක තවම ලංකාවට ඇවිත් නැතිව ඇති නේද.? (ර)
සතුටුදායක පුවතක්. (ර)
හොඳ පුවතක්. නමුත් මීට කලිනුත් ඔය වගේ ගොඩක් දේවල් අහන්න ලැබුනා. පස්සේ ඒවාට මොනවා වුණාද දන්නේ නැහැ. (නි)
මේක සින්දාන්තයක්, විසෙන් විස මේරීම , ( ඇක්ෂන් ඇන්ඩ් රිඅක්ෂන් ) එමෙන්ම ආගමෙන් ආගම නැති කිරීම , ජාතිවාදයෙන් තවත් කොටසකගේ ජාතිවාදය ඇති කිරීම , සේම ක්‍රියාවක ප්‍රති ක්‍රියාවක් තිබේ , මේක තේරුන් ගන්න පුළුවන් නම් අද ලෝකය බොහෝ වෙනස් (අ)
මේක ලංකාවට එහෙම ලේසියෙන් එන්නේ නෑ, ඕන කෙනෙකුට මුදල් ගෙවා ඇමෙරිකාවට ගිහින් ප්‍රතිකාර ගන්න පුළුවන් (අ)
එතකොට ඒඩ්ස් රෝගය හැදුණු අයට ලියුකේමියා රෝගය හැදෙන්නේ නැතිද. (දිල්)
මගෙත් සුබ පැතුම් ජිවිත රාශියක් බේරගන්න හැකියාව ලැබීම ගැන (බ)
මිනිසුන්ට හරවත් පණිවුඩ ලබා දීල මිනිස්සු දැනුවත් කරන්න පුලුවන් පුවත් වැඩි වැඩියෙන් පල කරන්න ලංකාදීපයට තවත් හැකියාව ලැබේවා,(අ)